වැලි කඳු
![tiny globe](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/73/Sand_dune_formation.png/220px-Sand_dune_formation.png)
භෞතික භූගෝල විද්‍යාවෙහි, වැලි කන්දක් යනු සුළං හෝ ජල ප්‍රවාහය නිසාවෙන් තැනෙන වැලි හෙලකි. සුළගේ බලපෑම අනුව වැටියේ හැඩය හා ප්‍රමාණය වෙනස්කම් වලට භාජනය වේ. බොහෝ වැටි සුළං මුහුනතේ වැලි ඉහළට එසවීම නිසා දික් හැඩයක් ගන්නා අතර අතුරු මුහුනතේදි බෑවුම කෙටිවේ. වැටි අතර පිහිටන නිම්නය හෝ පල්ලම ස්ලැක් ලෙස හැඳින්වේ. වැටි පිටිය යනු වැලි වැටි බොහෝ සංඛ්‍යාවක් ඇති ප්‍රදේශයකි. මෙවැනි විශාල බිම් අර්ග් ලෙස නම් කෙරේ.
සමහර වෙරළාශ්‍රිත ප්‍රදේශ වල වෙරළ තීරයට සමාන්තර වැටි එකක් හෝ කිහිපයක් දක්නට ලැබේ. බොහෝ ස්ථාන වල මුහුදේ කුණාටු රැළි වලින් සිදුවන විනාශය අවම කර ගැනීමට වැලි වැටි උපකාරී වේ. වඩා පැතිරුණු වැටි පවතින්නේ වෙරළාශ්‍රිතව වුවද ප්‍රමාණයෙන් මහත් වැටි හමුවන්නේ රට තුළ පවතින අතීතයේ විලක් හෝ මුහුදු වෙරළක් ලෙස පැවතුනු වියළි බිම් ප්‍රදේශ වලිනි. වැලි ගං ඉවුරු, බොරළු සහිත ප්‍රදේශ, විශාල මෝය හා මුහුදු ප්‍රදේශ වල ජලය ගලායාමෙන්ද වැලි වැටි ඇතිවේ (දුරියම් ක්‍රියාවලිය)
කාන්තරීකරණය
![tiny globe](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f7/Dune_boarding.jpg/220px-Dune_boarding.jpg)
මාර්ග දෙපස වැලි ගොඩ ගැසීම වළක්වාලිය හැකි එක් ක්‍රමයක් වන්නේ මාර්ග අවට ගස් හා වෙනත් වගාවන් ඇති කිරීමයි. වැලි වැටි මඟින් ඇතිවන ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ මනුෂ්‍ය වාස වල ඉඩ ප්‍රමාණය අඩු කිරීමයි. වැලි වැටි වල පිහිටීම වෙනස් වන ආකාර කිහිපයක් වන අතර මේ සෑම ආකාරයටම සුළඟ උපකාරි වේ.
![tiny globe](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8b/Libya_4608_Idehan_Ubari_Dunes_Luca_Galuzzi_2007.jpg/220px-Libya_4608_Idehan_Ubari_Dunes_Luca_Galuzzi_2007.jpg)
මෙසේ වැලි වැටි චලනය වන එක් ආකාරයක් වන්නේ ප්ලවනයයි. මෙහිදී පොකුණක් මතින් විසි කරන ලද ගලක් ජලය මතින් පැන පැන යන ආකාරයට වැලි අංශු පොළොව මතින් ගමන් කරයි. මෙසේ ගමන් කරන අංශු තවත් වැලි අංශු මත ගැටීම නිසා එම අංශුද චලනය වීමට පටන් ගනී. වැඩි වේගයකින් යුත් සුළඟක් හේතුවෙන් අංශු වාතයේදි ගැටී ඇතිරිල්ලක් ආකාරයට ගමන් කරයි. විශාල වැලි කුණාටු වලදී වැලි වැටි 10m වැනි දුර ප්‍රමාණයක් වුවද මේ ක්‍රමයෙන් චලනය වේ. තවද හිම ආකාරයටම වැලි ද හිමධාව (ඇවලාන්ඩ්) ලෙස සුළගෙන් ආවරණයව ඇති වැටි වල බැවුම් වලින් පහළට වැටේ. මෙමඟින්ද වැටි ඉදිරියට ගමන් කරයි.
අප්‍රිකාවේ ගොඩනැගිලි හා වගාවන්ට වැලි කඳු නිසා තර්ජන ඇතිවේ. මැද පෙරදිග හා චීනයේ වැලි කඳු වාණිජ තෙල් මඟින් පෙඟවීමෙන් එහි චලනය නැවැත්වීමට උත්සාහ කර ඇත.මෙය වැටි වල ජීවත්වන ජීවින්ට ඉතා හානි දායක වන අතර මෙය සඳහා යොදාගන්නා තෙල් සීමිත සම්පතකි. වැලි බාධක ද මේ සඳහා යොදා ගත හැකි නමුත් වඩාත්ම ඵලදායි බාධක නිර්මාණය සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ කෙරෙමින් පවතී. වැලි වැටි මඟින් නගර හා කෘෂිකාර්මික ප්‍රදේශය විනාශ වීම වැළැක්වීම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ප්‍රධාන කාර්යයක් වී ඇත.