වන ලැහැබ කළමනාකරණය

විකිපීඩියා වෙතින්

වන ලැහැබ කළමණාකරනය යනු දැව නිෂ්පාදනය වැඩි කිරීමට හෝ වන සතුන් සංරක්ෂණය සදහා වන ලැහැබ කළමණාකරණය කිරීමයි. කොපිසයන් සිදු කරන වන ලැහැබ වැනි මනා ලෙස කළමණාකරනය සිදු කරන වන ලැහැබ මගින් අඛණ්ඩ කුඩා ලී සැපයුමක් ලබා ගත හැක. (වැට ඉදි කිරීමට, කොසු මිට සෑදීමට සුදුසු ලී) වන ලැහැබ තුළ වූ එළිමහන් ස්ථාන මදක් ගස්වැල්වලින් වැසුනු ස්ථාන, හා සම්පූර්ණයෙන් ම ගස්වලින් වැසුනු ස්ථාන යන මිශ්‍රණය නිසා එහි ජීවත් වන කුරුල්ලන්, කෘමීන් හා මල් විශේෂ වලට විවිධාකාර වූ පරිසරයන් පවත්වාගෙන යයි.

අනෙකුත් වන ලැහැබ කළමණාකරන ක්‍රමයන් වනුයේ කප්පාදු කිරීම හා තීරු කර කැපීම ය.

ඉතිහාසය[සංස්කරණය]

අඟුරු යකඩ නිපදවන කාලයේදී , යකඩ තනන ප්‍රදේශ වල බොහෝ කැලෑ වසර 16කට වරක් කපාදමන වන ලැහැබ වල ලෙස නඩත්තු කර ඇත. මේ ආකාරයට සදාකාලික ප්‍රතිපත්තියක් වශයෙන් කර්මාන්ත සඳහා ඉන්ධන සැපයීමට හැකිවී ඇත. මෙම ක්‍රමය ක්‍රමවත්ව හසුරවා ඇත්තේ vlll වන හෙන්රි ගේ ආඥාපනත මගිනි. එනම් අවශ්‍ය කරන දැව කපා දැමීමෙන් පසු ඇහිරීම (සතුන් විසින් ආහාරයට ගැනීම වැලැක් වීම) සහ ස්ටැන්ඩෙල් (නියම මිමි ලබා ගැනීමට වැඩුණු සෘජු නොකැපූ ශාක) දොලහක් සෑම ආකාරයකටම , දැව ලබාගැනීමට හැකිවන තෙක් වර්ධනය වීමට ඉඩහැරීම සෘජු වන ලැහැබ් (coppice with standards) වශයෙන් හඳුන්වන ‍වෙනස්ම වූ වන ලැහැබ් නිර්මාණය කිරීමේ ක්‍රමය (වනලැහැබ් චක්‍ර කිහිපයක් අතරතුර විසිරුණු තනි කඳන් වලට වර්ධනය වීමට ඉඩහැරීම)ධ මුළු බ්‍රිතාන්‍යයම වැඩි වශයෙන් පාවිච්ච් කර ඇත්තේ ඕනෑම ප්‍රදේශයකින් ලැබෙන නිෂ්පාදන වලට උසස් නම්‍යශීලීත්වයක් ලබාදීමටය. කැලෑවන් වල පිහිටි වන ලැහැබ් මගින් කුඩා ද්‍රව්‍ය සැපයීම පවමණක් නොව නිවාස තැනීම පාලම අළුත්වැඩියා කිරීම , කරත්ත තැනීම වැනි රැකියා සඳහාද නියමිත මිමි සහිත සෘජු ශාක මගින් විශාල දැව සැපයීමද සිදු කරයි. ශාක කඳ (හෝ මුලින් අදින රිකිල්ල) භාවිතා කිරීමට හැකිවන්නේ එහි ළපටි අවස්ථාව රිකිලි වැටවල් ඉදිකිරීම වෙනුවෙන් ( විලෝ හා හේසල් ශාක මගින් මෙන් ) හෝ ඕක් හෝ ඈෂ්. වැනි ශාක බොහෝවිට කඳ දැව ලෙස භාවිතා කරන ආකාරයට ,නව ශාක කඳ කොටස විශාල රිටි ලෙස වර්ධනය වීමට ඉඩහැරීමෙනි මෙමගින් ස්වභාවිකව වැඩුණු ශාක වල ඇති නැවුම් හා අතු බෙදීම නොපිහිටන දිග සෘජු රිටි නිර්මාණය වෙයි. තවද වන ලැහැබ් නිර්මාණය කිරීම මගින් , කුරුඳු ශාකය එහි පොත්ත වෙනුවෙන් වගාකරන ආකාරයට විශේෂිත වර්ධන ක්‍රම සිදු කිරීමට හැකිවී ඇත. වන ලැහැබ් වලින් ලබා ගන්නා තද දැව , රථ හා නැව් සෑදීම සඳහා විශාල ලෙස භාවිතා කරන ලදී. තවද මේ වන තෙක් ශාකමය ගොඩනැගිලි හා ලී බඩු සඳහා ද භාවිතා කරයි.

වර්තමාන ක්‍රියාකාරකම්[සංස්කරණය]

වසර 7 – 20 කාලය තුළ යටි වගා චක්‍රය දක්වන රූප සටහන

දකුණු බ්‍රිතාන්‍යයේ යටි වගාව ලෙස ඕක්, ash හෝ බීච් ශාක අතර වැඩුණු හේසල්, හෝන් බීන් බීච්, ඈෂ් හෝ ඕක් ශාක යොදා ගනී. තෙත් ප්‍රදේශවල ඇල්ඩර් (alder) සහ විලෝ (Willow) ශාක භාවිතා වේ. මෙම ශාක විවිධ අවශ්‍යතා සඳහා දැව සපයයි. විශේෂයෙන්ම ලෝපස් උණූකර ලෝහ ලබා ගැනීමේදී අතුරු ලෙස දැව යොදා ගනී. මෙම දැවවලින් සුළු කොටසක් කවුළු (hurdles) තැනීමට , වහල සෑදීමට, ගල් අඟුරු දහනයට සංරක්ෂණ සංවිධාන මගින් යොදාගනී. මෙම යටිවගා වනාන්තර අතරින් දැනට ඉතිරිව ඇත්තේ East Sussex සහ Kert හි ඇති Sweet Chestnut වනාන්තරය පමණි. මේවායින් වැඩි ප්‍රමාණයක් 19 වන සියවසේදී වතුවගා ලෙස ව්‍යාප්තව පැවතුණි. එම වගාවන් hop – pole නිපදවීමට ‍යොදාගන්නා ලදී. වර්තමානයේ 12 – 18 වන වසර චක්‍රයක් ලෙස වැටවල් තැනීම‍ට යොදාගනී. එසේත් නොමැති නම් 20 – 35 චක්‍රයක් ලෙස rail fencing සඳහා යොදා ගනී. මීට අමතරව කුඩා කැබලි බවට පත්කර ගෘහනිර්මාණ කටයුතු සඳහා යොදා ගනී. ඉතිරි දැව වගා ගොවිපොළවල වැටවල් සෑදීමට, නවීන උණූසුම් උපකරණ පද්ධති සඳහා භාවිතා වේ.

උතුරු සහ බටහිර එංගලන්තයේ ප්‍රමිතියක් සහිත යටිවගා සඳහා සම්මතය ලෙස තරමක යටිවගාවක් සහිත ඕක් වගාව භාවිත කරයි. දෙවන ලෝක යුද්ධයට පසුව කොනිෆර් (Conifers) ශාක වගාකිරීම ඇරඹූ අතර යට වගා ශාක නොසලකා හරින ලදී. මෙහිදී යටි වගා ශාක ඉවත් කරන ලද නමුත් තවමත් ස්වල්ප පිරිසක් යටිවගා ශාක නිෂ්පාදන සඳහා යොමු වී සිටී. Bill Hogarth MBE ඔහුගේ පාඨමාලා, සංදර්ශන, රේඩියෝ, රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපටි මගින් මෙම වගාවට නව ජීවයක් දීමට සමත් විය. සමහර පිරිස් සම්පූර්ණව හෝ අර්ධකාලීනව යටිවගා නිෂ්පාදනවල යෙදී සිටී.

වේවැල්වලින් සිදුකරන කටයුතු ඉටුකර ගැනීමට විලෝ (Willow) විශේෂ එනම්, Osier නම් කුඩ ආදිය සෑදීමට ගන්නා විලෝ විශේෂය වගා කරයි. බොහෝ රටවල යුකැලිප්ටස් (Eucalyptus) විශේෂ යටිවගා ලෙස යොදා ගනී. සමහර අවස්ථාවල යටිවගා භූමි විශාල වනාන්තර බවට singling මගින් පරිවර්තනය කර ඇත. මෙහිදී නැවත වර්ධනය වන කඳන් කපන අතර ඉතිරි කරන කඳන් නොකැපූ ශාක ලෙස වර්ධනය වේ. යටිවගාවල නීත්‍යානුකූල මායිම් ශාක අතු මගින් හෝ කපන ලද ශාක කොටස් මගින් සලකුණු කරයි.

Coppicing

"https://si.wikipedia.org/w/index.php?title=වන_ලැහැබ_කළමනාකරණය&oldid=464929" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි