වත් පිළිවෙත්හි සංකේත වර්ණ
හැඳින්වීම
[සංස්කරණය]සිංහල වත් පිළිවෙත් බෞද්ධ හා අබෞද්ධ වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. පින්කම්, මඟුල, අව මඟුල, සෙත් ශාන්තිය ආදිය පදනම් කරගෙන, මෙම සිංහල වත් පිළිවෙත් ගොඩ නැගී ඇත.
බෞද්ධ වත් පිළිවෙත්
[සංස්කරණය]බෞද්ධ වත් පිළිවෙත්හි කැපී පෙණෙන වර්ණ දෙකකි. ඒවා නම් සුදු හා කහ වර්ණ වේ.
සුදු වර්ණය
[සංස්කරණය]සුදු පිරුවට යනු පවිත්‍රතාවය දනවන සංකේතයකි. පන්සල, දේවාලය, දානය, මඟුල, අව මඟුල, පූජාව පමණක් නොව පැවිදී වීමට පෙරද, උපසම්පදාව ලැබීමට පෙරද, ඇඳුම්, පැළඳුම් සඳහා භාවිතා කරන්නේ සුදු පාටය.
බුදු පුදට ගෙන යන මල් අතර, ඉඳහිට ළා පාට වර්ණ යොදා ගත්තද, ඒ සඳහා වැඩි පුරම භාවිතා කරන්කේ සුදු පාටය. වද මල්, රත් මල්, වැනි තද වර්ණ සහිත මල් කිසි විටෙකත් බුදුන් උදෙසා පූජා නොකෙරේ.
මනාලියගේ ඇඳුම බොහෝ විට සුදු පැහැති වන අතර, විවාහයෙන් පසු කුමරි බඹසර රැකි බව පෙන්වීමට ප්‍රයෝජනයට ගන්නේද සුදු රෙදි කඩකි. අවාසනාවට හා ශෝකයට ද සුදු පාට භාවිතා කෙරේ. එහෙත්, බලය, තේජස, පිරිසුදු බව, ප්‍රීතිය, නීරෝගී බව, ශාන්ත බව, සාමය ආදිය සුදු පාටෙන් හඟවන බව හෙළ ගැමියන්ගේ විශ්වාසයයි.
කහ වර්ණය
[සංස්කරණය]බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ චීවරය සඳහා යොදා ගන්නේ කහ වර්ණයයි. කහ වර්ණයෙන් පිළිඹිබු වන්නේ නිරාශාව, බුද්ධිය, භක්තිමත් බව, ඥානය, පිරිසිදු බව, පුණ්‍ය භාවය ආදියයි. භික්ෂුන් වහන්සේ නමකගේ අපවත් වීමක් පෙන්නුම් කරන්නේ කහ වර්ණැති කොඩියක් එසවීමෙනි. ශෝකය සඳහා කහ වර්ණැති කොඩියක් භාවිතා කරන එකම අවස්ථාවද මෙයම වේ.
අබෞද්ධ වත් පිළිවෙත්
[සංස්කරණය]අබෞද්ධ වත් පිළිවෙත්හි කැපී පෙණෙන වර්ණ අතර, රතු, කළු, හා නිල් වර්ණයන් වේ.
රතු වර්ණය
[සංස්කරණය]කතරගම දෙවියන් සම්බන්ධ පුද පූජාවලදී රතු වර්ණැති මල්, රතු මල් මාලා ආදිය භාවිතා කෙරේ. සෙත් ශාන්ති, බලි තොවිල්, යාග හෝමාදියේ දී ද ැතු වර්ණය යොදා ගනිති. කතරගම දෙවියන් සම්බන්ධ කටයුතු වලට රතු වර්ණය අනුයුක්ත වූයේ කෙසේදැයි පැහැදිලි නොමැත.
මනාලියගේ පාරිශුද්ධ භාවය ඇඟවීමට, ඇතැම් ප්‍රදේශවල දෙවැනි ගමනට මනාලිය අඳින්නේ රතුපාට ඇඳුමකි.
රතු වර්ණය දක්වන්නේ, විශේෂයෙන්ම බිය, අන්තරායදායක බව, කිල්ල ආදියයි. රතු වර්ණය ජීවය සංකේතවත් කරන වර්ණයක් ලෙසද පිළිගැනේ. රීරි යකුගේ පාට ලෙසින්ද රතු පාට සැලකේ.
කළු වර්ණය
[සංස්කරණය]කිතුනු බැතිමතුන්ගේ අවමංගල අවස්ථාව පෙන්නුම් කරන්නේ කළු පාටින්ය. මළ ගෙදරක කළු කොඩියක් ඔසවා ඇත්නම් එය කිතුනුවකුගේ මළ ගෙයක් බව එක රල්ලේම හඳුනා ගැනේ.
රීරි යකු හැරුණු විට අන් සියලුම යකුන්ගේ වර්ණය කළු පාට බව කියැවේ.
කළු වර්ණයෙන් නිරූපණය වන්නේ නපුර හෝ නරක, රාගය, දුක, අවාසනාව, අසුබ බව, ආදියයි.
නිල් වර්ණය
[සංස්කරණය]සිංහල වත් පිළිවෙත්හි නිල් පාට ගැන සඳහන් වන්නේ විෂ්ණු දෙවියන්ට පුද පූජා පැවැත්වීමේදී පමණකි. විෂ්ණු දෙවියන්ගේ පාට නිල්පාටවූ ආකාරය ගැන කතා පුවතක් ද ඇත.
ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයෙහි එන වර්ණ
[සංස්කරණය]ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයෙහි එන නව ග්‍රහයන් සඳහාද සම්මත වර්ණ ඇත. ග්‍රහයන් සඳහා පූජාවන් වලදී මෙම වර්ණ ගැන තොරතුරු දක්නට ලැබේ.
ග්‍රහයින් සඳහා යොදා ගත් මෙහි පහත දැක්වෙන පූජා මැණික් වර්ග වලින් අප හට මෙම වර්ණ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක.
ග්‍රහයා | මැණික |
ඉරු | පද්මරාග |
සිකුරු | දියමන්ති |
අඟහරු | ලොහිතාංග |
රාහු | ගෝමේද |
ශනි | ඉන්ද්‍ර නීල |
බුදහු | මරකත |
සඳු | මුතු හර |
ගුරු | පුෂ්පරාග |
කේතු | වෛරෝඩි |
ආශ්‍රිත
[සංස්කරණය]පී. ඇම්. සේනාරත්න, ශ්‍රී ලංකාවේ සංස්කෘතික දායාද, 1995, පිටු 339, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ කොළඹ-10, ISBN 955-20-1320-8