වාග් විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වාග් විද්‍යාව යනු භාෂාව පිළිබද විද්‍යාත්මක අධ්‍යයනයයි. සාමාන්‍ය (හෝ න්‍යායාත්මක) වාග් විද්‍යාව තුළ භාෂාවේ සංයුතිය (ව්‍යාකරණය) සහ අර්ථය (ශබ්චාර්, විද්‍යාව) වැනි උප ක්ෂේත්‍ර කිහිපයක් අන්තර්ගත ව්‍යාකරණ අධ්‍යයනය කුල රූප විද්‍යාව (වචන නිර්මාණය සහ වෙනස්විම්) සහ පද ගැලපුම (වාක්‍ය ඛණ්ඩයන් සහ වාක්‍ය ලෙස වචන එකතුවන ආකාරය නිශ්චය කරනු ලබන රීතින් ඇතුලත් වේ). මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් කොටස් වනුයේ ශබ්ද ක්‍රම සහ සාරාංශ ශබ්ද ඒකක අධ්‍යනය කරන ශබ්ද විද්‍යාව සහ කථන ශබ්ද ඒකක අධ්‍යනය කරන ශබ්ද විද්‍යාව සහ කථන ශබ්දයන්හි අඩංගු මුලික ලක්ෂණ (ඇමතුම්) භාෂා නොවන ශබ්දයන් සහ ඒවා නිපැයන්නේ සහ තේරුම් ගන්නේ කෙසේද යන්න පිලිබද අධ්‍යයනය කිරිමයි.

වාග් විද්‍යාව භාෂාවක් සංසන්දනය කරන අතර, සංසන්දනාත්මක වාග් විද්‍යාව(භාෂාවෙහි විශ්ව ගුණාංගයන් සොයා ගැනිමට සහ ඒවායේ මුලාරම්භය හා සංවර්ධනයට හේතු දැක්විම) සදහා ඒවායේ ඉතිහාසය ගවේෂණය කරයි. ව්‍යවහාරික වාග් විද්‍යාව මගින් විදේශ භාෂා ඉගැන්විම , කථන චිකිත්සාව, පරිවර්තනය සහ කථන ව්‍යාධිවේදය යනාදි අංශයන්හි වාග් විද්‍යව න්‍යයායන් භාවිතයේ යෙදවේ. මෙම විෂය අධ්‍යයනය කරන්නෙක් වාග් විද්‍යඥ‍යෙක් ලෙස හැදින්වේ.

වාග් විද්‍යාත්මක විමර්ශනය විශාල ලෙස වෙනත් විශේෂඥතාවයන් දරන්නන් විසින් සිදු කල හැකිය. රස් රයිමර් විසින් කර ඇති පහත ප්‍රකාශයෙන් දැක්වෙන පරිදි ඒ සියළු දෙන අතර එකමුතු එකතාවයක් නොතිබිය හැකිය.

"ශාස්ත්‍රිය විෂයයන් අතරින් වාග් විද්‍යාව යනු ඉතාමත් උණුසුම් ලෙස වාද විවාද කරන ලද විෂයක් වෙයි. එය භාෂා විද්‍යාඥයන්ගේ ලබාගත හැකි ඕනෑම ලේ ප්‍රමාණයක් සමග, කවීන්ගේ දේව ධර්මයන්ගේ, දර්ශනවදි‍න්ගේ, වාග් විද්‍යාඥයින්ගේ, මානසික විද්‍යායින්ගේ, ජිව විද්‍යාඥයින්ගේ, මානව විද්‍යාඥයින්ගේ සහ ස්නායු විද්‍යාඥයින්ගේ ලේ වලින් තෙත් වී ඇත.-Russ Rymer Annals of Science, " A silent Childhood The new York , April 13, 1992 P. 48




සටහන්[සංස්කරණය කරන්න]

මිනිස් භාෂා පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනය, වාග් විද්‍යාව ලෙස හඳුන්වනු ලබයි. වාග්විද්‍යාව

