වනාන්තර ආශ්‍රිත උද්‍යානකරණය (Woodland Gardening)

විකිපීඩියා වෙතින්

වනාන්තර ආශ්‍රිත උද්‍යානකරණය (Woodland Gardening)

කෙන්ෆර්න් හා Plants for a future විසින් වනාන්තර උද්‍යානකරණය වචනය උකහා ගන්නා ලදී. හාට්ගේ පද්ධතියට වූ ප්‍රධාන විවේචනයක් වූයේ භාවිතා කරන ලද ශාක තෝරා ගැනීමයි. කැරට් වැනි වර්තමානයේ වවන බොහොමයක් සාම්ප්‍රදායික බෝග සූර්යාලෝකය අවශ්‍ය ශාක වන අතර ඒවා වඩා වැඩි ආවරණයකින් යුත් වනාන්තර උද්‍යාන පද්ධති සඳහා නිසි පරිදි තෝරා ගෙන නොතිබුණි. ෆර්න්ගේ අදහස වූයේ සාර්ථක සමෝෂ්ණ වනාන්තර උද්‍යානයක් සඳහා සෙවන දරා ගත හැකි ශාක විශාල පරාසයක් භාවිතා කිරීමට අවශ්‍ය බවයි. මේ නිසා Plants for a future විසින් එවැනි පද්ධතියට සුදුසු ශාක දත්ත ගොනුවක් නිර්මාණය කරන ලදී.

ඇග්‍රො ෆොරස්ට්‍රි රිසර්ච් ට්‍රස්ට් ආයතනය සතුව ඩෙවෝන්, ඩාටින්ග්ටන් හි ෂූමාකර් විද්‍යාලයට යාබදව අක්කර 2ක වනාන්තර උද්‍යානයක් ඇත. එහි දී වල් පැලවල වැවීම වැළැක්වීම සඳහා ඔවුන් විසින් භූමි ආවරණ ශාක බහුලව භාවිතා කරයි.

නිවර්ථන ප්‍රදේශවල ගොඩ නංවා ඇති ගෘහස්ථ උද්‍යාන පද්ධති, සමෝෂ්ණ දේශගුණවල දී භාවිතා කිරීම සුදුසු පරිදි සකසා ඇත් ද යන්න පිළිබඳව යම් විවේචනයක් පවතී.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Forest_gardening