Jump to content

වන සංවර්ධන විද්‍යාව

විකිපීඩියා වෙතින්
නැවත් සිටුවිමට සකස් කල පැළයක්.
ශාක සිටවන්නෙක්.

වන සංවර්ධන විද්‍යාව යනු වනාන්තර හා ශාක වගා කිරීම පිළිබඳ අධ්‍යයන හා කළමණාකරන කලාව, විද්‍යාව හා පෙරහුරුව වගේම ඒ ආශ්‍රිත ස්වාභාවික සම්පත්ය. Silvi වගා කිරීම යනු මේ ආශ්‍රිත විද්‍යාවකි. එයට ශාක හා වනාන්තර වගා කිරීම හා රැක බලා ගැනීම ඇතුළත්ය. නූතන වන සංවර්ධන විද්‍යාව සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ තවත් කරුණු කිහිපයක් ද සමඟිනි. ඒවා නම් දැව නිෂ්පාදනය වෙනුවෙන් අමුද්‍රව්‍යයක් ලෙස ලී සැපයීමට වනාන්තර උපකාර කර ගැනීම, වන ජීවීන්ගේ නිජ බිමක් ලෙස, ස්වාභාවික ගුණාත්මක ජල නියමයන්, වෙනත් නිපැයුම්, භූමි දර්ශනය හා ප්‍රජාව රැක ගැනීම, රක්ෂාව, සෞන්දර්යාත්මකව සිත් ඇද ගන්නා භූමි දර්ශන, ජෛව විවිධත්ව කළමණාකරණය, ජල බැසීම් කළමණාකරනය, සහ වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් තැන්පත් වන ස්ථානයක් ලෙස යනාදී කරුණුය. වන සංවර්ධනය විද්‍යාවෙහි නියැලෙන තැනැත්තා වන ආරක්ෂක නිලධාරියා ලෙස හඳුන්වයි.

ජීව ගෝලයේ ඉතාම වැදගත් කොටස්වලින් එකක් බවට, වනාන්තර පරිසර පද්ධති පත් වී ඇති අතර වන සංවර්ධන විද්‍යාව, භාවිතයේ ඇති කලාවෙහි, විද්‍යාවෙහි, සහ තාක්ෂණයෙහි වැදගත් ක්ෂේත්‍රයක් ලෙස ඉස්මතු වී ඇත.

ක්‍රියාකාරකම්

[සංස්කරණය]

