වායුගෝලීය දූෂණය
අප වටා ඇති හිස් අවකාශය වායුගෝලයයි.මෙහි විවිධ වායු වර්ග ඇත.තවද මෙම වායුගෝලය තුළ විවිධ චක්‍ර වර්ග අඩංගු වේ.ඒවා නම් ඔක්සිජන් චක්‍රය, කාබන්ඩයොක්සයිඩ් චක්‍රය ,ජල චක්‍රය වශයෙන් වේ.මේවා ස්වභාවික චක්‍ර ලෙස ක්‍රියා කරයි.මේවාට අනුකූල නොවන ආකාරයට වායුගෝලයේ කොටස් නිදහස් කරීම මෙන්ම අමතර වායූන් මෙන්ම වෙනත් ඝණ අංශු වර්ග වායුගෝලයට නිදහස් කිරීම සිදුවෙයි.මෙමඟින් වායුගෝලයේ තුල්‍යතාවය බිඳවැටේ.මෙය වායුගෝලීය දූෂණය නම් වේ. වෙනත් ලෙසකින් කිවහොත් වායු දුෂණය යනු, සෞක්‍යයට හානිදායක, පරිසරයට අහිතකර බලපෑම් ඇති කරන හා ස්වභාවික ක්‍රියාකාරිත්වයට බලපාන ද්‍රව්‍ය සහ ශක්තිය නිදහස් කිරීම නිසා වාතයේ තත්වය පිරිහී යාමයි.
වායු දුෂක සහ ඒවායේ ප්‍රභව[සංස්කරණය]
[සංස්කරණය]- කර්මාන්ත - CO, CO2, SO2, NO2, CFC, බර ලෝහ වර්ග, දුම් වර්ග, හයිඩ්රෝකාබන් වර්ග
- කෘෂිකර්මාන්තය - පලිබෝධනාශක (කෘමි නාශක, දිලීර නාශක, වල් නාශක)
- වනාන්තර ගිනි තැබීම - CO2, CO, දුම් වර්ග
- ස්වභාවික හේතුන්
- වනාන්තර වල ලැව් ගිනි - CO2, CO, දුම් වර්ග
- ගිනි කඳු පිපිරීම් - CO2, CO, දූවිලි
- සුළඟ - දූවිලි
- වගුරු බිම් වල ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයන් - CH4
- ගෘහස්ත ක්‍රියාකාරිත්වයන්
- පොසිල ඉන්ධන දහනය - CO2, CO, දුම් වර්ග
- දර දහනය - CO2, CO, දුම් වර්ග
- කැලි කසල දහනය - CO2, CO, දුම් වර්ග
වායුගෝලීය දූෂණයට බලපාන වායු වර්ග[සංස්කරණය]
[සංස්කරණය]වායු වර්ගය | ඇතිවන ආකාරය | බලපෑම |
---|---|---|
කාබන්මොනොක්සයිඩ් | දැව හා ඉන්ධන අර්ධ දහනය වීම නිසා | සතුන්ගේ වායු සංසරණයට බාධා ඇති වේ. |
කාබන්ඩයොක්සයිඩ් | ඉන්ධන දහනය, පෙට්‍රල්, භූමිතෙල්,ගල්අගුරු | හරිතාගාර වායුවක් නිසා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යයි. |
සල්පර්ඩයොක්සයිඩ් | ඉන්ධන දහනය, ගල්අගුරු දහනය | විෂ වායුවකි.ස්වසන ආබාධ අධික දුර්ගන්ධය, අම්ල වර්ෂා ඇති කරයි |
නයිට්‍රජන්ඩයොක්සයිඩ්,නයිට්‍රජන්ඔක්සයිඩ් | ගල් අගුරු ඛනිජතෙල් ,දහනය නයිට්‍රජන් අඩංගු පොහොර භාවිතය | අම්ල වර්ෂා ඇති කරයි.ඕසෝන් වියනට හානි සිදුවීම |
ක්ලෝරොෆ්ලූරොකාබන් | ශීතකරණ හා වායුසමීකරණ වල | ඕසෝන් වියනට හානි සිදුවීම |
කාබන්ටෙට්රාක්ලෝරයිඩ්,මෙතිල්බ්‍රෝමයිඩ් | ඕසෝන් වියනට හානි සිදුවීම | |
හයිඩ්‍රොකාබන් | ඉන්ධන වල අර්ධ දහනය | ස්වසන ආබාධ ඇති කරයි |
දූවිලි අංශු | රථවාහන ධාවනය,කලුගල් පිපිරවීම | ස්වසන ආබාධ ඇති කරයි |
ඊයම් අංශු | ඊයම් සහිත පෙට්‍රල් දහනය | පිළිකා ඇති වීම |
අහිතකර වායු වර්ග වායුගෝලයට නිදහස් වන්නේ[සංස්කරණය]
[සංස්කරණය]- අධික කාර්මීකරණය
- රථවාහන භාවිතය අධික ලෙස වැඩිවීම නිසාය
වායුගෝලීය දුෂණයෙන් ඇතිවන අහිතකර බලපෑම්[සංස්කරණය]
[සංස්කරණය]01.හුස්ම ගැනීමේ අපහසුතා
02.ඇස් දැවිල්ල ඇතිවීම
03.ස්වසන මාර්ගය හා රුධිරය ආශ්‍රිත රෝග
04.මන්ද බුද්ධික දරුවන් බිහිවීම
05.ස්නායු ආබාධ ඇතිවීම
06.බෙලහීනතා තත්ව
07.පිලිකා තත්ව
කාබන්මොනොක්සයිඩ් වල බලපෑම[සංස්කරණය]
[සංස්කරණය]- රුධිරයේ ඔක්සිජන් පරිවහන ධාරිතාව අඩු කරයි.
- උත්තේජන සංජානනය (දැනීම) දුබල වීම.
- දෘෂ්ටියට බාධා ඇති වීම.
- නිදිමත ඇති වීම.
- පේශි සමායෝජනය දුර්වල වීම.
- ඔක්කාරය
- දිගු කාලයක් ඉහළ කාබන්මොනොක්සයිඩ් සාන්ද්‍රණ වලට නිරාවරණය වීම මරණය ඇති කරයි.
සල්ෆර්ඩයොක්සයිඩ් වල බලපෑම[සංස්කරණය]
[සංස්කරණය]- ඇදුම
- බ්‍රොන්කයිටිස්
- පෙනහළු පිළිකා ඇති වීම.
- අම්ල වැසි ඇති වීම.
නයිට්රජන්ඩයොක්සයිඩ් වල බලපෑම[සංස්කරණය]
[සංස්කරණය]- රුධිරයේ ඔක්සිජන් පරිවහන ධාරිතාව අඩු කරයි.
- උග්‍ර පුප්පුශීය ශෝටය. (පෙනහළු තුළ තරල එක් රැස් වීම.)
- ප්‍රභා රසායනික දුමාරය
හයිඩ්රෝකාබන් වල බලපෑම[සංස්කරණය]
[සංස්කරණය]- ප්‍රභා රසායනික ධුමිකා ඇති කරයි.
- ඇස් වල උද්දිපතාව ඇති කරයි.
- නිදිමත ඇති කරයි.
- ඇතැම් විට පිළිකා කාරක විය හැක.
- සමහරක් පෙනහළු පිළිකා ඇති කරයි.
CFC වල බලපෑම[සංස්කරණය]
[සංස්කරණය]පොලොව මට්ටමේදී හානියක් නැත. නමුත් ඉහළ වායු ගෝලයේදී ඕසෝන් ස්ථරයට හානි කරයි.
අතිරික්ත කාබන්ඩයොක්සයිඩ් වල බලපෑම[සංස්කරණය]
[සංස්කරණය]හරිතාගාර ආචරණය වැඩි කිරීම මගින් ගෝලීය උණුසුම වැඩි කරයි.
ඕසෝන් වායුවේ බලපෑම[සංස්කරණය]
[සංස්කරණය]මෙය ද්විතියික පරිසර දුෂක වායුවකි. මේවා, පොසිල ඉන්ධන දහනයේදී නිදහස් වන හයිඩ්රෝකාබන සුර්යයාලෝකයේ ඇති UV කිරණ සමඟ ප්‍රතික්‍රියා කර ප්‍රබල ඔක්සිකාරක ගුණයක් ඇති ද්විතියික දුෂක සෑදේ. මෙම ද්විතියික දුෂක නැවත ප්‍රාථමික දුෂක සමඟ ප්‍රතික්‍රියා කර ඕසෝන්, පෙරොක්සි ඒසයිල් නයිට්රේට (PAN) වැනි ප්‍රභල වායු දූෂක සෑදේ.
- ඕසෝන් මගින්,
- සතුන්ට ශ්වසන රෝග ඇති කරයි.
- කැස්ස, හුස්ම හිර වීම.
- නිවුමෝනියා තත්ත්ව.
- ඇදුම වැඩි වී පෙනහළු ක්‍රියාකාරිත්වයට බාධා කිරීම.
- ශ්වසන රෝග වලින් පීඩා විඳින අයට මෙය වඩාත් හානි කරයි.
අංශුමය ද්‍රව්‍ය නිසා ඇති වන බලපෑම[සංස්කරණය]
[සංස්කරණය]- ශ්වසන රෝග ඇති කිරීම.
- පිළිකා කාරක වීම.
- පෘථිවියට ලැබේ සූර්ය කිරණ ප්‍රමාණය අඩු කිරීම.
වායු දුෂණය නිසා ඇති වන (ගෝලීය) පාරිසරික ගැටළු[සංස්කරණය]
[සංස්කරණය]- අම්ල වැසි ඇති වීම.
- ඕසෝන් ස්ථරය ක්ෂය වීම.
- හරිතාගාර ආචරණය.
- ප්‍රකාශ රසායනික ධුමිකාව.
අම්ල වැසි ඇති වීම[සංස්කරණය]
[සංස්කරණය]අම්ල වැසි ඇති වීම යනු, මිනිසාට, වෙනත් ජීවීන්ට හා පරිසර පද්ධති වලට හානිකර තරමටම ආම්ලික වූ (PH අගය 5.2 ට අඩු) ජලය, හිම හෝ පිණි පතනය වීමයි. වායු දුෂණය නිසා වායු ගෝලයට එකතු වන සල්ෆර්ඩයොක්සයිඩ් හා නයිට්රජන්ඩයොක්සයිඩ් වැනි වායු වර්ෂා ජලයේ දිය වීම නිසා සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය ප්‍රතිඵල වේ. මේවා වැසි ජලය, හිම හෝ පිණි වල දිය වී අම්ල වැසි ඇති වේ.
අම්ල වැසි වල බලපෑම[සංස්කරණය]
[සංස්කරණය]- වනාන්තර විනාශ වීම.
- පස ආම්ලික වීම.
- Ca, Mg වැනි ලෝහ ක්ෂීරණයට ලක් වේ. මේ නිසා ශාක වලට මුල ද්‍රව්‍ය ඌන වී වර්ධනය බාල වේ.
- බැර ලෝහ දිය වී ශාක මගින් අවශෝෂණය කරයි.
- ක්ෂීරණය වන ලෝහ අයන ජල මාර්ග ඔස්සේ මිරිදිය ජලාශ වලට එකතු වේ.
- ජලාශ ආම්ලික වීම නිසා මිරිදිය ජීවීන් මරණයට පත් වේ. මත්ස්‍ය බිත්තර විනාශ වේ.
- ජෛව විවිධත්වය අඩු වේ.
- පාංශු ක්ෂුද්‍ර ජීවීන් ගේ වියෝජන ක්‍රියා වලියට බාධා ඇති වේ. (ඛනිජ චක්‍රීකරණයට බාධා ඇති වී පස නිසරු වේ.)
- ලෝහමය ප්‍රතිමා, කිරිගරුඬ ප්‍රතිමා, හිරිගල් ප්‍රතිමා ඛාදනයට ලක් වෙමින් පවතී.
ඕසෝන් ස්ථරය ක්ෂය වීම[සංස්කරණය]
[සංස්කරණය]අපවර්තී ගෝලය තුළ ඕසෝන් ස්ථරය පිහිටයි. ඔසොන්ස්තරය මගින් සුර්යාලෝකයේ කෙටි තරංග ආයාම සහිත UV කිරණ වලින් 97% - 99% ප්‍රමාණයක් අවශෝෂණය කර ගනී. මේ නිසා පොළොවට ලැබෙන UV කිරණ වලින් 99% ක් ම දිගු තරංග ආයාම සහිත UV කිරණ වේ. මේවා කෙටි තරංග ආයාම සහිත UV කිරණ තරම්ම හානිකර නොවේ. මිනිසා ඇතුළු අනෙකුත් ජීවීන්ට ඕසෝන් ස්ථරය නිසා ආරක්ෂාවක් ලැබේ. මෙම ස්ථරයට හානිදායක වන ප්‍රධානම වායු දුෂකය CFC වේ. වායු සමීකරණ යන්ත්‍ර, ශීතකරණ අලුත්වැඩියා වේදී හා ඉසින සුවඳ විලවුන් ආදියෙන් ලැබෙන CFC ක්‍රමයෙන් ඉහළ අවකාශයට ගමන් කර ඕසෝන් ස්ථරය බිඳ දමයි. එවිට කෙටි තරංග ආයාම සහිත UV කිරණ වැඩි ප්‍රමාන වලින් පෘථිවියට ලැබේ.
ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා ඇති වන බලපෑම්[සංස්කරණය]
[සංස්කරණය]- චර්ම පිළිකා ඇති වීම.
- ඇසේ සුද ඇති වීම.
- ජලාශ වල ශාක ප්ලවාංග ප්‍රමාණය අඩු කරයි.
- භෞමික ශාක වල ප්‍රභාසංස්ලේෂණය අඩු කරයි.
හරිතාගාර ආචරණය[සංස්කරණය]
[සංස්කරණය]- පෘථිවියට ලැබෙන සුර්යයාලෝකය කෙටි තරංග ආයාම සහිත කිරණ වලින් ලැබේ.
- මෙයින් 50% ක් පමණ වලාකුළු මගින් පරාවර්තනය කර නැවත අභ්‍යවකාශයට නිදහස් කරයි.
- ඉතිරි 50% පෘථිවි පෘෂ්ටය සහ එහි ඇති දේවල් මගින් අවශෝෂණය කරයි.
- මේ නිසා පෘථිවි පෘෂ්ටය සහ එහි ඇති දේ උණුසුම් වේ.
- උණුසුම් වු පෘථිවි පෘෂ්ටය හා එහි ඇති දේ වලින් දිගු තරඟ ආයාම සහිත IR කිරණ නිදහස් කරයි.
- මෙම IR කිරණ H2O, CO2, CH4, O3, N2O සහ CFC යන වායූන් මගින් අවශෝෂණය කරයි.
- මේ නිසා වායුගෝලය උණුසුම් වේ.
- මෙම වායු හරිතාගාර වායු නම් වේ.
- මෙම වායූන් මගින් අවශෝෂණය කරන IR කිරණ නැවත සාම දිශාවකටම නිදහස් කරයි.
- ඉහලට නිදහස් කරන කිරණ අභ්‍යවකාශයට ගමන් කරයි.
- පහලට නිදහස් කරන කිරණ නිසා වායුගෝලයේ පහල කොටස් උණුසුම් වේ.
- මෙම සංසිද්ධිය හරිතාගාර ආචරණයයි.
- මේ නිසා ගෝලීය උණුසුම වැඩි වේ.
ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇති වන අහිතකර බලපෑම්[සංස්කරණය]
[සංස්කරණය]- ධ්‍රැව ප්‍රදේශ වල අයිස් කඳු හා ග්ලැසියර දිය වීම.
- සාගර ජාල මට්ටම ඉහළ යාම.
- මුහුද ආසන්නයේ පහත බිම්, වෙරළ ජලයෙන් යාට වීම.
- ජෛව විවිධත්වයට හානි වීම.
- වෙරළාසන්න ධීවර කරමාන්තයට බලපෑම් ඇති වීම.
- වර්ෂාපතන රටාව, සුළං රටාව වෙනස් වීම.
- සුළි සුළං ආදී තත්ත්ව ඇති වීම. (විවිධ දේශගුණික සාධක වෙනස් වීම.)
- නියං තත්ත්ව වැඩි වීම, වාරි මාර්ග ඉල්ලුම වැඩි වීම.
- ලැව් ගිනි ඇති වීම.
- මිනිසාගේ සෞක්‍යය කෙරෙහි උෂ්ණත්වය නිසා ඇති වන රෝග මගින් කරන බලපෑම වැඩි වීම.
- නිවර්තන කලාප වල ඇති රෝග සෞම්‍ය කලාප වලට පැතිරී යාම.
- වැඩි වන උෂ්ණත්වයට අනුවර්තනය විය නොහැකි ජීව විශේෂ නෂ්ට වීම.
- වෘක්ෂ ලතා වල සංයුතිය හා ව්‍යාප්තිය වෙනස් වීම.
ප්‍රකාශ රසායනික ධුමිකාව[සංස්කරණය]
[සංස්කරණය]දුම් සහ මීදුම එකතු වීම නිසා ධුමිකා ඇති වේ. වාහන වල පොසිල ඉන්ධන අසම්පුර්ණව දහනය වීම නිසා කුඩා අංශු නිදහස් වේ. තවද වායුගෝලයේ උෂ්ණත්වය අඩු වීම නිසා මීදුම ඇති වේ. මෙම කුඩා අංශු සහ මීදුම එකට එකතු වී ධුමිකා ඇති වේ. මෙය ප්‍රභා රසායනික ධුමාරයයි. මෙය කර්මාන්ත අධික සෞම්‍ය කලාපික ප්‍රදේශ වල බහුලය.
- ශ්වසන අපහසුතා
- ශ්වසන රෝග
- පිළිකා තත්ත්ව