වර්ණවල ඵෙතිහාසික පසුබිම

විකිපීඩියා වෙතින්
Goethe's color wheel from his 1810 Theory of Colours

රතු, කහ සහ නිල් යන ‘මූලික’ නොඑසේනම් ‘ප්‍රාථමික’ වර්ණ පදනම් කරගෙන වර්ණ න්‍යාය මුලින්ම ගොඩනංවන ලදී. ඊට හේතුවූයේ මෙම වර්ණයන් මිශ්‍ර කිරීමෙන් වෙනත් ඕනෑම වර්ණයක් සාදාගත හැකි යැයි විශ්වාස කිරීමය. මෙම වර්ණ මිශ්‍රණය සිදු කිරීමට මුද්‍රණකරුවන්, සායම් පොවන්නන් සහ සිත්තරුන් විසින් දැනසිටි නමුත් වෙළෙන්දන් වඩා වැඩි ප්‍රියතාවයක් දැක්වූයේ අමිශ්‍ර වර්ණකයන්ටය. එයට හේතුව මිශ්‍ර වර්ණ එතරම් දීප්තිමත් නොවීමයි.

18 වැනි සියවසේ වර්ණ න්‍යායන්හි පදනම වූයේ මෙම රතු , කහ, නිල් ප්‍රාථමික වර්ණයන්ය. 18 වැනි සියවසේ සිදුකළ මනෝවිද්‍යාත්මක වර්ණයන්ගේ බලපෑම පිළිබඳ පර්යේෂණයන්වලින් මෙම න්‍යායයන් තවදුරටත් ඉදිරියට ගෙනයනු ලැබිණි. මෙම වර්ණ නිරීක්‍ෂණ පිළිබඳ අදහස් සංක්‍ෂිප්ත කරමින් ලියැවුණු ලේඛනයන් දෙකක් වර්ණ න්‍යායේ පදනම ලෙස සැලකෙයි. එනම් ජර්මානු කවියකුවූ ජොහෑන් වුල්ෆ්ගැංග් වොන් ගොයතේ විසින් රචිත Theory of Colors (1810) සහ ප්‍රංශ කාර්මික රසායනඥයකු වූ මයිකල් ඉයුජීන් චැවියල් විසින් රචිත The Law of Simultaneous Color Contrast (1839) ය.


මීට සමාන්තරව 19 වැනි සියවසේදී බිහිවූ ජර්මානු සහ ඉංග්‍රීසි විද්‍යාඥයන් කියාසිටියේ වෙනස් ප්‍රාථමික වර්ණයන් තුනක් මඟින් වර්ණ සංජානනය වඩාත් හොඳින් පැහැදිලි කළහැකි බවය. එනම් රතු, කොළ සහ නිල්, දම් වර්ණයන්ය. පර්යේෂණයන් මඟින් මෙම වර්ණයන් ආලෝකයට එකිනෙකට වෙනස් ආකාර තුනකින් ප්‍රතිචාර දක්වමින් දෘෂ්ටි විතානය මත වර්ණ ග්‍රහණයන් ඇති කරන බව පෙන්වා දෙනු ලැබිණ. මෙම කරුණ මත පදනම් වෙමින් 20 වැනි සියවසේදී වර්ණ මිශ්‍රණය හෝ වර්ණමිතිය පිළිබඳ ප්‍රමාණාත්මක විස්තරයක් ගොඩනංවනු ලැබිණි. වර්ධනය වෙමින් පවත්නා විචිත්‍රවත් වර්ණ අවකාශය සහ වර්ණ සංජානනය පිළිබඳ ආදර්ශයන් මාලාවකට මෙය ආරම්භය සැපයීය.

මෙම කාල වකවානුවේදීම කාර්මික රසායන විද්‍යාවද විප්ලවීය වෙනසකට භාජනය වූ අතර කෘත්‍රිම වර්ණකයින්ගේ වර්ණ පරාසය ශිඝ්‍රලෙස පුළුල් වූණි. වර්ණ මිශ්‍රණයෙන් බිහිවූ ඩයි වර්ග, තීන්ත සහ සායම් වර්ග අතිමහත් සංඛ්‍යාවක් නිර්මාණය විය. වර්ණ ඡයාරූප ශිල්පය සඳහා අවශ්‍ය වූ ඩයි වර්ග සහ රසායනික ක්‍රියාවලියද නිර්මාණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණයෙන් මුද්‍රණය කෙරෙන මාධ්‍යයන්හි වර්ණ මුද්‍රණය සෞන්දර්යාත්මකව සහ ආර්ථිකමය වශයෙන් කළහැක්කක් බවට පත්විය. තීන්ත හා ඡායාරූපකරණයේදී යොදාගන්නා ඩයි වර්ගයන්ට වඩාත් ඵලදායී වූ වර්ණයන්ගෙන් වර්ණ න්‍යාය ආදේශ විය. එනම් සයන්, මැජෙන්ටා සහ කහ යන වර්ණයන්ය. මෙම සයන්, මැජෙන්ටා සහ කහ යන ප්‍රාථමික වර්ණයන් රතු, කොළ, නිල් යන ප්‍රාථමික වර්ණයන් සමග එක්වීමෙන් ව්‍යාකලන වර්ණ සංයෝජනයක් බිහිවිය. සයන්, මැජෙන්ටා සහ කහ යන ප්‍රාථමික වර්ණයන් රතු, කොළ, නිල් යන ප්‍රාථමික වර්ණයන්ගෙන් එක් වර්ණය බැගින් එනම් සයන් රතු වර්ණයද, මැජෙන්ටා කොළ වර්ණයද, කහ, නිල් දම් වර්ණයද පමණක් අවශෝෂණය කරගන්නා බවට අර්ථකථනය කෙරිණ. මෙමඟින් විවිධාකාර වර්ණයන් සහිත වර්ණ මුද්‍රණයන් අතිවිශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සමත්වූ නමුත් සමහර වර්ණයන් (තැඹිලි පැහැය සහ දම් පැහැයන්) නිපදවීම එතරම් සාර්ථක නොවුනි.





|-


| Color_theory Historical_background |}