වයිකින්ග් නාවික යාත්‍රා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ස්නික්ජා දිගු නෞකා (Snekkja longship) වර්ගයේ වයිකින්ග් නෞකාවක නවීන ආකෘතියක් 

වයිකින්ග් නාවික යාත්‍රා යනු ඒවාටම විශේෂ වූ නිමැවුමකින් යුතු, වයිකින්ග් යුගයේදී, වයිකින්ග් වරුන් විසින් තනනු ලැබූ සාගර යාත්‍රා වේ. කරනු ලබන කාර්යය අනුව මේවා විවිධ වර්ග වලින් යුතු විය නමුත් මේ සියලුම වර්ග වල තිබූ ආ‍වේනික ලක්ෂණයක් නම් ඒවා  සැහැල්ලු නම්‍යශීලි, සමමිතික හැඩයෙන් යුතු වීමයි. මෙම යාත්‍රා තනනු ලබනුයේ එකිනෙක ඡේදනය වන ලෑලි පෑස්සිම මගිනි. ඇතැම් යාත්‍රා වල මකර හිසක් දැකිය හැකි වූ අතර තවත් යාත්‍රාවක වෘත්තාකාර එළියට විහිදුනු හැඩයක් දැකිය හැකිය. මෙම හැඩයන් අතීත පුරාවෘත්ත අනුව යාත්‍රා වල නිර්මාණය සදහා යොදාගෙන තිබේ. වයිකින්ග් යාත්‍රා යුධමය කටයුතු වලට පමණක්ම භාවිතා වී නොමැත. දුර ගමන් වෙළද කටයුතු, ගවේෂණය කිරීම් සහ යටත් විජිත පිහිටුවීමේදීද මෙම යාත්‍රා යොදාගෙන තිබේ. 

සාහිත්‍යයේදී දැක ගැනීමට හැකියි වයිකින්ග් යාත්‍රා පුළුල් වර්ග කිරීම් දෙකකට අනුව. ඒවා නම් වෙළද නැව් සහ යුද නැව් වශයෙන්. මෙම වර්ග කිරීම් හරියටම වර්ග කිරීමක් නොවේ මන්ද යත් ඇතැම් වෙළද කටයුතු සදහා තනනු ලබන යාත්‍රාද යුධමය කටයුතු වලට යොදා ගත් අවස්තා දැක ගන්න පුළුවන් නිසා. බොහෝ වයිකින්ග් යාත්‍රා තනනු ලැබුවේ ගංගා සහ වෙරලට ආසන්න මුහුදේ යාත්‍රා කිරීම සදහායි නමුත් මේ අතරින් වර්ග කිහිපයත් විවෘත සාගරය තරණය කිරීම සදහාත් නිපදවනු ලැබුවා. උදාහරණයක් වශයෙන් ක්නාර් (knarr) යන යාත්‍රා වර්ගය දැක්විය හැකියි. වයිකින්ග් යාත්‍රා වල ව්‍යාප්තිය ඉතා විශාලය එය බෝල්ටික් සාගරයේ සිට ඈත ස්කැන්ඩිනේවියානු මවු බිම් කරාත්,  අයිස්ලන්තය, ෆාරෝ දිවයින්ග්‍රීන්ලන්තය, නිව්ෆන්ඩ් ලන්තය, මධ්‍යදරණී කලාපය, කළු මුහුද සහ අපිකානු මහද්වීපය කරාත් විහිදේ.

වර්ධනය වීම [සංස්කරණය]

වයිකින්ග් යුගය බිහිවීමත් සමග වසර දහස් ගණනාවක් පුරාවට ස්කැන්ඩිනේවියානු සංස්කෘතියේ ප්‍රායෝගික සහ ආගමික වශයෙන් ගැඹුරින් මුල් බැස ගත් අංගයක් බවට වයිකින්ග් යාත්‍රා පත්විය. ස්කැන්ඩිනේවියාව සාපේක්ෂව උස් කදුකර භූමි වලින් සමන්විත, ගණව වැඩුනු කෑලෑ වලින් මෙන්ම පහසුවෙන් ලගා විය හැකි ස්භාවික වරායන්ගෙන් සැදුනු කලාපයක් විය. මේ අනුව ගොඩබිමින් වැටුනු වෙළද මාර්ග වඩා අන්තරාදායක මෙන්ම දුෂ්කර ඒවා විය. නෝර්ඩික් ගල් යුගයේ සහ විශේෂයෙන්ම ලෝකඩ යුගයේ සිලා ලිපි වලින් විවිධ අවස්ථාවන් වලදී වයිකින්ග් යාත්‍රා නිරූපණය කරනව. හියෝස්ප්‍රින්ග් (Hjortspring) සහ නයිඩම් (Nydam) යන යාත්‍රා වර්ග වලින් ලැබෙන සාක්ෂි අනුව, අවම වශයෙන් නෝර්ඩික් යකඩ යුගයේ සිට හෝ වටිනා යාත්‍රාවන් යාග හෝම උත්සව වලදී කැප කිරීම් තිබෙන්නට ඇතියි සිතීමට පුළුවන්.  

වයිකින්ග් රාජධානීන් මුහුදු බඩ නගර බවට දියුණු විය. මේවා පැවැත්මට සහ දියුණු වීමට උතුරු මුහුද සහ බෝල්ටික් මුහුද මත යැපෙන්නට විය. මුහුදු ගමන් මාර්ගයන් වල පාලනය වැදගත් අංගයක් වූ අතර දියූණු යුධ නෞකා වලට ඇති ඉල්ලුම මේ අනුව ඉතා වැඩි විය. නමුත් සත්‍ය වශයෙන්ම අධික ඉල්ලුම අනුව නෞකා බලය සහ නිපුණත්වය සංකේතවත් කරමින් වයිකින්ග් මිත්‍යා ආගමික ඇදහිලි වල  ප්‍රධාන ජීවනෝපාංගයක් විය. පලමු සහශ්‍රකය පුරාවටම වයිකින්ග් නායකයින් මෙන්ම රදලයින් මිය ගිය පසු ඔවුන්ව මරණින් මතු ලෝකවලට යැවීම සදහා මිල අධික වටිනා නෞකා වල තැන්පත් කරීම දැක ගත හැකියි. තවදුරටත් දක්වනවා නම්, ඉතා මුල් යුගයේ ඩෙන්මාර්ක් කාසි වර්ගයක් වන හිඩබි (Hedeby) කාසි වල ප්‍රදේශයේ නාවික යාත්‍රා වල වටිනාකම දක්වමින්, සංකේත වශයෙන් නෞකා දක්වා තිබීම දැකිය හැකියි. මෙවන් සංස්කෘතියක් සහ ප්‍රායෝගික වැදගත් කමක් තුල වයිකින්ග් යුගයේදී යුරෝපය තුල වයිකින්ග් නෞකා ඉතාමත්ම දියූණු සාගර යාත්‍රා විශේෂය බවට පත් වීම දැක ගත හැකියි.

ෆේරින්ග් (Faering)[සංස්කරණය]

ෆේරින්ග් (Faering) යනු හබල් යුගලයක් සහිත විවෘත යාතා්‍ර වර්ගයකි. මේවා යාත්‍රා තනනු ලැබූ බටහිර සහ උතුරු ස්කැන්ඩිනේවියා සම්ප්‍රදායන් වල වයිකින්ග් යුගයේ සිටම බහුලව දකින්නට තිබූ යාත්‍රා විශේෂයකි.

ක්නාර් (Knarr)[සංස්කරණය]

ක්නාර් (Knarr) යනු අත්ලාන්තික් සාගරය තරණය කිරීම සදහා නිපදවනු ලැබූ නෞකා හැදින්වීමට යොදාගත් ජර්මානු වචනයයි. මෙම නෞකා විශේෂය භාණ්ඩ ප්‍රවාහන නෞකා වූ අතර දිගින් අඩි 54 (16m) ක් පමණ සහ ටෝන් 122 ක පමණ බර ප්‍රමාණයක් රැගෙන යා හැකි පරිදි නිපදවා ඇත. මෙම වර්ගය ගොක්ස්ටඩ් (Gokstad) වර්ගයේ දිගු නෞකා වලට වඩා දිගින් අඩු වන නමුත්, වඩා ශක්තිමත් වන අතර රුවල් බලය මත යැපේ. විවෘත මුහුදේදී සුළං නැති අවස්තාවලදී පමණක් අවල් යොදා ගනී.  මෙම හේතු නිසා වඩා අන්තරාදායක දිගු නාවික ගමනා ගමන වලදී ගොක්ස්ටඩ් (Gokstad) වර්ගයේ යාත්‍රා වලට වඩා ක්නාර් (Knarr) යොදා ගන්නා ලදී. මෙම යාත්‍රා වර්ගයට දිනකට සැතපුම් 75 ක් (121m) පමණ නාවිකයන් 20-30 අතර ප්‍රමාණයක් රැගෙන යාත්‍රා කිරීමේ හැකියාව තිබුණි. වයිකින්ග් යුගයේදී උතුරු අත්ලාන්තික සාගරය තරණය කරමින් knarr යාත්‍රා, සතුන් සහ භාණ්ඩ ග්‍රීන්ලන්තය සහ උතුරු අත්ලාන්තික් දිවයින් අතර ප්‍රවාහනය කර ඇත. පසුකාලීනව මෙම යාත්‍රා වල හැඩය සහ නිමැවුම බෝල්ටික් සාගරයේ Hanseatic ලීගයේදී භාවිතා වූ cog වර්ගයේ යාත්‍රා වලට බලපා ඇත.

දිගු නැව්[සංස්කරණය]

Gokstad නෞකාව, වයිකින්ග් කෞතුකාගාරය, ඔස්ලෝ නෝර්වේ

දිගු නැව් යනු වයිකින්ග් යුගයේදී ස්කැන්ඩිනේවියාවේ සහ අයිස්ලන්තයේ විසූ වයිකින්ග් වරුන්, වෙළද කටයුතු, ගවේෂණය කිරීම් සහ යුධ කටයුතු සදහා භාවිතා කරන ලද නෞකා වේ. මෙම දිගු නෞකා වල හැඩයේ විකාශනය වයිකින්ග් ගල් යුගයේ උමියැක් (umiak) නම් විවෘත බෝට්ටු විශේෂය සොයා ගැනීමේ සිට 9 වන සියවසේ නයිඩම් (Nydam) සහ ක්වල්සන්ඩ් (kvalsund) නෞකා දක්වා දිවෙයි. පූර්ණ ලෙස සංවර්ධනය වුනු දිගු නෞකා 9 වන සියවසත් 13 වන සියවසත් අතර කාලයේදී දැකිය හැක. අද දක්වා මෙම නෞකා වල ස්භාවය සහ පෙනුම ස්කැන්ඩිනේවියානු නෞකා තනනු ලැබූ සංස්කෘතීන් පිලිබිඹු කරයි. වයිකින්ග් නෞකාවක සාමාන්‍ය වේගය නෞකා වර්ගයෙන් වර්ගයට වෙනස් වන අතර පැයට නාවික සැතපුම් 5 - 10 අතර ප්‍රමාණයක් දක්වා විචලනය වේ. යෝග්‍ය තත්ව යටතේදී දිගු නෞකාවක උපරිම වේගය පැයට නාවික සැතපුම් 15ක් පමණ විය.

ඕස්බර්ග් (Oseberg) නෞකාවේ සත්ව හිස.

දිගු නෞකා වල ගුණාංග වශයෙන් දිගු, පටු, සහැල්ලු සහ වේගයෙන් යාත්‍රා කිරීම සදහා නොගැඹුරු ලෙස නිපදවන ලද පතුලකින් යුතු වීම දැක්වේ. මෙම නෞකා වල නොගැඹුරු පතුල නිසා ඒවා මීටර එකක් පමණ ගැඹුරු වූ ජලයේද යාත්‍රා කිරීමේ සහ  පහසුවෙන් වෙරළට ගොඩබෑමේ හැකියාව තිබෙන අතර සැහැල්ලු බවින්ද යුතු වීම නිසා ගොඩබිමින් යාමේදී යාත්‍රාව ඔසවා ගෙන යෑමේ හැකියාවද ලැබිනි. දිගු නෞකාද ශක්තිමත් සහ සමමිතික හැඩයෙන් යුතු ද්වි අන්තයක් සහිත නෞකා විය. මෙම නිමැවුම නිසා  මෙම නෞකා වලට පහසුවෙන් අාපසු චලනය වීමට හැකි වූ අතර යාත්‍රාව හැරවීමට අවශ්‍යය නොවීය. මෙම ගුණාංගය අයිස් පර සහ මුහුදු අයිස් සහිත චලනය වීමට අපහසු උතුරු අක්ෂාංශ වලදී ඉතාමත් වැදගත් ගුණාංගයක් විය. දිගු නෞකා එහි මුළු දිගටම සරිලන පරිදි අවල් වලින් සමන්විත විය. පසුකාලීන සංස්කරණ වලදී තනි කුඹ ගසක චතුරස්‍රාකර රුවලක්, අවල් වලින් ලැබෙන බලයට අමතර වශයෙන් භාවිතා කිරීමට හෝ අවල් වෙනුවට භාවිතා කරීමට තිබෙනු දැක ගැනීමට හැකියි. මෙය විශේෂයෙන්ම දිගු ගමන් වලදී භාවිතා කිරීම දැක ගත හැකියි. 

දිගු නෞකා ඒවායේ විශාලත්වය මත, නිපැයුම් තොරතුර් මත සහ කීර්තිය අනුව ආකාර ගණනාවකට වර්ග කල හැකිය. වර්ග කිරීම් වලදී වඩාත්ම ප්‍රචලිත ක්‍රමය නම් අවල් සදහා ඇති ස්ථාන ගණන අනුව වර්ග කිරීමයි. මෙම වර්ග කාර්වි (Karvi) නම් ඔරු පැදීමේ බංකු 13 ක් සහිත වර්ගයේ සිට බුස්සේ (Busse) නම් ඔරු පැදීමේ බංකු 34 ක් පමණ තිබෙන්නට ඇතැයි සැලකෙන වර්ගය දක්වා පරාසයක විහිදේ. 

එම වකවානුවේ ස්කැන්ඩිනේවියානු නාවික ශක්තියේ පිලිබිඹුව වූයේ මෙම දිගු නෞකාය, එමෙන්ම ඒවා සතු වීම ඉතාමත්ම වටිනා කමකින් යුතු විය. මෙම නෞකා බොහෝ දුරට මුහුදු බඩ ගොවීන්ට අයත්ව තිබූ අතර යුධ කාල වලදී ශක්තිමත් නාවික බලයක් ස්ථාපනය කිරීම සදහා රජු විසින් පවරා ගනු ලැබුණි. මෙම නෞකා ජර්මානු ජාතිකයන් විසින් යුධ කටයුතු වලදී යොදා ගනු ලැබුවත් ඒවා බොහෝ දුරට භාවිතා කෙරුනේ යුධ නෞකා වලට වඩා යුධ භටයන් ප්‍රවාහනය කිරීමේ නෞකා වශයෙන්ය. දහවන සියවසේදී මෙම යාත්‍රා එකිනෙක ගැට ගැසීම මගින් පාබල සේනාංක වල යුධ ගැටුම් වලදී ස්ථාවර වේදිකාවක් ලෙස භාවිතා කර ඇත. මෙම දිගු නෞකා ප්‍රංශ ජාතිකයන් විසින් මකර නෞකා ලෙස හදුන්වා ඇත. මෙයට හේතුව නම් මෙම නෞකා සතුව මකර හැඩයක් නෞකාවේ ඉදිරි කොටසේ තිබීමයි.

කාර්වි (Karve)[සංස්කරණය]

කාර්වි (Karve) යනු ක්නාර් (knarr) යන නෞකා වර්ගයට සමාන පුළුල් පතුලකින් සමන්විත වයිකින්ග් දිගු නෞකා විශේෂයකි.මේවා යුධ කටයුතු වලට මෙන්ම ගමනා ගමනය, මගීන් ප්‍රවාහනය. භාණ්ඩ ප්‍රවාහනය හෝ සතුන් ප්‍රවාහනයට යොදා ගැනුනි. මේවාට ඉතා නොගැඹුරු ජලයේ යාත්‍රා කිරීමට තිබූ හැකියාව නිසා මේවා වෙරළ තීරයට ගොඩ බැසීම සදහා භාවිතා කරන ලදි. මෙම යාත්‍රා වර්ගයේ දළ වශයෙන් අඩි 17ක් (5.2 m) පමන වන බාල්ක දැක ගත හැකිය.

නෞකා නිෂ්පාදනය[සංස්කරණය]

වයිකින්ග් නෞකා සැහැල්ලු බවින් සහ මුහුදට වඩා හොදින් ඔරොත්තු දීම යන ගුණාංගයන් වලින් අනෙකුත් සාමන්‍ය නෞකා වලින් වෙනස් විය. මෙය ක්ලින්කර් නම් නෞකා නිෂ්පාදන ක්‍රම වේදය ඔස්සේ ඉටුවුනු කාර්යයකි. වයිකින්ග් නෞකා තැනීමට ගන්නා ලද ලෑලි පලා ගනු ලැබුවේ විශාල පැරණි හොදින් වැඩුනු ශාක වලිනි. බොහෝ දුරට මේවා ඕක් ශාක විය. නෞකාවක පතුල අගල් එකක (2.5 cm) පමණ වුවද විය හැකි විය මන්ද යත් පලන ලද ලෑලි පසුකාලීනව භාවිතා වූ ඉරන ලද ලෑලි වලට වඩා ශක්තියෙන් වැඩි වූ බැවිනි.

දැඩි ඕක් ලී සැකිල්ලකින් ආරම්භ කරමින් නෞකා තනන්නන් සිද්ධ යකඩ යොදා ගනිමින් ලෑලි එකිනෙක පෑස්සීම දැක ගත හැකියි. පතුල දෙපස හැඩය පවත්වා ගැනීමද මෙම ලෑලි පෑස්සීම මගින් ඉටු කර ගන්නා ලද අතර සෑම ලෑලි කොටසක්ම ඊට පහලින් ඇති ලෑලි මතින් වැටෙන ආකාරයට සකසා ඇත. මීට අමතරව දිය කාන්දු නොවන පිරවුම් ද්‍රව්‍යයක් ලෑලි අතරට යොදා ගනිමින් ශක්තිමත් පතුලක් නිර්මාණය කර ඇත.

සැලකිය යුතු තරමේ විශාල නෞකා මෙම සාම්ප්‍රදායික ක්ලින්කර් ක්‍රමය යොදා ගනිමින් නිපදවිය හැකි විය. යුධ භටයන් 100 ක් පමණ රැගත් මකර නෞකා දුර්ලභ දෙයක් නොවීය.

