Jump to content

ව්‍යවස්ථාදායකයක මණ්ඩල

විකිපීඩියා වෙතින්
  

බොහෝ ව්‍යවස්ථාදායකවල (පාර්ලිමේන්තු ඇතුලත්ව) ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩල [1] (හෝ ව්‍යවස්ථාදායකයක සභා) ලෙස විමර්ශනාත්මක මන්ත්‍රණ සභාවන් දෙකකින් සමන්විතවේ. මෙයින් එකක් තේරී පත්වන පහළ මන්ත්‍රී මණ්ඩලයක් වන අතර අනෙක පහළ මන්ත්‍රී මණ්ඩලයට වෙනස් යාන්ත්‍රණයක් තුලින් පත් කරනු ලබන හෝ තේරී පත් වන හෝ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් හෙවත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් යනුවෙනි. මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත මෙවන් මාදිළියක් හැඳින්වෙන්නේ ද්වි මණ්ඩල ලෙසිනි. එක් මන්ත්‍රී මණ්ඩලයක් පමණක් වෙතින් සමන්විත ව්‍යවස්ථාදායකයන් හැඳින්වෙන්නේ ඒක මණ්ඩල ලෙසිනි.

සැම විටම පාහේ, නීති සම්පාදන වල උත්පාදකයා වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර, පනත් කෙටුම්පත් වෙත "දෙවන දෘෂ්ටියක්" හෙලමින්, එය වෙත නිෂේධ බලය භාවිතා කරන්නේද නැතහොත් අනුමත කරන්නේද යන බව තීරණය කරන්නේ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් විසිනි. එක්සත් රාජධානියේ තුමන මන්ත්‍රී මණ්ඩලය තුලින් හෝ නීති සම්පාදන උත්පාදනය විය හැකි අතර, මන්ත්‍රී මණ්ඩල දෙක පුන පුනා අසම්මතික වුවහොත්, පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් අත්‍යන්තයෙහි තීරණය ගත හැක. බොහෝ රටවල, ජනතාවගේ නියෝජිතයන්ගෙන් බෙහෙවින් සමන්විත වන බවක් සැලකෙන පහළ මන්ත්‍රී මණ්ඩලය, මූල්‍යය සහ බදුකරණය පිළිබඳ කටයුතු වලදී පූර්ණ හෝ අතිප්‍රමුඛ හෝ සංයම බලය සහිත වෙයි.

ජනගහණය මිලියන 3 ඉක්මවන රටවල පාර්ලිමේන්තුවක පහළ මන්ත්‍රී මණ්ඩලයක් , සාමාන්‍යයෙන් අවම වශයෙන් මන්ත්‍රීවරුන් 100 කින් හෝ සමන්විත වෙයි. විශාල රටවල හෝ, ආසන සංඛ්‍යාව 400 ඉක්මවන්නේ ඉතා කලාතුරකිනි. කෙසේවෙතත් එක්සත් රාජධානියෙහි, පහළ මන්ත්‍රී මණ්ඩලයෙහි (මහජන මන්ත්‍රී මණ්ඩලයෙහි) මන්ත්‍රීවරු 650 සිටිති. සාම්ප්‍රදායික වශයෙන්, උත්තර මන්ත්‍රී මණ්ඩලයෙහි, ආසන 20, 50, හෝ 100 අතර සංඛ්‍යාවක් තිබිය හැකි අතර, වැදගත් වන්නේ එම සංඛ්‍යාව පහළ මන්ත්‍රී මණ්ඩලයෙහි සංඛ්‍යාවට වඩා අඩු වීමයි. කෙසේවෙතත් එක්සත් රාජධානියෙහි, උත්තර මන්ත්‍රී මණ්ඩලයෙහි ( සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි) වර්තමාන මන්ත්‍රී සංඛ්‍යාව, පහළ මන්ත්‍රී මණ්ඩලයෙහි මන්ත්‍රී සංඛ්‍යාවට වඩා මදක් වැඩි වන අතර, එක් කලකදී ( උරුමගත සාමිවරුන් බොහොමයක් බැහැර කිරීමට පෙර) සෑහෙන පමණකින් වැඩි විය.


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ලෙජිස්ලේටිව් ඕර්ගනයිසේෂන් ඇන්ඩ් ප්‍රසීඩියර්ස් සංරක්ෂණය කළ පිටපත 2013-06-22 at the Wayback Machine. ද නැෂනල් කොන්ෆරන්ස් ඔෆ් ස්ටේට් ලෙජිස්ලේචර්ස්. www.ncsl.org. සම්ප්‍රවේශය ජූනි 29, 2013.