වර්ණ සුසංයෝගය සහ වර්ණ අර්ථය

විකිපීඩියා වෙතින්

මනාව ගැලපෙන වර්ණ සංයෝජනයන් පිළිබඳ පුරෝකථනය කිරීම වර්ණ න්‍යායේ අරමුණයි. මෙම මූලික සම්බන්ධතාවයන් නිර්ණය කිරීම සඳහා වන උපකරණයක් ලෙස වර්ණ චක්‍රය නිර්මාණය කරනු ලැබ ඇත. සමහර සිත්තරුන් සහ න්‍යායවේදීන් විශ්වාස කරන්නේ අනුපූරක වර්ණයන් එකිනෙක ආසන්නයෙන් පිහිටවීම ප්‍රබල වෙනසක් හෝ ආතතියක් නිරූපණය කිරීමට සමත්වන බවයි. එයට හේතුව ඒවා මිශ්‍ර වූ කල්හි එම වර්ණ දෙකම නැතිව යෑමයි. තවත් සමහරුන් මෙසේ වර්ණ එකිනෙක ආසන්නයෙන් තැබීමෙන් සුසංයෝගී වර්ණ අන්‍යෝනත්වය නිර්මාණය කරන බව පවසති. වර්ණ චක්‍රයේ එකිනෙකට ආසන්නව ඇති වර්ණයන් ප්‍රතිසම වර්ණයන් ලෙස හැඳින්වේ. ඒවා තනි පැහැයක් හෝ ප්‍රබල වර්ණ නිර්මාණය කරයි. මේ දෙකට අමතරව වන සංයෝගකිරීම් මඟින්ද සුසංයෝග කිරීම සිදුකළ හැකිය. දෙකට බෙදුණු අනුපූරක වර්ණ මාලාව විසින් ප්‍රතිසම පැහැයන් පරාසයක් යොදාගනු ලබයි. තුනට බෙදුණු වර්ණ මලාවන් පැහැය චක්‍රයේ සමදුරින් පිහිටි වර්ණ 3 ක් යොදාගනී. මුද්‍රණකරුවෝ සහ ඡායාරූප ශිල්පීහු සමහරවිට කලූ සහ තනි වර්ණයේ තීන්ත යොදාගනිමින් ද්විවර්ණ වර්ණ මාලාවක් යොදාගනිති.


වර්ණ චක්‍රයේ සුසංයෝගයන් ප්‍රායෝගිකව යොදාගන්නා අවස්ථාවන් සීමාසහිතය. එයට හේතුව වර්ණ සංයෝජනයේ බලපෑම ඊට යොදාගන්නා වර්ණයන් මත තීරණය වන ඓකිනෙකට වෙනස් ප්‍රතිඵල ගෙනදීමයි. මෝස්තර නිර්මාණය සහ ගෘහ අභ්‍යන්තර සැරසීමේදී වැදගත්වන වර්ණයන් එමඟින් යෝජනාකර සිටිය හැකිය. නමුත් මෙහිදීද තීරණය කෙරෙහි වඩා බලපෑම් කරන්නේ පාරිභෝගිකයාගේ රුචිකත්වයත්, ජීවන විලාශයත් සහ සංස්කෘතික මතයත්ය.

20 වැනි සියවසේ වර්ණ න්‍යාය විශේෂිත චිත්තවේගාත්මක හෝ විෂයාත්මක අවස්ථාවන් වර්ණ සමඟ සම්බන්ධ කිරීමට උත්සාහ දැරීය. එනම් රතු ප්‍රබෝධමත්, සරාගික, ස්ත්‍රීමය වර්ණයක් ලෙස සහ නිල් චිත්තාපර, සන්සුන්, පුරුෂරූපී වර්ණයක් ආදී වශයෙනි. හේතූන් කිහිපයක් නිසාවෙන්ම මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇත. භාවාත්මක වර්ණ සංඝටනයන්හිදී සංස්කෘතික වර්ණ සංඝටනයන් අධිපතිත්වය දැරීම සහ නිර්මාණයේදී වර්ණ කෙරෙහි සන්දර්භයේ බලපෑම යනාදිය ඒ අතර වෙයි.


සටහන්[සංස්කරණය]

Color_harmony_and_color_meaning