ලියෝ ජේ. ඕඩොනවන්
ලියෝ ජේ. ඕඩොනවන් | |
---|---|
44වන ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙහි සභාපතිවරයා | |
තනතුර දරමින් 1989–2001 | |
පූර්වප්‍රාප්තිකයා | තිමති එස්. හීලි |
අනුප්‍රාප්තිකයා | ජෝන් ජේ. ඩිජොයියා |
පුද්ගලික තොරතුරු | |
උපත | 1934 (වයස 89–90) නිව්යෝර්ක් නගරය, එක්සත් ජනපදය |
උගත් ශාස්ත්‍රාලය | |
Orders | |
Ordination | 1966 |
ලියෝ ජෙරමියා ඕඩොනවන් III එස්ජේ (උපත 1934) යනු, 1989 සිට 2001 දක්වා ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙහි සභාපති වශයෙන් සේවය කල ජේසුනිකායික, ඇමරිකානු කතෝලික පූජකතුමෙකු, සහ දේවධර්මාචාර්යවරයෙකි. නිව්යෝර්ක් නගරයෙහි උපත ලද ඔහු, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලද අතර, ප්‍රංශයෙහි අධ්‍යාපනය ලබද්දී, ජේසු නිකායට එක්වීමට තීරණය කලේය. ෆෝර්ඩම් විශ්වවිද්‍යාලයෙන් සහ වුඩ්ස්ටොක් ශාස්ත්‍රාලයෙන් ඉහළ උපාධි ලද ඔහු, මින්ස්ටා විශ්වවිද්‍යාලයෙහිදී කාල් ආනෝ යටතේ අධ්‍යාපනය ලබමින් ඔහුගේ දේවධර්ම දර්ශනාචාර්ය උපාධිය ලැබීය. යළි එක්සත් ජනපදයට පැමිණි ඔහු, ඇමරිකාවෙහි කතෝලික දේවධර්මශාස්ත්‍රීය සමාජයෙහි සභාපති සහ මේරිලන්ඩ් ජේසුනිකායික දිසාවෙහි ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙකු බවට පත්වීමට පෙර, වුඩ්ස්ටොක් ශාස්ත්‍රාලයෙහි සහ දේවධර්මශාස්ත්‍රය පිළිබඳ වෙස්ටන් ජේසුනිකායික විද්‍යාලයෙහි මහාචාර්යයවරයෙකු ලෙසින් පත්විය.