වර්ණ උෂ්ණත්වය
Jump to navigation
Jump to search
වර්ණ උෂ්ණත්වය යනු දෘශ්‍ය ආලෝකයේ ගුණාංගයක් වන අතර ඡායාරූපකරණය, වීඩියෝ ශිල්පය , ප්‍රකාශන පළ කිරීම සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා මෙම ගුණාංගයෙහි වැදගත් භාවිත පවතී. ආලෝක ප්‍රභවයක වර්ණ උෂ්ණත්වය නිර්ණය කෙරෙනුයේ එය සෛද්ධාන්තික තාපනය කරන ලද කෘෂ්ණ වස්තු විකිරකයක වර්ණවත් භාවීතාවය සමඟ සන්සන්දනය කිරීමෙනි. ආලෝක ප්‍රභවයෙන් නිකුත් වන ආලෝකයට සමාන ආලෝකයක් කෘෂ්ණ වස්තු විකිරකය මඟින් නිකුත් වනවිට එහි උෂ්ණත්වය ( සාමාන්‍යයෙන් මෙය කෙල්වින්වලින් (K) මනිනු ලැබේ. ) අදාළ ප්‍රභවයේ වර්ණ උෂ්ණත්වය ලෙස සැලකේ. කෘෂ්ණ වස්තු ප්‍රභවයක් නම් එය සෘජුව ප්ලාන්ක් නියතය සමඟ සම්බන්ධ වේ.
සටහන්[සංස්කරණය]
Color_temperature |