වැනේඩිනයිට්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
වැනේඩිනයිට්
බේරයිටීස් මත තද රතු වැනේඩිනයිට් ස්ඵටික,සොයා ගන්නා ලද්දේ, මොරොක්කෝවෙනි (ප්‍රමාණය: 92 මි.මි x 62 මි.මි, 236 ග්‍රෑම්)
CategoryMineral

වැනේඩිනයිට් යනු පොස්පේට් ඛාණ්ඩයේ ඇපටයිට් වලට අයත් ඛනිජයක් වන අතර එහි රසායනික සංයෝගය Pb5(VO4)3Cl වේ. අල්ප ප්‍රභවයක් ලෙස ඊයම්ද, වැනේඩියම් ලෝහයද ලබා ගැනීම සදහා කර්මාන්තයේ බහුලව භාවිතා වන්නේ මෙම ලෝපස් වර්ගයයි. ඝන, භංගුර ඛනිජයක් වන වැනේඩිනයිට් බහුලව දැකිය හැකි වන්නේ ෂඩ්පාදක ස්ඵටික ලෙසිනි. එය ගැලීනා වැනි ඔක්සිකරණය වු ඊයම් ලෝපස් දීර්ඝ කාලීනව තැම්පත් වීම නිසා ඇති වූ දුර්ලභ ඛනිජයකි. පළමුව සොයා ගනු ලැබුවේ 1801 වර්ෂයේ මෙක්සිකෝවේ දී වන අතර, වර්තමානයේ දකුණු ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව සහ උතුරු ඇමරිකාවේ සමහර කොටස් වල වැනේඩිනයිට් නිදි කැනීම් සිදු කරනු ලැබේ.

ආරම්භය[සංස්කරණය]

පෙර සිට පවතින ඝනයක සිදුවන රසායනික විපර්යාසයක් නිසා හට ගන්නා වැනේඩිනයිට් ඉතා දුර්ලභ ඛනිජයකි. එම නිසා මෙය ද්වීතික ඛනිජයක් ලෙස හදුන්වනු ලැබේ. මෙය වියළි දේශගුණයන් හී ඔක්සිකරණය වු ප්‍රාථමික ඊයම් ඛනිජයක් ලෙස දැකිය හැක. වැනේඩිනයිට් විශේෂයෙන්ම ලෙඩ් සල්ෆයිඩ, ගැලීනා ආශ්‍රිතව දැකිය හැක. අනෙකුත් සංඝටිත ඛනිජ ලෙස වල්ෆනයිට්, ලෛමොනයිට් සහ බේරයිට්ස් හැදින්විය හැක.

වැනේඩිනයිට් සොයා ගනු ලැබුවේ ස්පාඤ්ඤ ජාතික ඛනිජ විද්‍යාඥයකු වන ඇන්ඩ්‍රස් මැනුඑල් ඩෙල් රියෝ විසින් 1801 වර්ෂයේදීය. ඔහු මෙම ඛනිජය "brown lead" ලෙස හැඳින්වු අතර එහි අලුත් මුලද්‍රව්‍යයක් අඩංගු බව ප්‍රකාශ කලේය, මෙම මුලද්‍රව්‍යය ඔහු පළමුව පැන්ක්‍රෝමියම් ලෙසද, පසුව ඉරි‍තෝරියම් ලෙසද නම් කලේය. නමුත් පසු කාලයේදී එය අලුත් මුලද්‍රව්‍යයක් නොවන බවත් ක්‍රෝමියම් වලම මලින ආකාරයක් බවත් ඔහු සොයා ගත්තේය. වර්ෂ 1830 දී නීල්ස් ගේබ්‍රියල් සෙෆ්ස්ට්‍රෝම් විසින් අලුත් මුලද්‍රව්‍යයක් සොයා ගන්නා ලදුව එය වැනේඩියම් ලෙස නම් කරන ලදී. පසු කාලයේ දී එය ඇන්ඩ්‍රස් මැනුඑල් ඩෙල් රියෝ විසින් සොයා ගන්නා ලද මුලද්‍රව්‍යයම බවට අනාවරණය විය. වර්ෂ 1838 දී ඩෙල් රියෝගේ "brown lead" සිමපන්, හයිඩල්ගො, මෙක්සිකො හිදී නැවත සොයා ගන්නා ලදුව, එහි ඇති අධික වැනේඩියම් සංයුතිය නිසා වැනේඩිනයිට් ලෙස නම් කරන ලදී. මෙය ජොන්ස්ටොනයිට් සහ ලෙඩ් වැනඩේට් ලෙසද හදුන්වනු ලැබේ.

සිදුවීම්[සංස්කරණය]

වැනේඩිනයිට, ඊයම් බෙයාරිම නිදියේ ඔක්සිභුත කලාපයට අයත් ද්වීතික ඛනිජයක් ලෙස හදුනා ගත හැක, වැනේඩියම් ක්ෂීරණය වන්නේ බිතු සෙල සිලිකේට මගිනි. සංඝටිත ඛනිජ ලෙස මීමටයිට්, පිරොමෝපයිට්, ඩිස්ක්ලොයිසයිට්, මෝට්ට්‍රමයිට්, වුල්ෆනයිට්, සෙරුස්ස්යිට්, ඇන්ග්ලෙසයිට්, කැල්සයිට්, බාරයිට් සහ විවිධ අයන් ඔක්සයිඩ් හදුනා ගත හැක.

වැනේඩිනයිට් නිදි ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, නමීබියාව, මොරොක්කෝව, ආජන්ටිනාව, මෙක්සිකෝව සහ එක්සත් රාජධානියේ ප්‍රාන්ත 4 වන ඇරිසෝනා, කොලොරාඩෝ, නව මෙක්සිකෝව සහ දකුණු ඩකෝටාව ඇතුලුව ලොව පුරා පතිරී තිබේ.

ලොව පුරා පතල් 400 කට අධ්ක ප්‍රමාණයක වැනේඩිනයිට් නිදි පිහිටා තිබේ. සංගණ්‍ය වැනේඩිනයිට් නිදි ලෙස මිබ්ලඩෙන්, මොරොක්කෝ හී ‍ටුයිස්සෙට්, කෝඩෝබා හී ටීසුමෙබ් හා නාමීබියා, ආජන්ටිනා, සයිරා, නව මෙක්සිකෝව සහ එක්සත් රාජධානියේ ගිලා සහ ඇරිසෝනා විශේෂත්වයක් ගනී.

ව්‍යුහය[සංස්කරණය]

වැනේඩිනයිට් යනු රසායනික සූත්‍රය Pb5(VO4)3Cl සහිත ඊයම් ක්ලෝරොවැනේඩේටයකි. එහි සංයුතිය (බර අනුව) ඊයම් 73.15% ක් ද, වැනේඩියම් 10.79% ක් ද, ඔක්සිජන් 13.56% ක් ද, ක්ලෝරින් 2.50% ක් ද වේ. වැනේඩිනයිට් හී පරමාණුක ව්‍යුහය සැලකූවිට එය ක්ලෝරීන් අයනයකින් සමන්විත වන අතර එය අෂ්ටතලයක කොන් වල පිහිටි ද්වීසංයුජ ඊයම් අයන හයකින් වට වී ඇත, ඊයම් අයන එකිනෙක සම්බන්ද වීමෙන් වැනේඩිනයිට් අයනය සෑදේ. ක්ලෝරීන් අයනක් හා ඊයම් අයනයක් අතර දුර පිකෝමීටර 317 වේ. ඊයම් අයන දෙකක් අතර ඇති කුඩාම දුර ඇංග්ස්ට්‍රම් ඒකක 4.48 කි. නොකැඩුනු අෂ්ටතල දාමයක් පවත්වා ගැනීම සදහා එක් අෂ්ටතලයක් යාබදව පිහිටි වැනේඩිනයිට් ඒකකයක මුහුණත සමග සම්බන්ධව පවතී. එක් එක් වැනේඩියම් පරමාණුවක් අවිධිමත් චතුස්තලයක කෝණ ලෙස පිහිටි ඔක්සිජන් පරමාණු හතරකින් වට වී ඇත. එක් එක් ඔක්සිජන් හා වැනේඩියම් පරමාණුවක් අතර දුර ආසන්නව ඇංග්ස්ට්‍රම් ඒකක 1.72 හෝ 1.76 වේ. දාමය පුරාවට ඊයම් අෂ්ටතලයකට ඔක්සිජන් චතුස්තල තුනක් සම්බන්ධව ඇත.