භාෂාව මිනිස් වර්ගයා විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම උපකරණය භාෂාවයි. මිනිසා උරුම කරගත් මහඟු දායාදය ද වන භාෂාව ඔහු විසින් සිදු කරනු ලබන සමස්ත කාර්ය ක්‍ෂේත‍්‍රය කෙරෙහි බලපාන තීරණාත්මක සාධකය ද වෙයි. මිනිස් ජීවිතයේ හදවත ද භාෂාවයි. (Language is at the heat of human life)මිත‍්‍ර සන්ධාන ගොඩනැගීම, මනාව පවුල හා සම්බන්ධතා පැවැත්වීම, ආදරය කිරීම, සම්බන්ධතා ගොඩ නැගීම, ආගමික දේශපාලනික විශ්වාස, අදහස් ආදිය දැරීම වැනි සුවහසක් කාර්ය මිනිසා විසින් සිදු කරනු ලබනුයේ භාෂාව මගිනි. ඇතැම් භාෂාත්මක නොවන කාර්ය සේ සැලකෙන ආහාර පාන සකස් කිරීම, ලිංගික කාර්ය, වාදනය වැනි කාර්ය ද භාෂාත්මක පදනම මත සිදු වෙයි. මේ නිසා භාෂාවෙන් තොර පුද්ගල කි‍්‍රයාකාරීත්වයක් අපේක්ෂා කිරීම දුෂ්කර ය.

‘‘භාෂා’’ යන්න කථා කිරීම යන අර්ථය සහිත භාෂ්’ ධාතුව හෙවත් කි‍්‍රයා මූලයෙන් උපන් කෘදන්ත රූපයකි. කථා කිරීම භාෂාවේ ප‍්‍රාථමික කාර්යය වන අතර ලේඛනය ද්විතීයක හා කෘති‍්‍රම වූයේ වෙයි. ලේඛනය හා භාෂණය භාෂාව ඉදිරිපත් වන ක‍්‍රම දෙකයි. ස්වභාෂකයකු (Native speaker) (සිය භාෂාව භාවිත කරනුයේ අවිඤ්ඤාණකව ය. එනම් භාෂකයා තමා භාෂාවක් දන්නා බව දන්නේ නමුදු දන්නේ කුමක් දැයි නොදනී. එනිසා භාෂාව යනු කුමක් ද? යන ප‍්‍රශ්නයට පරිපූර්ණ උත්තරයක් දීමට භාෂකයා අසමත් වෙයි. මේ හේතුව නිසා භාෂාව යනු කුමක් දැයි අධ්‍යයනය කිරීමේ කුතූහලය පෙර සිට පැවතිණි. නූතන විද්‍යාත්මක ශික්‍ෂණයන්ගේ දියුණුවත් සමග එම කුහුල කිසියම් විද්‍යාත්මක දත්ත හා ක‍්‍රමවේද ඔස්සේ අධ්‍යයනය කිරීමට පෙළඹිණි. එහි ප‍්‍රතිඵලය වාග්විද්‍යාවයි.

වාග්විද්‍යාව වාග්විද්‍යා යනු භාෂාව පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය යි. (Linguistics is the Scientific study of Langauge) 19 වන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ දී නූතන වාග්විද්‍යාවේ ආරම්භය සිදු විය. විද්‍යාත්මක අධ්‍යයන ක්‍ෂේත‍්‍රයක් ලෙස දුරාතීතයකට උරුමකම් නොකීවද භාෂා අධ්‍යයනය සියවස් විසි තිස් ගණනක් ඉතිහාසයකට උරුමකම් කියයි. එම සාම්ප‍්‍රදායික භාෂා අධ්‍යයනයෙන් නූතන වාග්විද්‍යාව වෙනස් වනුයේ විද්‍යාත්මක දත්ත පදනම් කර විදුහුරු හා සත්‍යේක්‍ෂණය මත පදනම් වූ අධ්‍යයන ක්‍ෂේත‍්‍රයක් වන හෙයිනි. එනම් නූතන වාග්විද්‍යාව භාෂාව අධ්‍යයනය කරනුයේ විග‍්‍රහාත්මක ස්වරූපයකට වන අතර සාම්ප‍්‍රදායික භාෂා අධ්‍යයනය උපදේශාත්මක ස්වරූපයට අනුගත වෙයි. භාෂාව මෙසේ භාවිත කළ යුතුය, යන්න සාම්ප‍්‍රදායික ව්‍යාකරණයෙන් ඉගැන්වෙන අතර භාෂාව මෙසේ භාවිත කරන්නේය, යන්න වාග්විද්‍යාවෙන් ඉගැන්වෙයි.


වාග්විද්‍යාත්මක භාෂා අධ්‍යයනය ෆර්දිනාන්ද් දී සොසුය්යෝ නම් ස්විස් ජාතික වාග්විද්‍යාඥයා සඳහන් කළ පරිදි භාෂාවේ සංස්ථිතිය ද විද්‍යාත්මක ක‍්‍රමයකට අධ්‍යයනය කළ හැකිය. යොසුය්යෝගේ පටන් සංස්ථිතික වාග්වේදීන් භාෂාවේ සංස්ථිතිය අධ්‍යයනය කරන ලදි. වාග්විද්‍යාත්මක භාෂා අධ්‍යයනයේ දී භාෂාව ශබ්ද විද්‍යාව, ශබ්දීම විචාරය, වාක්‍ය විචාරය, අර්ථ විචාරය, ප‍්‍රකරණාර්ථ විචාරය යන ක්‍ෂේත‍්‍ර ඔස්සේ භාෂා ශබ්ද (Phonetic), අර්ථ භේදයට තුඩු දෙන ශබ්ද, ශබ්දිම (Phoneme), පදිම (Mopheme), පද (word)" වාගාලප (utterance) අර්ථ (Meaning) වශයෙන් අධ්‍යයනය කෙරෙයි. මෙසේ භාෂාව විග‍්‍රහ කිරීම විග‍්‍රහාත්මක වාග්විද්‍යා (descriptive linguistics) ලෙස හැඳින්වෙයි.

ශබ්ද විචාරයේ දී (Phonology) භාෂා ශබ්ද පිළිබඳව මූලිකවම අධ්‍යයනය කෙරෙයි. එම ශබ්ද එකතුවෙන් ගොඩනැගෙන පද පිළිබඳ පදිම විචාරයේ (Morphology) අධ්‍යයනය කෙරේ. පද එකතුව පාද (Phrases) නිපදවීම ඒ ඇසුරින් වාක්‍යාංශ (Clauses) හා වාක්‍ය (Sentences) නිර්මාණය වාක්‍ය විචාරයේ (Syntax) අධ්‍යයන කෙරෙයි. භාෂා අර්ථය අර්ථ විචාරයේ (Semantics) අධ්‍යයන ක්‍ෂේත‍්‍රයයි. ප‍්‍රකරණ විචාරය (Pragmatics) තුළින් භෂා පාඨය හා අවස්ථාව අර්ථවත් වීම යන්න අධ්‍යයනය කෙරේ. විශේෂයෙන්ම සංස්ථිතික වාග්විද්‍යාවේ දී භාෂාවකට අනන්‍ය ලක්ෂණ හෙවත් පරාමිතීන් (Parameters) හා සමස්ත භාෂාවන්ට පොදු වූ (Universal) ලක්ෂණ අධ්‍යයනය කිරීම සිදුවෙයි.

වාග්විද්‍යාවේ විෂය ක්‍ෂේත‍්‍රය ඉහත දැක් වූ පරිදි ප‍්‍රස්තුත භාෂාවක සංස්ථිතිය අධ්‍යයනය කිරීම පමණක් වාග්විද්‍යාව නොවෙයි. භාෂාව සමස්ත මිනිස් කි‍්‍රයාකාරීත්වය කෙරෙහි සම්බන්ධ වන හෙයින් එහි අධ්‍යයන ක්‍ෂේත‍්‍ර ද අධ්‍යාපනය, මානව විද්‍යාව. ඉතිහාසය, සමාජ විද්‍යාව, භාෂා ඉගැන්වීම, මනෝ විද්‍යාව, දර්ශනය, පරිගණක විද්‍යාව, න්‍යුරෝන විද්‍යාව, කෘති‍්‍රම බුද්ධිය ආදි විවිධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ විස්තෘතියට පත්ව ඇත. එනිසා වාග්විද්‍යාවේ අධ්‍යයන ක්‍ෂේත‍්‍රය ද වඩාත් පැතිරුණු ස්වරූපයක් දක්වන අතර වාග්විද්‍යාවේ අධ්‍යයන ක්‍ෂේත‍්‍ර දැක්වීම ද පහසු නොවේ.

ඓතිහාසික වාග්විද්‍යාව භාෂාව ආරම්භය, වර්ධනය, භාෂා පවුල් පිළිබඳව හා කිසියම් ප‍්‍රස්තුත භාෂාවක ඉතිහාසය අධ්‍යයන කිරීම ඓතිහාසික වාග්විද්‍යාව (historical Lingaistics) ලෙස සැලකෙන අතර භාෂා අධ්‍යයනයේ වඩාත් ප‍්‍රකට වූයේ ද එයයි.



සමාජ වාග්විද්‍යාව භාෂාව හා සමාජය අතර පවතිනුයේ අවියෝජනීය සම්බන්ධතාවකි. මිනිසා සමාජයේ විවිධ අවස්ථා තුළ භාෂාවේ විවිධ ස්වරූප භාවිත කරයි. ඒ ඒ ප‍්‍රදේශ අනුව භාවිත කරන භාෂා ස්වරූප ද වෙනස් වෙයි. මෙසේ සමාජමය ප‍්‍රකරණය තුළ භාෂාවේ භාවිතය අධ්‍යයනය කිරීම සමාජ වාග්විද්‍යාව (sociolinguistics) ලෙස හැඳින්වෙයි.

මනෝ වාග්විද්‍යාව භාෂා උත්පාදනය, සංජානනය, අවබෝධය යන කි‍්‍රයාවලිය පුද්ගල මනස හා සම්බන්ධ වෙයි. භාෂාවේ උක්ත කි‍්‍රයාවලියේ දී මනෝමය පදනම පිළිබඳ අධ්‍යයනය කිරීම මනෝ වාග්විද්‍යාව (Psycholinguistics) ලෙස හැඳින්වෙයි.

සංකථන විචාරය භාෂණයේ හෝ ලේඛනයේ යෙදෙන වාක්‍ය සාකච්ඡුා. සම්මුඛ පරීක්ෂණ, පරිච්ෙඡ්ද ආදි වශයෙන් විශාල ඒකක සකස් කිරීම පිළිබඳ කරනු ලබන අධ්‍යයනය සංකථන විචාරය (Discourse Analysis) නමින් හැඳින්වෙයි.

ව්‍යවහාරික වාග්විද්‍යාව වාග්විද්‍යාවේ සාකච්ඡුාවට ලක් කෙරෙන ෙසෙද්ධාන්තික කරුණු ව්‍යාවහාර භාෂාව තුළ භාවිතා කිරීම ව්‍යවහාරික වාග්විද්‍යාව (Applied Linguistics) නම් වෙයි. මෙහිදී භාෂා ඉගැන්වීම, ජාතික භාෂා ප‍්‍රතිපත්තිය, භාෂා පරිවර්තනය, භාෂා සැලසුම්කරණය ආදි කාර්ය අධ්‍යයනය කෙරෙයි.

පරිගණක වාග්විද්‍යාව ස්වභාවික භාෂාවන් පිළිබඳ (පරිගණක භාෂාවන්ට වඩා - ජාවා* අධ්‍යයනය කිරීම පරිගණක වාග්විද්‍යාව (Computational Linguistics) නම් වෙයි. මෙහිදී මිනිසා ස්වාභාවික භාෂාවන් භාවිතා කිරීම මෙන්ම මිනිස් භාෂාව පිළිබ`ද ස්වයංකී‍්‍රය පරිවර්තනය(Automatic translation), කෘති‍්‍රම භාෂණය (Artificial Speech) ස්වයංකී‍්‍රය හඳුනා ගැනීම (Automatic Recognition) ආදිය මෙහිදී සිදු කෙරෙයි.

රීති විචාරය භාෂාව පිළිබඳ අධ්‍යයනය සාහිත්‍ය විචාරය හා සම්බන්ධ කෙරෙන ක්‍ෂේත‍්‍රය රීති විචාරය (Stylistics) නම් වේ. එහිදී කිසියම් සාහිත්‍යමය කෘතියක භාෂා භාවිතයේ නැගෙන විවිධ අර්ථ පිළිබඳව හා ක‍්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කිරීම සිදු කෙරෙයි. එසේම කිසියම් භාෂකයකු හෝ රචකයකු පාඨකයා හෝ ශ‍්‍රාවකයා කෙරෙහි පදනම්ව භාෂාව භාවිත කිරීම අධ්‍යයනය කෙරෙයි.

න්‍යුරෝන වාග්විද්‍යාව භාෂාවක් භාවිත කිරීමේ දී සිදු වන මොළයේ කි‍්‍රයාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කිරීම න්‍යුරෝන වාග්විද්‍යාව ලෙස හැඳින්වේ. මෙහිදී මිනිස් මොළයේ සංයුතිය සන්නිවේදන, ව්‍යාකරණ කි‍්‍රයාවලීන් කෙරෙහි කි‍්‍රයාත්මක වන ආකාරය අධ්‍යයනය කෙරේ.

මීට අමතරව භාෂා ආබාධ හා සායනය පිළිබඳ කරනු ලබන සායනික වාග්විද්‍යාව(Clinical Linguistics)" පුද්ගලයා තුළ භාෂා ශක්‍යතාව පිළිබඳ අධ්‍යයනය කරන ප‍්‍රවර්ධක වාග්විද්‍යාව(Developmental Linguistics)" අධිකරණ කාර්යයන්හි දී භාෂාව භාවිත කිරීම පිළිබඳව කෙරෙන අධිකරණ විෂයක වාග්විද්‍යාව(Forensic Linguistics)" වැනි අධ්‍යයන ක්‍ෂේත‍්‍ර මෙන්ම උපභාෂා විචාරය, ශබ්දකෝෂකරණය, මානවවිෂයක වාග්විද්‍යාව වැනි ක්‍ෂේත‍්‍ර ගණනාවක් වාග්විද්‍යාවේ දී අධ්‍යයන කෙරේ. භාෂණ චිකිත්සාව (Speech therapy) වැනි ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කෙරේ.

මේ අනුව දශක කිහිපයක ඉතිහාසයකට උරුමකම් කියන නූතන වාග්විද්‍යාව අද්‍යතන විද්‍යාත්මක ලෝකයේ දියුණු විෂයක් ක්‍ෂේත‍්‍රයක් ලෙස අතිශය ව්‍යාප්තියට පත්ව ඇත.


කුරුපිට අස්සජිතිස්ස හිමි


වාග්විද්‍යා පර්ෂදය. වාග්විද්‍යා අධ්‍යයනාංශය. කැලණිය විශ්වවිද්‍යාලය.  

"https://si.wikipedia.org/w/index.php?title=වාග්_විද්‍යාව&oldid=338439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි