ලන්දේසීන් විසින් පෘතුගීසි බලකොටු යටත් කර ගැනීම

විකිපීඩියා වෙතින්

ලන්දේසීන් විසින් පෘතුගීසි බලකොටු යටත් කර ගැනීම


ලංකා හමුදාව සහ ලන්දේසි නාවික හමුදාවල උදව්වෙන් මඩකලපුව , ත්‍රිකුණාමලය , මිගමුව සහ ගාල්ල බලකොටු නිදහස් කර ගන්නා ලදී. මෙම බලකොටු , ඒ වන විට කෝට්ටේ රාජධානියෙන් පිටත මායිමේ කෝ‍ට්ටේ රාජධානිය බල නොපැවැත්වු ප්‍රදේශවල තිබුනේය. ගාල්ල හැරුණු විට අනෙකුත් බලකොටු අවට පදිංචිව සිටියෝ දෙමළ ජනතාව වුහ. ඉන්දියාවේ බටහිර වෙරළෙන් සහ කොරමැන්ඩල් වලින් ගෙනවුත් පෘතුගීසීන් විසින් පුහුණු කළ කුලී හේවායින් සමග පෘතුගීසීන්ට එය ආරක්ෂා කරගත නොහැකි විය.

මෙපරිදි බලකොටු ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගමට අයිති දේපළ බවට පත්විය. රාජසිංහ රජුට මේවා විනාශ කිරීමට අවශ්‍ය වුවද ලන්දේසින් එසේ නොකළහ. එයට හේතුව ලන්දේසීන් පාතුගීසින් සමග කළ සටන්වලදී ඒ සදහා පොරොන්දු වු පරිදි රජු විසින් ලන්දේසීන්ට වන්දි මුදල් නොගෙවීමයි. ලන්දේසි - සිංහල ගිවිසුමේ කොන්දේසී වුයේ පෘතුගීසීන්ට එරෙහිව කළ යුද්ධ වල වියදම උඩරට සිංහල රජු විසින් ලන්දේසීන්ට ගෙවිය යුතු බව හා ලන්දේසී හමුදා නඩත්තු කළ යුතු බවයි.

එම ගිවිසුමේ පිටපත් දෙකක් වු අතර ලන්දේසින්ගේ පිටපතෙහි වරායන් ක්‍රියාත්මක කිරීම ලන්දේසීන් සතු විය යුතු බවට භේදයක් තිබුනේය. රජු මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බැදුනේ නැත. මන්ද රජුගේ පිටපත අර්ථ කථනය කර තිබුණේ වරායයන් රජුට අයිති විය යුතු ලෙසිනි. රජු ඔහුගේ යුතුකම ඉටු කරමින් සිටියේය. ලන්දේසීහු සියලුම වරායයන්ද , බලකොටුද ඉතිරි ඉඩම්ද අයිති කර ගෙන පෘතුගීසින් යැවීමෙන් පසු රජුගේ නියෝජිතයින් ලෙස ඔවුන් බලය අල්ලා ගත් ප්‍රදේශවල පාලන කටයුතු ආරම්භ කළහ. දෙමළ ජනතාව අලුත් පාලකයා එකහෙළා පිළිගත්හ. ගාල්ල සහ මීගමුව පමණක් පෘතුගීසීන්ගේ පහර දීමේ අවදානමට ලක්වෙමින් අනතුරු දායක තත්වයක තිබුණේය.

රාජසිංහ රජුට ඕනෑ වුයේ පෘතුගීසීන් හා ලන්දේසින් එකිනෙකා පස මිතුරු කර දෙපාර්ශවයම තුරන් කිරීමටයි. ලන්දේසී නිලධාරීන් රජුට විරුද්ධ වු ඇතැම් අවස්ථාවලදී ඔහුව රජු ඔහු මරණයට පත් කළේය. සමහර අවස්ථාවක කපිතාන් ගේ සුලු වරදක් නිසා මුලු ලන්දේසි නැවේම සිටි ලන්දේසීන් සමුලඝාතනය කෙරින. රජුගේ මෙම කෲර සහ අති සුක්ෂම ක්‍රියාවල ප්‍රතිඵලය වුයේ ලන්දේසීන් ඔවුන් අල්ලා ගත් බලකොටු සහ විශාල වපසරියකින් යුත් ඉඩම් ප්‍රමාණය ලන්දේසීන් සතුවම තබා ගැනීමයි.

රාජසිංහ සහ ඔහුගේ නිලධාරීන් ඔවුන් විසින් කළ යුතු උදව් නොකළහ. මේනිසා බොහෝ සටන් සදහා ලන්දේසීන් වියදම් දැරූ අතර ඔවුන්ට විශාල ලෙස අලාභ සිදුවිය. එහෙත් ‍ගාල්ල වැනි බලකොටු කොල්ල කෑ අවස්ථාවල රජුගේ හමුදාවද එතැනට පැමිණි අතර ලන්දේසීහු යුධ වියදම් වලින් භාගයක් රජුට ගෙවුහ.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Dutch_Ceylon#Dutch_Capture_Portuguese_Forts