වැනේඩිනයිට් සයකොන් හැඩැති ස්පටිකයක් ලෙස.

වැනේඩිනයිට් ස්පටික කොන් හයක් ඇති සමමිතික පද්ධතියකට අනාකූලතාවයක් දක්වයි. මෙම අභ්‍යන්තර ව්‍යුහය මගින් ස්පටිකයේ කොන් සයක් ඇති බාහිර පෙණුම නිරූපණය වේ. සාමාන්‍යයෙන් මෙය සකොන් ප්‍රිස්මයක් අන්දමෙන් දිස්වේ, නමුත් මේවා සකොන් පිරමීඩ, වටකුරු මූලායව හෝ පෘෂ්ට ලෙසද දැකිය හැක. වැනේඩිනයිට් හී ඒකක සෛලය, සමාන සමමිතියක් සහ ගුණ දක්වන භාජ්‍ය කුඩාම ඒකකය සකොන් ප්‍රිස්ම හැඩයක් දක්වයි. වැනේඩිනයිට් හී ඒකක සෛලයයෙහි එම අණු දෙකක් අඩංගු වේ, එහි මාන සැලකූ විට ෂඩාස්‍රයේ එක් එක් පැත්තේ දිග ඇංග්ස්ට්‍රම් ඒකක 10.331 වන අතර ප්‍රිස්මයේ උස ඇංග්ස්ට්‍රම් ඒකක 7.343 වේ. වැනේඩිනයිට් හී ඒකක සෛලයයෙහි පරිමාව v=a2.c.sin(600) යන සූත්‍රයෙන් (a= ෂඩාස්‍රයේ එක් එක් පැත්තේ දිග, c= ප්‍රිස්මයේ උස) ලබා ගත හැකි අතර එය ඝන ඇංග්ස්ට්‍රම් ඒකක 678.72 වේ.

ලක්ෂණ[සංස්කරණය]

පොස්ෆේට් කාණ්ඩයට අයත් ඇපටයිට් හී වැනේඩිනයිට් අඩංගු වේ. එය ලෝහ සමඟ රසායනික ශ්‍රේණියක් සාදන අතර, එහි ප්‍රොමොපයිට් (Pb5(PO4)3Cl), මිමෙටයිට් (Pb5(AsO4)3Cl) සහ එම දෙකම සහිතව සාදන ඝන ආක්ෂේපණද අඩංගු වේ. සමහර රසායනික ශ්‍රේණිවල ලෝහ අයන ආදේශක අඩංගු වන නමුත් මෙම ශ්‍රේණිය පොස්පේට් (PO4), ආසනේට් (AsO4) සහ වැනඩේට් (VO4) වැනි ඇනායන ආදේශය කරයි. වැනේඩිනයිට් හී අඩංගු පොදු අපද්‍රව්‍ය ලෙස පොස්පරස්, ආසනික්, කැල්සියම් හඳුනාගතහැක, මේවා වැනේඩියම් වලට සමරූපී ආදේශකයක් ලෙස ක්‍රියා කරයි. වැනේඩිනයිට් හී අපද්‍රව්‍ය ලෙස අධික ආසනික් ප්‍රමාණයක් අඩංගු වන විට එය එන්ඩ්ලිචයිට් ලෙස හදුන්වයි.

සාමාන්‍යයෙන් වැනේඩිනයිට් හී වර්ණය දීප්තිමත් රතු හෝ තැඹිලි-රතු පැහැයකි, නමුත් සමහර අවස්ථාවන්හි දී දුඹුරු, රතු-දුඹුරු, අළු, සුදු පැහැයන් වලින්ද අවර්ණ ලෙසද දැකිය හැක. එහි ඇති විශේෂ පැහැය නිසා එය ඛනිජ ‍රැස් කරන්නන් අතර ඉතා ජනප්‍රිය වේ. එහි වයිරම් දීප්තියෙන් අඩු කහ පැහැයක් හෝ දුඹුරට හුරු කහ පැහැයක් ගනී. වැනේඩිනයිට් සමහර අවස්ථාවන්හි දී පාරදෘශ්‍ය, පාරභාසක හෝ පාරාන්ධ විය හැක, එමෙන්ම එහි කාන්තිය අරාලීය අවස්ථාවේ සිට වජ්‍රමය අවස්ථාව දක්වා වෙනස් වේ. වැනේඩිනයිට් අසමවර්තී වේ, එනම් විවිධ අක්ෂ ඔස්සේ මනින විට එහි ගුණ විවිධ වේ. අසමවර්තී අක්ෂයට ලම්බකව හා සමාන්තරව මිනුම් ලබා ගත් විට වර්තන අංක පිළිවෙලින් 2.350 හා2.416 වේ. මෙමගින් එයට 0.066 ක ද්විවර්තනයක් ලැබේ.

වැනේඩිනයිට් භංගුර සහ සුළු උත්පාදනයක් සහිත වන අතර බිඳුණු විට ශංඛාභ කොටස් බවට පත් වේ. එහි දැඩිබව මෝ පරිමාණයේ 3-4 අතර වේ, එමෙන්ම තඹ කාසියට සමාන වේ. වැනේඩිනයිට් පාරභාසක ඛනිජයක් ලෙස ගැනීම දුෂ්කරය. එහි මවුලික ස්කන්ධය මවුලයට ග්‍රෑම් 1416.27 වන අතර එහි ඇති අපද්‍රව්‍ය හේතුවෙන් විශිෂ්ට ගුරුත්වය 6.6 හා 7.2 අතර වෙනස් විය හැක.

භාවිත[සංස්කරණය]

මොරොක්කෝවේ මිබ්ලඩේන් වලින් සොයා ගත් වැනේඩිනයිට් ස්පටික.

කානොටයිට් සහ රොස්කෝලයිට් හැරුණු විට වැනේඩියම් මූලද්‍රව්‍ය ලබා ගැනීමට බහුලව භාවිතා වන කාර්මික ලෝපස් වර්ගය වැනේඩිනයිට්ය, භස්මීකරණය හා ලෝහ උණු කිරීම මගින් මෙය ලබාගත හැක. ඇතැම්විට වැනේඩිනයිට් ඊයම් ප්‍රභවයක් ලෙසද භාවිතා කරණු ලැබේ. වැනේඩියම් නිස්සාරණය කිරිමේ පොදු ක්‍රමය ආරම්භවූයේ වැනේඩිනයිට් ලුණු (NaCl) හෝ සෝඩියම් කාබනේට් (Na2CO3) සමඟ සෙල්සියස් අංශක 850 ක පමණ උෂ්ණත්වයකට රත් කර සෝඩියම් වැනේඩේට් (NaVO3) සාදාගැනීම මගිනි. ඉන් පසු මෙය ජලයේ ද්‍රාවණය කර ඇමෝනියම් ක්ලෝරයිඩ් සමඟ පිළියම් කිරීමෙන් තැඹිලි පැහැ අවක්ශේපයක් වන ඇමෝනියම් මෙටාවැනේඩේට් සාදාගනී. මෙම අවක්ශේපය වැනේඩියම් පෙන්ටොක්සයිඩ් (V2O5) හී රොළු අවස්ථාවකට පත් වන තෙක් විලීන කර ගනී. වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කැල්සියම් සමඟ ඔක්සිහරණය කිරීමෙන් පිරිසිදු වැනේඩියම් සදාගත හැක.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වැනේඩිනයිට්&oldid=289341" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි