වනරෝපණය

විකිපීඩියා වෙතින්

වනරෝපණය යනු කලින් වනාන්තරයක්ව නොතිබූ භූමියක හෝ ගස් සිටුවීමෙන් හෝ බීජ මගින් ඇති කරන ලද වනාන්තරයක් ලෙස දිගු කාලයක් නොතිබූ භූමියක වනාන්තරයන් පිහිටුවීමේ ක්‍රියාවලිය යි. මෙම යෙදුම ඉඩම් රජය සතු වනාන්තර බවට නීත්‍යානුකූල ලෙස හැරවීමට ද අදාළ වේ.

බොහෝ රටවල් වනාන්තර විනාශ කිරීමේ සිය ගණනක් අත්දැකීම් වලට කාර්මික විප්ලවයේ සිට මුහුණ දෙන අතර වනාන්තර මගින් ලබා ගත හැකි ප්‍රයෝජන ලබා දීම සදහා රජයන් හා රාජ්‍ය නොවන ආයතන වනාන්තර ඇති කිරීමේ වැඩසටහන් වලට සෘජුව සමිබන්ධ වී ඇත.

නැවත වන වගා කිරීම යනු කෙටි කාල සීමාවකට පෙර ඉවත් කරන ලද වනාන්තර එම භූමියේ ම නැවත ඇති කිරීම ය. උදාහරණයක් ලෙස දැව සදහා වනාන්තර යොදා ගැනීමෙන් පසු නැවත එම භූමියේ වන වගා කිරීම ගත හැක යුරෝපීය සංගමය විසින් 1990 වසර කාලයේ සිට ගොවීන් හට වනාන්තර ඇති කිරීම සදහා ගෙවීම් සිදු කරයි. ඔවුන් විසින් ගොවි ඉඩම් නැවත වනාන්තර බවට පත් කිරීමට ආධාර දෙන අතර වනාන්තර කළමණාකරනයට ද ගෙවීම් සිදු කරයි. 1993 හා 1997 වසරවල් අතර කාලයේ යුරෝපා සංගමයේ නීතින් මගින් වර්ග කිලෝමීටර 5000 පමණ වූ භූමි ප්‍රදේශයක නැවත වන වගාව සිදු කිරීමට ඉඩ සලසා දී තිබුනි. දෙවන වැඩසටහන වසර 2000 සිට 2006 වසර අතර කාලයේ සිදුවූ අතර එමගින් අවම ලෙස වර්ග කිලෝමීටර 1000 පමණ වූ භූමියක වනරෝපණය සිදු කර ඇත. (නිවැරදි සංඛ්‍යා ලේඛන මේ වන තුරු නැත) එවැනි ආකාරයේ වූ තෙවන වැඩසටහන 2007 වසරේ ආරමිභ විය.

20 වන සියවසේ ආරම්භයේ යුරෝපය හා එක්සත් ජනපදය සතුව තිබූ වන ආවරණයට වඩා සැලකිය යුතු වන ආවරණයක් දැන් ඔවුන් සතුව ඇත. කෙසේ වෙතත් දකුණු හා මධ්‍යම ඇමෙරිකාවේ හා දකුණු ආසියාවේ විශාල ලෙස වනාන්තර විනාශ වීම තවමත් සිදු වන අතර මැලේසියාව වැනි විවිධ ජාතීන් හරිත වර්ණයෙන් යුක්ත වූ පරිසරයක් ඇති කිරීමට දැඩි ලෙස කටයුතු කරයි.

නිසරු පස ඇති ප්‍රදේශ වල වනරෝපණය[සංස්කරණය]

විවිධ ශුෂ්ක කලාප හෝ සංවේදීය කලාප වල වනාන්තර නැවත ඇති කිරිම නිසි මග පෙන්විමකින් තොරව සිදු කල නොහැක. මන්දයත් ඒවායේ ඇති විවිධාකාර වු පාරිසරික හේතු නිසාය. මේ හේතුන් අතර එක් හේතුවක් වනුයේ, ශුෂ්ක කලාප වල වනාන්තර විනාශ කල හොත් එම ප්‍රදේශ ඉතා ඉක්මනින් වියලි වන අතර, අලූතින් ශාක සිටුවිම සදහා එම භුමිය යෝග්‍ය නොවේ. අනෙකුත් ප්‍රබල හේතු වනුයේ මිනිසුන් විසින් ජීවනෝපාය මාර්ගයන් ලෙස ඇති කරන සතුන් විශේෂයෙන් ම එළුවන් වැනි සතුන් විසින් සිදු කරන ප්‍රමාණය ඉක්මවා උලා කෑම සහ වන සම්පත් සීමාව ඉක්මවා පරිභෝජනය කිරීමය. මේ හේතූන් නිසා කාන්තාරිකරණය හා මතුපිට පස නැති වීම කරා යොමු විය හැක. ඉතා දීර්ඝ ක්‍රියාවලියක් වූ පස අළුතින් නැවත සෑදීමේ ක්‍රියාවලිය සමිපූර්ණ වන තුරු පස නොමැතිව වනාන්තර වලට වර්ධනය විය නොහැක. ඇතැම් ඝර්මකලාපීය ප්‍රදේශ වලින් වන ආවරණය ඉවත් වුව හොත් උප මතු පිට පසෙහි වු තුනි ඝන ස්ථරය මගින් හෝ ඉලුවියල් සිලිකා සමග මිශ්‍ර වු පස් ස්ථරය මගින් ශාක මුල් වර්ධනය හා පස තුලින් ජලය පෙරීම වලක්වයි.

බොහෝ ප්‍රදේශ වල මිනිසුන් එම ප්‍රදේශයේ භූමිය භාවිතා කිරිම නිසා නැවත වන වගාව සිදු කිරීමට නොහැකි වි තිබේ. මේ ප්‍රදේශවල නැවත වන වගා කිරීම සදහා ගස්වල කුඩා පැල සිටුවීම, ගස් සිටුවිම අවශ්‍යය. අනෙකුත් ප්‍රදේශවල පොළවේ උප මතු පිට ස්ථරයේ වු ඉලුවියල් සිලිකා සමග මිශ්‍රව ඝනවු පස් ස්ථරය හෝ උප මතු පිට පසෙහි වු තුනි ඝන ස්ථරය යාන්ත්‍රානුසාරයෙන් කැඩිම අවශ්‍ය අතර රැකබලා ගැනීම සහ අඛණ්ඩව වතුර යෙදීම ද අවශ්‍ය විය හැක. තවද වැට ඉදි කිරීම වැනි විශේෂිත වූ ආරක්ෂාවන් ද අවශ්‍ය විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=වනරෝපණය&oldid=464935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි