ලෝක සරණාගත දිනය

විකිපීඩියා වෙතින්

සෑම වසරකම ජූනි 20 වන දිනයෙහි සැමරෙන ලෝක සරණාගත දිනය, ලොව පුරා සරණාගතයන්ගේ තත්වය පිළිබඳ සම්ප්‍රජානනය නැංවීම සඳහා වෙන් කර ඇත.

ඉතිහාසය[සංස්කරණය]

2000 දෙසැම්බර් 4 දිනදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 55/76 අභියෝජනාව තුලින් තීරණය කලේ, 2001 වසරෙහි ජූනි 20 දින සිට එම දිනය, ලෝක සරණාගත දිනය ලෙසින් සැමරෙන බවය. මෙම අභියෝජනාව තුලදී, මහා මණ්ඩලය විසින් සටහන් තර ගත්තේ, සරණාගත තත්වය පිළිබඳ 1951 සම්මුතියෙහි 50 වන සංවත්සරයද, 2001 වසර තුලදී සනිටුහන් කෙරුණු බවයි. [1]

2000 වසරට පෙරදී, අප්‍රිකානු සරණාගත දිනය, විධිමත් ලෙසින්, සැමරීමට ලක්ව ඇත. එජා සටහන් කර ගත්තේ, ජූනි 20 දින පැවැත්වුනු අප්‍රිකානු සරණාගත දිනයෙහිම, ජාත්‍යන්තර සරණාගත දිනය සැමරීමට, අප්‍රිකානු එකමුතු සංවිධානය (ඕඒයූ) විසින් එකඟතාවය පල කර ඇති බවයි.[1]

රෝමානු කතෝලික සභාවෙහි, සංක්‍රමණිකයන් සහ සරණාගතයන් පිළිබඳ ලෝක දිනය, සෑම වසරකම ජනවාරි මාසයෙහි සැමරෙන අතර, මෙය 1914 වසරෙහිදී, දහවන පයස් පාප්වහන්සේ විසින් සංස්ථාපනය කර ඇත.

උත්සව[සංස්කරණය]

සෑම වසරකම ජූනි 20 වන දිනයෙහිදී, එක්සත් ජාතීන්, එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශය (යූඑන්එච්සීආර්) සහ ලොව පුරා පවතින ගිණිය නොහැකි ප්‍රජා කණ්ඩායම් විසින්, ලෝක සරණාගත දිනය සඳහා සත්කාරකත්වය සපයන්නේ, යුද්ධය, ගැටුම සහ හිංසනය නිසා, තමන්ගේ නිජ භූමිය හැර යෑමට බල කරන ලද, ලොව පුරා මිලියන ගණනක සරණාගතයන් සහ අභ්‍යන්තර අවතැන්වූ පුද්ගලයන් පිළිබඳ මහජන අවධානය යොමු කරවීම සඳහාය.

වාර්ෂික සැමරුම වෙතින් 100 කට වැඩි රටවල් ප්‍රමාණයක පැවැත්වෙන විවිධ ඉසව් සනිටුහන් වන අතර, මේවාට රාජ්‍ය නිලධාරින්, මානවවාදී ආධාර සේවකයන්, කීර්තිමත් පුද්ගලයන්, සිවිල් ජනයා සහ බලහත්කාරයෙන් අවතැන්වූවන්ද සහභාගී වෙති.

සෑම වසරකදීම, යූඑන්එච්සීආර් විසින්, එහි ලෝක සරණාගත දිනය වෙනුවෙන්, තේමාවක් ප්‍රකාශයට පත් කරනු ලබයි. මෑත කාලීන තේමාවන් අතර:

ප්‍රාදේශීය ලෝක සරණාගත ඉසව්වක් සඳහා සහභාගී වීමෙන්, ලෝක සරණාගත දින වීඩියෝ (සදෘශ්‍ය) දර්ශන නැරඹීමෙන් සහ ඒවා හුවමාරු කරගැනීමෙන් සහ, සමාජ මාධ්‍ය තුල සරණාගතයන් වෙනුවෙන් සම්ප්‍රජානනය නැංවීමෙන්, මෙම දිනය සනිටුහන් කරන මෙන් පුද්ගලයන් සහ ප්‍රජා කණ්ඩායම් වෙත අනුබල දෙනු ලැබෙයි.[2]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_සරණාගත_දිනය&oldid=593256" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි