වානිජ වාදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Lorrain.seaport.jpg

වානිජ වාදය ආර්ථික න්‍යායකි. ලෝක ආර්ථිකය සහ අන්තර්ජාතික වෙළඳාම රටකට වෙනස් කළ නොහැකි බැවින් ජාතියක සෞභාග්‍ය එරටෙහි ප්‍රාග්ධනය මත පදනම් වේ.මෙම අදහස් මත පදනම් වන රාජ්‍ය ආරථික ප්‍රතිපත්තියද සමහර අවස්ථාවන්හිදී වානිජ වාදය යනුවෙන් හඳුන්වයි.නමුත් එය නියම ලෙස හඳුන්වනු ලබන්නේ වාණිජ්‍ය පද්ධතිය ලෙසිනි.අනෙක් අය වානිජ්‍ය වාදය වෙනස් ආර්ථික පද්ධතියක් ලෙස සලකන අතර ඇතැම් විද්වතුන් ආරම්භක ධනවාදයෙහි අනු කොටසක් හෝ ඊට සමාන අර්ථයකින් වාණිජ්‍ය පද්ධතිය තේරුම් ගන් ලබයි. අනෙක් ජාතීන් සමඟ ධන වෙළඳ ශේෂයක් තුළින් ඉතා හොඳින් වර්ධනය කළ ආර්ථික වත්කම් හෝ ප්‍රාග්ධනය රජය විසින් ග්‍රහණය කරගත් ගන රන් හා රිදී (රත්රන් , රිදී සහ වෙළඳ අගය) මගින් නියෝජනය කරයි.(අපනයන වලින් ආනයන අඩු කිරිම ) විශේසයෙන්ම තීරු බදු භාවිතය මගින් අපනයන දිරිමත් කිරීමෙන් හා ආනයන අධෙර්යමත් කිරීම මගින් මෙම ඉලක්ක දියුණු කිරීම සඳහා පාලන රජය ආර්ථිකය තුළ ආරක්ෂන වාදියාගේ භූමිකාව රඟ දැක්විය යුතු බව වානිජ්‍ය වාදය මගින් යෝජනා කරයි. රෝමානු අධිරාජයේ වානිජ ධන වාදයේ සලකුණු සොයා ගත හැකි වුවත් 16 වන ශත වර්ෂයේ සිට 18 වන ශත වර්ෂය දක්වා නවින කාල පරිඡේදයේ මුල් කාලයේදි වානිජ්‍යය වාදය ඇති කරන ලදී. ජාතික රජයන්ගේ මතු වීමද සිදු වුයේ මෙම කාල වකවානුවේදීය.මෙය සැළකිය යුතු මට්ටමේ රාජ මැදි හත් වීම් සහ වෙළඳපොළ ආර්ථිකයන් පාලනයේ මුල්ම උදාහරණ ඇති වීමට හේතු විය.එමෙන්ම මෙම කාලය තුළදී බොහෝ නවීන ධන වාදී පද්ධතීන් පිහිටු වන ලදී.යුරෝපා බලවතුන් දැනට තිබෙන වෙළඳවපාළවල් සදහා තරග කිරීම හේතුවෙන් ජාත්‍යන්තරව වානිජ වාදය මෙම කාලයේදී බොහෝ යුරෝපීය යුධමය තත්වයන් ඇති වීම හා යුරෝපා අධිරාජ්‍ය වාදය ඇති වීම දිරිමත් කරන ලදී.

ඇඩම් ස්මිත්ගේ (Adamsmith) සහ අනෙක් ආචීර්ණ කල්පිත ආර්ථික විද්‍යාඥයන්ගේ තර්ක බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ප්‍රසාදය ලැබීම හේතුවෙන් (රිචඩ් කොබ්ඩෙන් එවැනි අධිවාචකයන් අතර වේ.) සහ ඉතිරි යුරෝපීය රටවල අඩු මට්ටමකට (19 වන ශත වර්ෂය සහ 20 වන ශත වර්ෂය මුළුල්ලේ ප්‍රසාදයට පත් වූ ‍ඓතිහාසික ආර්ථික විද්‍යා පාසල පිහිටි ජර්මනිය හැරෙන්නට) පැවතීම හේතුවෙන් 18 වන ශත වර්ෂයේ අග භාගයේදී වානිජ වාදයට එරෙහිව විවේචන ඇති වීම ඇරඹුනි.”ඇමරිකානු ගුරුකුලයෙහි “ ( American School) අන්තර්ගත නව වානිජ වාදයේ ආකෘතියට ඇති වඩා කැමැත්ත හේතුවෙන් ඇමරිකාව ආචීර්ණ කල්පිත ආර්ථික විද්‍යෘව නොපිළි පැදීමට තෝරා ගත් බව ඇතැමෙක් පවසයි. නමුත් බ්‍රිතාන්‍යයට අන්තර්ජාතික වෙළඳාම දුයුණු කිරීම සඳහා 1792 දී ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ඇඩම්ස්ම්ත්ගේ අධ්‍යනයන් මත ප්‍රත්පත්ති පදනම් කර ගනිමින් රන් මිනුමක් අනුකූලතාවය සඳහා සැළසුම් කරන ලදී.බලවත් පරිහානියට ප්‍රථම ඇමරිකාව රන් මිනුමෙන් ඉවතට බොහෝ වාරයක් ගමන් කරන ලදී.නමුත් සැම විටම හැමිල්ටන්ගේ රන් මිනුම දෙසට නැවත පැමිණෙන ලදී.රත්රන් වල පෞද්ගලික අයිතිය අත් හිටු වීමෙන් සහ ඉහළ ආරක්ෂණවාදී බදු අය කිරීම මගින් නව වානිජ වාදය නැවත ඇති කිරීමට බලවත් ආර්ථික පරිහානිය හේතුවක් විය.අවසානයේ අලුත් ගණුදෙනුව අතරතුරදී රජයේ නව වානිජවාදීත්ව කැමැත්ත පදනම් කර ගනිමින් මුදල් අවප්‍රමාණය කරන ලදී.මූලමය වටිනාකම තීරණය කරන වෙළඳ අතිරික්තය හා හිඟය ඉලක්ක කරන ආරථික න්‍යායන් පුනර්ජීවනය කරන්නක් ලෙස අද වන විට වානිජ වාදය දක්වනු ලබයි.නමුත් සමස්තයක් ලෙස බෝහෝ ආර්ථික විද්‍යාඥයින් විසින් වානිජ වාදය බැහැර කරනු ලබයි. කෙසේ නමුත් රවිබාට්රා, පැච්චොස්ට් (Patchoate), එමොන් ෆින්ජල්ටොන් (Eammonfigletol) සහ පුවත්පත් කලාවේදී මයිකල් ලින්ට් වැනි ඇතැම් ආර්ථික විද්‍යාඥයින් තවමත් වැනිජ වාදයේ අංගයන් පිළිගනු ලබයි.

"http://si.wikipedia.org/w/index.php?title=වානිජ_වාදය&oldid=250257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි