වනාන්තර මූලධර්ම
Jump to navigation
Jump to search
වනාන්තර මූලධර්ම යනු සියළුම ආකාරයේ වනාන්තර කළමණාකරන, සංරක්ෂණ හා තිරසාර දියුණුව පිළිබද ගෝලීය ඒකමතිකතාව සදහා වූ නීතිමය නොවන බැදීමක් සහිත වූ අධිකාරිමය මූලධර්ම ප්‍රකාශයට දෙන ලද නිල නොවන නාමය යි. මෙම ලියවිල්ල සාදන ලද්දේ 1992 වසරේ පෘථීවි සමුළුව ලෙස නිල නොවන ආකාරයෙන් හදුන්වන පරිසරය හා සංවර්ධනය සදහා වූ එක්සත් ජාතීන්ගේ සමුළුව මගිනි. මෙය නීතිමය වශයෙන් බැදීමක් නොමැති ලියවිල්ලක් වන අතර වන විද්‍යාව සදහා බොහෝ යෝජනා ඉදිරිපත් කර ඇත. හැත්තෑහත කණ්ඩායමේ වූ දියුණු වෙමින් පවතින් ජාතීන් විසින් වන සංරක්ෂණ ප්‍රදේශ වෙන් කිරීමට කළ යුතු ගෙවීම් සදහා විදේශ ආධාර වැඩි කරන ලෙස පෘථීවි සමුළුවේ දී ඉල්ලා සිටීම නිසා මෙම ලියවිල්ල සදහා වූ සාකච්ඡා සංකීර්ණ විය. දියුණු ජාතීන් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර අවසාන ලියවිල්ල දෙපාර්ශ්වයේම කැමැත්ත ඇතිව සම්මත විය.