තවදුරටත් දැක්වන්නේ නම් අවල් ගැසීම සදහා හොද කෝණයන් ලබා ගැනීමට සහ නැව යාත්‍රා කිරීමේදී අවල් ගබඩා කර තැබීමට අවල් අගුළු යොදා ගෙන ඇත. මෙම යුගයේ විශාල නෞකා වලට පැයට නාවික සැතපුම් හයක පමණ වේගයක් අවල් බලයෙන් ලබා ගත හැකි වූ අතර රුවල් බලය යටතේ නාවික සැතපුම් දහයක පමණ වේගයක් ලබා ගත හැකි විය.

දිශා දැක්වීම[සංස්කරණය]

තාක්ෂණයේ දියුණුවත් සමග ඔවුන්ගේ නෞකා වඩා හොදින් මුහුදට ඔරොත්තු දෙන ලෙස නිෂ්පාදනය වීමත් සමග වයිකින්ග් වරුන් වඩ වඩාත් මුහුදු ගවේෂණ වල යෙදුනි. නමුත් සාගරය තරණය කිරීම සදහා වයිකින්ග් වරුන්ට වඩා නිවැරදි දීශෘ දැක්වීමේ ක්‍රම වල අවශ්‍යතාව දැනුනි. බොහෝවිට නැවක නියමුවා නැව ගෙන යා යුතු ගමන් මාර්ගය සාම්ප්‍රදායික දැනුම් ආශ්‍රයෙන් ලබා ගත්තේය. වයිකින්ග් වරුන් මුහුදු රළ වල ස්භාවය, ගතවන කාළය, ගොඩබිම් මූලාශ්‍ර වැනි පෙර පලපුරුදු අත්දැකීම් නැව ගෙන යා යුතු මාර්ගය තීරණය කිරීමේදී නිසැක වශයෙන්ම යොදා ගනු ලැබුවේය. උදාහරණයක් වශයෙන් විද්වතුන් දක්වන අයුරින් තල්මසුන් සිටීම නැවක දිශාව තීරණය කිරීමේදී උපයෝගි කරගනු ලැබිණි. මන්ද යත් තල්මසුන් ජීවත් වන්නේ ආහාර බහුල මුහුද ජලය ආශ්‍රිතවය. මෙවැනි ජල ප්‍රදේශ බහුලව හමු වනුයේ ගැඹුරු දියවැල් ගැඹුරින් අඩු ප්‍රදේශ කරා තල්ලු කරනා ගොඩබිම් ප්‍රදේශ ආශ්‍රිතවය. මේ අනුව තල්මසුන් ගැවසෙන ප්‍රදේශයක් යනු ගොඩබිමක් පිලිබද සලකුණකි.

අනෙක් අතට ඇතැම් විද්වතුන් යෝජනා කරන ආකාරයට වයිකින්ග් වරුන් වඩා දියුණු තාක්ෂණයන් දිශාව තීරණය කිරීමේදී යොදා ගෙන ඇත. උදාහරණයක් ලෙස හිරු මාලිමාව දැකිවිය හැකිය. ග්‍රින්ලන්තයේ නාර්සේෂුවැක් (Narsaruaq) වෙරළ තීරයෙන් හමුවූ ලී අඩ තැටියක් මෙම උපකල්පනයට මූලික වශයෙන් සාධක සපයයි. නමුත් වැඩිදුර අධ්‍යයනයන් මගින් පෙන්නුම් කෙරුනේ මෙහි යොදා තිබූ කෙටි කැපුම් අසමානුපාතිකව යොදා ඇති බවයි. ඒ අනුව මෙය නිවැරදි මාලිමාවක් ලෙස භාවිතා කිරීමට නොහැකි බවයි. ඒ අනුව මෙම තැටිය භාවිතා කරන්නට ඇත්තේ පූජක වරුන් බවට යෝජනා වනවා. පූජක වරුන් පාපොච්චාරනය කිරීමේදී මෙම කට්ට යොදන්නට ඇති බවට සිතනව. මීට සමානවම පර්යේෂකයන් සහ ඉතිහාසඥයන් දිගින් දිගටම විවාද කරන කාරනයක් නම් වයිකින්ග් වරුන් දිශා තීරණය කිරීමේදි හිරු පාෂාණ භාවිතා කරාද යන්නයි. මන්ද යත් හිරු පාෂාණ වලින් ආලෝකය ධ්රැවිකරනය කල හැකි වන අතර එය දිශාව තීරණය කිරීමේදි පැසසිය හැකි ක්‍රම වේදයක් බැවිනි. කුමන දිශාවක් ඔස්සේ ආලෝක තරංග කම්පනය වන්නේද යන්න පෙන්වීම මගින් හිරු ආලෝකය මද, වළාකුලු සහිත තත්වයක් යටතේ වුවද හිරු ඇති ස්ථානය පෙන්වීමට හැකියාව හිරු පාෂාණ සතුව ඇත. මෙම පාෂාණ තරංග වල දිශාව අනුව එක් නිශ්චිත වර්ණයකට වෙනස් වන අතර මේ සදහා පාෂණ සෘජු සූර්යාලෝකය පතිත වන ස්ථානයක තැබිය යුතුය. මේ අනුව විද්වතුන් මෙවන් සීමාකාරී තත්ව යටතේදී හිරු පාෂාණ දිශා දැක්වීමේ ක්‍රම වේදයක් ලෙස යොදා ගැනීමේ යෝග්‍යතාව ගැන වාද කරයි. 

වයිකින්ග් ඉතිහාස කතා වල නිතරම පැවසෙන පරිදි වයිකින්ග් වරුන් ඔවුන්ගේ දීර්ග මුහුදු ගමන් වලදී අයහපත් කාලගුනය සහ මීදුම නිසා පීඩා විදි බව දැක්වේ. දිශාව පිලිබද කිසිදු අදහසකින් තොරව ඔවුන් සම්පූර්ණයෙන්ම මංමුලා වූ අවස්තා ගැනද සදහන් වේ. මෙම වාර්තා වලට අනුව දැක්වෙන්නේ ඔවුන් දිශාව නිර්ණය කිරීම සදහා හිරු එළිය අපහැදිලි අවස්ථා වලදී හිරු පාෂාණ භාවිතා කර නොමැති අතර වයිකින්ග් වරුන් පවතින සූළං මත යැපුනු අතර ඔවුන්ගේ පාරම්පරික සාම්ප්‍රදායික දැනුම දිශා තීරණය කිරීමේදි යොදා ගන්නට ඇති බවයි.

සම්ප්‍රදාය සහ සංස්කෘතිය[සංස්කරණය]

එක් වයිකින්ග් සම්ප්‍රදායක් වූයේ වයිකින්ග් නායකයින් මිය ගිය පසු ඔවුන් ඔවුන්ගේ නෞකා සමග මිහිදන් කිරීමයි. මියගිය පුද්ගලයාගේ සිරුර ප්‍රවේසමින් සූදනම් කරන ලද අතර ඔවුන්ගේ හොදම ඇදුම් වලින් සරසන ලදි. මෙම සූදානම් කිරීමේ කටයුතු වලින් අනතුරුව ශරීරය ආදාහනය කරන ප්‍රදේශයට අශ්ව රියකින් ගෙනයන ලදි. අනතුරුව මෘත දේහය ඔහුගේ භාරයේ තිබූ දේවල් සමග නැව තුල තැන්පත් කෙරිනි. නායකයාගේ ප්‍රියතම අශ්වයා, බොහෝවිට ස්වාමියාට ලැදි දඩයම් බල්ලෙකු සහ ඇතැම් අවස්ථාවලදී වහලුන් ද බිලි පූජා කරන ලද අතර මෘත දේහය සමග ආදාහනය කරන ලදි. මෙයින් අනතුරුව මිය ගිය පුද්ගලයා මරණින් මතු ලෝකයට යාත්‍රා කරන බව වයිකින්ග් වරුන් තදින්ම විශ්වාස කරන ලදි. වයිකින්ග් නෞකා මිහිදන් කිරීමක් පිලිබද උදාහරණයක් ලැඩ්බි (Ladby) නම් ඩෙන්මාර්ක් ගම්මානයේ සිදු කරන ලද කැණීම් කටයුතු වලින් හමු වී ඇති අතර ප්‍රදර්ශනයට තබා තිබේ. 

නෞකා සමග මිහිදන් කිරීම නෝර්ඩික් යකඩ යුගය දක්වා තරම්වත් ඈත අතීතයකට දිවෙන ස්කැන්ඩිනේවියානු පුරාණ සංස්කෘතික අංගයකි. මෙයට සාක්ෂි සදහා උදාහරණ වශයෙන් හියෝස්ප්‍රින්ග් (Hjortspring) බෝට්ටුව (400-300 ක්‍රි.පූ.) හෝ නයිඩම් (Nydam) බෝට්ටු (200-450 ක්‍රි.පූ.) දැක්විය හැකිය. නෞකා, මළ සිරුරු  සහ ජලය ජර්මානු සංස්කෘතියේ ආත්මීය වැදගත්කමක් ඉසිලූ අංග ලෙස නෝර්ඩික් ලෝකඩ යුගය තරම්වත් ඈතට දිවෙයි. 

සංරක්ෂණය කරන ලද නෞකා[සංස්කරණය]

සංරක්ෂණය කරන ලද Oseberg නෞකාවේ කොටස් වයිකින්ග් කෞතුකාගාරය(ඔස්ලෝ)

ඇතැම් මුල් වයිකින්ග් නෞකා අවුරුදු ගණනාවක් තුලදී හමුවූ නමුත් මේවයින් කිහිපයක් පමණක් සංරක්ෂණ කටයුතු සදහා යොදාගැනුනි. මෙම නෞකා කිහිපයෙන් වඩාත්ම අවදානයට පාත්‍ර වූ නෞකා කිහිපය පහත දැක්වේ. 

  • ගොක්ස්ටඩ් නෞකාව (Gokstad ship) : මුළු දිග – දළ වශයෙන් මීටර 23.3 (අඩි 76)
  • ඕස්බර්ග් නෞකාව (Oseberg ship): මුළු දිග – දළ වශයෙන්  මීටර 21.5  ( අඩි 71)
  • ටියුන් නෞකාව (Tune)
  • ස්කල්ඩෙලෙව් නෞකා (Skuldelev Ships)

අනුකෘතීන්[සංස්කරණය]

වයිකින්ග් නෞකා අනුකෘතීන් බහුලව හමු වන නෞකා අනුකෘතීන් වර්ගයකි. වයිකින්ග් නැමැති මුල්ම වයිකින්ග් නෞකා ආකෘතිය නෝර්වේ සන්ඩර්ෆියුජ් (Sandefjord) හි රොඩ්ස්වර්වන් (Rødsverven) නැව් තටාංගනයේ තනනු ලැබීය. 1893 දී මෙය ලෝක කොළොම්බියානු ප්‍රදර්ශනය සදහා අත්ලාන්තික් සාගරය තරණය කරමින් චිකාගෝ වෙත ලගා විය. සැලකිය යුතු ප්‍රමාණයක වයිකින්ග් යුගයේ නෞකා ප්‍රතිසංස්කරණය කිරීම්, උතුරු යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සේවය සදහා යොදා ගෙන තිබේ. ඩෙන්මාර්කයේ රොස්කිලේ (Roskilde) හි වයිකින්ග් නෞකා කෟතුකාගාරය ඔවුන් සතුව ඇති පුරාවිද්යාත්මක සොයාගැනීම් අනුව නිර්මාණශීලිව සහ නිවැරදිව වයිකින්ග් නෞකා  ප්‍රතිසංස්කරණය කිරීම පිලිබද කීර්තියක් උසුලයි.

මේවාද බලන්න [සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]