අතින් ගස් පැළ කිරීම වනාන්තර රෝපණයේ දී බහුලව යොදා ගන්නා ක්‍රමයකි. වරෙක විලෝගස් ඇලවී තිබූ භූමියක ඊට ආවේනික යුක්ලිටස් නැවත වගා කිරීම.ඕස්ට්‍රේලියාවේ ටොම්බෝ ග‍ඟෙහි ඉවුරු මත වනාන්තර පවත්වා ගෙන යාම බොහෝ විට කර්මාන්ත, රජයේ ආයතන, සංරක්ෂණ කණ්ඩායම්, නාගරික උද්‍යාන මණ්ඩල, රට වැසියන්ගේ සංවිධාන හා පෞද්ගලික ඉඩම් හිමියන් මඟින් පාලනය කෙරේ. මේ අතුරින් කාර්මික වනාන්තර මූලික වශයෙන්ම භාවිතා වනුයේ දැව ලබා ගැනීමට හා වනාන්තර පුනුරුත්ථාපනය (ප්‍රතිජනනය ) සඳහා වේ. අනෙකුත් වනාන්තර වෙනත් විවිධ වූ අවශ්‍යතාවයන් හා ප්‍රයෝජන සඳහා භාවිතා කෙරේ. උදාහරණයක් ලෙස නාගරික වනාන්තර නගර සීමාවන් තුළ පාලනය කෙරෙන අතර මුලික අරමුණ වනුයේ නගර සීමාව තුල ශාක ප්‍රමාණය වැඩි කර ගැනීම හා වෙනත් විශේෂ ප්‍රයෝජන වේ. තවත් සමහර වනාන්තර ක්‍රියාත්මක වනුයේ ශාක පැළ ලබා ගැනීමේ අරමුණු කිරීමේ ව්‍යාපෘති සඳහා භාවිතා කෙරේ. තවත් වනාන්තර ශාක ජාන බැංකු ලෙස පවත්වා ගෙන යන අතර එය නව ශාක හා වර්ධන තත්වයන් ඇති කිරීමට ජාන ඉංජිනේරුවන්ට උපකාරී වේ. ඉහත කී විවිධ ක්‍රමෝපායන් හේතුවෙන් උසස් පාසල්වලින් පිටවන උපාධිධාරීන්ගේ සිට සුවිශේෂ වු විෂය පථයන්ගේ නිපුණ ආචාර්යවරුන් දක්වා හැකියා විවිධත්වයක් මෙම ක්ෂේත්‍රය තුළින් බිහි වී ඇත. සාම්ප්‍රදායිකව කාර්මික වනාන්තර පාලනය කෙරෙනුයේ වනාන්තර කළමනාකරණ සැලසුම් මඟිනි. මෙම සැලසුම් බොහෝ විට මුලික කර ගනුයේ ශාක, ලේඛණගත වාර්තා, වනාන්තරය අයත් ප්‍රදේශයේ භූ විෂමතාවය, ශාක ව්‍යාප්තිය (විශේෂ අනුව) සහ ‍වෙනත් පැලෑටි වර්ගවල විස්තර ඇතුළින් ලේඛන මඟිනි. මීට අමතරව මේවායෙහි අදාල ප්‍රදේශයේ මාර්ග, බෝග වගාවන්, මිනිස් ජනාවාසවලට ඇති දුර හා එහි බලපෑම, ජල වහන පද්ධතිවල විස්තර යන පාරිසරිකව අති සංවේද ප්‍රදේශව පාංශු තත්වයන්ගේ විස්තර යනාදිය වේ. අවසාන වශයෙන් මෙම වනාන්තර කළමනාකරණ සැලසුම්වල භූමිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමේ ආකාරය හා එය සිදු කරන කාල රාමුව ද ඇතුළත් වේ. නමුත් ගස් කපා ගැනීමේ හෝ අදාල ප්‍රදේශයේ සිදු කරන වෙනත් ක්‍රියාකාරකම් බොහෝ විට භූමිය අයිතිකරුගේ හෝ බදු ඔප්පු හිමි‍යාගේ (මීට වනාන්තරයෙන් දැව ලබා ගැනීම සඳහා අවසර සහිත දැව සමාගම්වලට හෝ රජයේ වනාන්තර නම් රජය) අරමුණුවල බලපෑමට යටත් වේ. මීට අමතරව වෙනත් පාර්ශවකරුවන්ගේ (උදාහරණ ලෙස වනාන්තරය ආසන්න ප්‍රජාව හෝ ප්‍රජාවන්, අසල්වාසීන් හෝ වනාන්තර තුළ හෝ එහි මායිමේ වෙසෙන ග්‍රාමීය ජනතාවගේ) අවශ්‍යතා ද සලකා බැලීම නව ප්‍රවණතාවක් ලෙසින් ඇති වී තිබේ. මෙහිදී හැමවිටම දැව ලබා ගැනීමේ වනාන්තරවලට අදාල නීති රීති හා කරුණු සලකමින් සැලසුම් සැකසීම සිදු කරයි. මේ සියලු සැලසුම් අවසන් දැව ලබා ගැනීම සඳහා උපදෙස් මෙන්ම අලුතෙන් මාර්ග තැනීමට හෝ වෙනත් ඉංජිනේරුමය වෙනස්කම් අවශ්‍ය වේ නම් ඒවාද ඇතුළත් වන ලෙස සකස් කෙරේ. සාම්ප්‍රදායික වනාන්තර කළමණාකරණ ව්‍යාපෘති වලදී ප්‍රධාන වශයෙන්ම අරමුණු කරනු ලබන්නේ ලී, ඔප දැමූ ලී, තුනී ලෑලි, කඩදාසි, දැව දර හා වෙනත් කර්මාන්තවලට අවශ්‍ය වන අමුද්‍රව්‍යයක් ලෙස ලී කොට සැපයීමයි. නිෂ්පාදනය කරනු බන දැවවල තත්වය, ප්‍රමාණය, රැකියා උත්පාදනය හා ලාභය මුලික වශයෙන් සැලකුව ද එය හැමවිටම වැදගත් ලෙස නොසලකනු ලැබේ. වනාන්තර වගාකරුවෝ බොහෝ විට පසු අස්වනු ක්ෂේත්‍ර සැලසුම් ඉදිරිපත් කරයි. මේවා බොහෝ විට නැවත වන වගාව (විශේෂ වශයෙන් වගා), වල් පැලෑටි පාලනය, පොහොර දැමීම හෝ ළපටි පැළ අතර දුර වැඩි කිරීම (බොහෝ විට ගස් එකිනෙක ආසන්නව තදබෑම වර්ධනය වීම අඩු කොට ලිහිල් වනාන්තර ඇති කිරීමට) යනාදී අරමුණු කර පවතී. මීට අමතරව වනාන්තර වගාකරුවන්ගේ වෙනත් වගකීම් ලෙස කෘමි උවදුරු පාලනය කිරීම හා වැළැක්වීම, විවිධ රෝග පාලනය, වනාන්තරවල හා තෘණ භූමිවල ලැව් ගිනි පාලනය යනාදිය වේ. බොහෝ විට වනාන්තර හේතුවෙන් ඇතිවිය හැකි රෝගී වසංගත තත්වයන්ගේ පිටත හා දේපල හානි අවදානම බලාපොරොත්තු මෙන් වුවද ඉහත සඳහන් වගකීම් ඉටු කරමින් ස්වභාවික ලෙස මෙම ජෛව පද්ධතිවට ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීම නව ප්‍රවනතාවක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් පවතී. වන වගාකරුවෝ බොහෝ විට වනාන්තර වර්ධන වීමේ ආදර්ශනය කිරීමේ හා මැනීමේ විශේෂඥයෝ වෙති. (වනාන්තර මිනුම්කරණය) මීට අමතරව මෙම වන වගාකරුවෝ වන ජීවී සංරක්ෂණ ව්‍යාපෘති හා ජලාධාර සංරක්ෂණ ව්‍යාපෘති වලට ද සහභාගී වෙති.

ඉතිහාසය

[සංස්කරණය]
දැව බහුලව ලබාගන්නා වන සම්පතකි.

වන සම්පත් භාවිතය හා කළමණාකරණය පිලිබදව චීනයට දිගු ඉතිහාසයක් තිබේ. කාල වකවානුව හන් රාජවංශය සිට රදළ කාලය දක්වා ගනන් ගැනේ. පසු කාලීනව මිං රාජවංශයේ චීන ශිෂ්‍ය Xu Guangqi (1562 – 1633) විසින් ද මේ බව සදහන් කර ඇත. බටහිර ලෝකයේ විධිමත් වන සංවර්ධන ක්‍රියාවලි වර්ධනය වුයේ මධ්‍යකාලීන යුගයේදී ය. ඒ වන විට භූමිය රජවරුන්ගේ හා වංශාදිපතින්ගේ පාලනය යටතේ පැවතුණි. භුමිය පාලනය සම්බන්දයෙන් දඩයම් කරුවන් අතර පැවති නීති අයත් විය. ගොවීන් විසින් බොහෝමයක් ‍ප්‍රදේශ ඉන්ධන සදහා දැව ලබා ගැනීම, ඉදිකිරීම් සදහා අවශ්‍ය දැව ලබා ගැනීම සහ සතුන් ඇති කිරීම යන කාර්යයන් සදහා යොදා ගෙන තිබුණ ද දඩයම් නීති ඉතිරිව පැවතියේ රදල සමාජිකයන් නිසාය. 16 වන ශත වර්ෂයේදී පමණ ජර්මන් රාජ්‍ය සහ ජපානය අඛණ්ඩව දැව අස්වැන්නක් ලබා ගැනීම උදෙසා ක්‍රමානුකූල වන කළමණාකරණ ආරම්භ කර තිබුණි. සම්මතයක් ලෙස වනාන්තර විශේසිත කොටස් වලට බෙදා සිතියම් ගත කර ඇත්තේ දැව ලබාගැනීම වනාන්තර උත්පාදනය කර ගැනීමේ අරමුණත් සමගය.

වන වගා ඇති කිරීම ප්‍රයෝගිකව ස්ථාපිත කිරීම ආරම්භ කරන ලද්දේ John Evelyn විසිනි. ඒවන විටත් බ්‍රිතාන්‍ය දූපත් වාසීන් අතර ඊට යම් ජනප්‍රියත්වයක් ලැබී තිබුණි. වන ජීව අධ්‍යයන ආයතන ස්ථාපිත වුයේ 1825 න් පසුවය. මෙවායින් බොහෝමයක් ජර්මනියේ සහ ප්‍රංහයේ පිහිටා තිබුණි. 19 වන සහ 20 වන ශත වර්ෂය මුල් භාගය යන ශත වර්ෂ වලදී වනාන්තර ආරක්ෂා කිරීමේ වැඩ සටහන් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව යන රටවල ස්ථාපිත විය. බොහෝමයක් වන ජීව නිළධාරීන් යුරෝපා මහද්වීපයේ (Sir Dretrich Branclis) හෝ එහි අධ්‍යාපනය ලැබුවෝය.(Gifford Pinchot) දැව ලබා ගැනීම වන සංවර්ධන විද්‍යාවේ ප්‍රධාන අංගයකි.

20 වන ශතවර්ෂයේ දී බටහිර ජාතීන් අතර වගා කිරීමේ සංරක්ෂණ ක්‍රියාදාම වල තාක්ෂණික ධාරිතාවය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස වන සංවර්ධන නීති සහ ඊට සම්බන්ධ නියමයන් පැනවීම සහ ඒවා විනාශයට පත්වීම සිදු විය.

උෂ්ණ කලාපීය වන සංවර්ධන විද්‍යාව ඝර්ම කලාපීය වනාන්තර සම්බන්ධ වන සංවර්ධන විද්‍යාවේ කොටසක් ලෙස වෙන් කළ හැකි බව තේක්ක හා මහෝගනී දැව අස්වැන්න සලකා බැලීමෙන් කිව හැක. Sir Dietrich Brandis මෙම උෂ්ණ කලාපීය වන සංවර්ධන විද්‍යාව පිළිබදව කරුණු තව දුරටත් සොයා බලයි.

අධ්‍යනය

[සංස්කරණය]
ඉන්ධන ප්‍රමාණ අඩු කර ගැනීම සඳහා වනාන්තර භාරකරුවන් විසින් සිදු කරන නිර්දේශිත පිළිස්සීම්.

මධ්‍යම යුරෝපයේ වන කළමණාකරණය අතීතයේ සිට උගන්වා තිබුණ ද ඒ වෙනුවෙන්ම වෙන් වූ පළමුවන සංරක්ෂණ විද්‍යාලය George Harting විසින් 1787 දී Dillenburg නම් වු ජර්මානු නගරයේ ආරම්භ කරන ලදී. උතුරු ඇමරිකාවේ ප්‍රථම වන සංරක්ෂණ විද්‍යාලය George Vanderbilt විසින් උතුරු කැරලිනාවේ Asheville හි ඇරඹුවේ සිදුවන වනාන්තර විනාශය පිළිබදව කම්පා වීමෙනි. ඔහුගේ බිල්ට්මෝර් වත්ත සම්පුර්ණයෙන්ම කළමණාකරණය කරන ලද වනාන්තරයකි. මෙහි 1895 සිට මුඩු බිමෙහි වගා කරන ලද වැඩුණු ශාඛ දක්නට ඇත. New York State College තවත් මෙවැනිම 1896 දී Cornell හි ආරම්භ කරන ලද විද්‍යාලයකි. අතීත උතුරු ඇමෙරිකානුවන් දහ නව වන සියවසේ සිට වන කළමණාකරණය හැදැරීමට ජර්මනියට ගියහ. සමහර ජර්මානුවන් උතුරු ඇමෙරිකාවට පැමිණියහ. මෙසේ දෙරට අතර දැනුම හුවමාරු විය.

දකුණු ඇමෙරිකාවේ ප්‍රථම වන සංරක්ෂණ විද්‍යාලය බ්‍රසිලයේ ආරම්භ විය. විශේෂයෙන්ම Vicosa Minas Gerais සහ Curitiba parana යන ස්ථාන මෙහිදී වැදගත් විය.

වර්තමානයේ වන සංරක්ෂණකරුවෙකු විසින් ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව, ජාන තාක්ෂණය, පාංශු විද්‍යාව, දේශගුණික විද්‍යාව, ජල විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වන කළමණාකරණය යන විෂයන් ඉගෙන ගත යුතුය. සමාජ විද්‍යාව සහ දේශපාලන විද්‍යාව හදාරා තිබීම අමතර වාසියකි. ජ්‍යාත්නතර දේශපාලන විද්‍යාව පිළිබද උනන්දු වන්නට සිත්ගන්නා සුලු විෂය පථයක් හදුන්වා දී ඇත. වනාන්තර දේශපාලනය සහ දැනුම් කරුණු හුවමාරු කිරීමට මාර්ගය සලසා ඇත.

ඉන්දියාවේ වනාන්තර කළමණාකරණය පිළිබද අධ්‍යාපනය කෘෂිකර්ම විහ්ව විද්‍යාල සහ වනාන්තර ගවේෂණ ආයතන (Decmed University) මගින් ලබාදේ. උද්‍යාන විද්‍යාව සහ වන කළමණාකරණය පිලිබදව Solan හි පිහිටි විශ්ව විද්‍යාලය Forestry education ලබාදීමට ආසියාවේ ඇති එකම විශ්ව විද්‍යාලයයි. මෙම විශ්ව විද්‍යාලයන්හි උපාධි අපේක්ෂකයන් සදහා සිව් අවුරුදු පාඨමාලා පවත්වා ගෙන යයි. මෘට අමතරව පශ්චාත් උපාදි සහ ආචාර්යය උපාධි පාඨමාලා සදහා පහසුකම් සපයා ඇත.

තිරසාර වන කළමණාකරණය පිළිබද උනන්දු වන්නට, ශිෂ්‍යයන්ට, වැසි වනාන්තර (නිවර්තන) සුරකින්නට ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස Puetto Rico හි වනාන්තර කළමණාකරණ වැඩසටහනේ අමතර ව්‍යාපෘතියක් ලෙස Tropic Ventures Rainforest Enrichment and Sustainable Forestry ව්‍යාපෘතිය අරඹා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=වන_සංවර්ධන_විද්‍යාව&oldid=471981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි