ලෝක වකුගඩු දිනය
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (ජූලි2010) |
ලෝක වකුගඩු දිනය (WKD) යනු, වකුගඩු වල වැදගත්කම හා වකුගඩු ආශ්‍රිත රෝග වල බලපෑම හා ඒවා ආශ්‍රිත ලෝක ව්‍යාප්ත සෞඛ්‍ය ගැටළු පිළිබඳ අවධාරණය යොමුකරමින් සිදුකෙරෙන ගෝලීය සෞඛ්‍ය දැනුවත්කිරීම් මෙහෙයුමකි.
ලෝක වකුගඩු දිනය වාර්ෂිකව සැමරෙන්නේ මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දිනයෙහිදීය. මුලින්ම, මෙය සැමරීම ඇරඹුනු 2006 වසරෙහිදී රටවල් 66 ක් විසින් එය සැමරුණු අතර වසර දෙකකදී මෙම සංඛ්‍යාව 88 දක්වා ඉහළ නැංගේය. WKD වනාහී, ජාත්‍යන්තර වෘක්ක විද්‍යා සමාජය (ISN) සහ ජාත්‍යන්තර වකුගඩු පදනම් ෆෙඩරේශනය (IFKF) යන්නන්ගේ හවුල් ප්‍රත්‍යුත්ක්‍රමයකි. වකුගඩු රෝග බොහෝ ආකාරයන් හට ප්‍රතිකාර කල හැකි වුවද සාමාන්‍ය ජනයා වෙත මේ පිළිබඳ අවබෝධයක් නොමැත. එබැවින්, මෙම දිනය තුලදී සිදුකෙරෙන මෙහෙයුම් තුලින්, වකුගඩු ගැන වඩාත් දැනුවත්කිරීහම් හා තතු හා දත්ත හෙළිදරව් කිරීම් සිදු කෙරෙයි.