ලෝක වෙළඳ මධ්යiස්ථානයේ කඩා වැටීම

විකිපීඩියා වෙතින්


ලෝක වෙළඳ මධ්යiස්ථානයේ කඩා වැටීම



දකුණු කුළුණ කඩා වැටීමෙන් පසුව පහළ මැන් හැටන් ප්රeදේශය

ෆෙඩරල් තාක්ෂණික ගොඩනැගිල්ල හා ද්විත්ව කුළුණු කඩා වැටීම් හා අදාල ගිනි ආරක්ෂක පරීක්ෂණය හා WTC 7 අදාල ගිනි ආරක්ෂක පරීක්ෂණය මෙහෙයවනු ලැබුවේ එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව හා ගුණාත්මක භාවය හා තාක්ෂණය පිළිබඳ ජාතික ආයතනයයි. (NIST) මෙම පරීක්ෂණයේ අරමුණ වූයේ ගොඩනැගිලි කඩා වැටීමට හේතුව,මරණ හා තුවාල කරුවන්ගේ සංඛ්යානව , ලෝක වෙළඳ මධ්යිස්ථානය සැලසුම් කිරීමේදී හා කළමනාකරණයේදී අඩංගු වූ ක්රියයාපටිපාටීන් පිළිබඳ සෙවීමයි.

වාර්තා හුවා දක්වන පරිදි ද්විත්ව කුළුණුවල වානේ ආකෘතීන්හි ගිනි ප්රබතිරෝධී බව ගුවන්යානාවල ක්ෂණික ඝට්ටනය නිසා ඇති වූ අතර එසේ නොමැති වූයේ නම් කුළුණු ඍජුව පවතිනු ඇති බවයි. ප්රතධාන පරීක්ෂණයේ අධ්යූක්ෂකවරයාවන ජීන් කෝලි විසින් විචාරය කළ පරිදි “කුළුණු පුදුමාකාර ලෙස නිවැරදිව ක්රිරයා කළේය. ගොඩනැගිලි කඩා වැටීමට හේතුව වූයේ ත්රදස්තවාදීන් ගුවන්යානා නොව ඉන් අනතුරුව ඇති වූ ගින්නයි. එයින් පසුව ද කුළුණුවලින් තුනෙන් දෙකක් ඍජුව පවතින ආකාරය ඔප්පු විය” . ගින්න මගින් මහල්වලට ආධාරවන බැමි දුර්වල කළ අතර ඒ බැමි කඩා වැටීමට හේතු වේ. කඩාවැටෙන මහල් පිටත වානේ රාමු ඉදිරියට නැවෙන ලක්ෂ කරා යොමු කළේය. හර රාමූන්ටු හානිවීමෙන් පසුව ආධාරක බාහිර රාමුවලට ගොඩනැගිල්ල දරා සිටිය නොහැකි වූ අතර එය කඩා වැටීමට හේතු විය. මීට අමතරව කුළුණුවල සෝපානයන් බලපෑම් ඇති වූ ප්රිදේශවල ජනතාවට ඉක්මණින් ඉවත්වීමට උචිත පරිදි සවිගන්වා නොමැති බව වාර්තා විය. NIST ප්රවකාශ කළ පරිදි WTC 7 කඩා වැටීම පිළිබඳ අවසාන වාර්තාව වෙනමම වාර්තාවක් ලෙස නිකුත්වනු ඇත. මෙය Purdue විශ්ව විද්යාකලය මගින් කළ ස්වාධීන අධ්යතයනයන් මගින් තහවුරු කෙරිණි.

http://en.wikipedia.org/wiki/9/11#Collapse_of_the_World_Trade_Center