ලඝු ගණක

විකිපීඩියා වෙතින්
විවිධ ශ්‍රිත සඳහා ප්‍රස්ථාරගත කරන ලද ලඝු ගණක ශ්‍රිත : රතු e පාදයටය , කොළ 10 පාදයටය , දම් 1.7 පාදයටය. අක්ෂවල එක් එක් සලකුණ මඟින් ඒකක එකක් නිරූපණය වේ. සියලු පාදවල ලඝු ගණක (1,0) හරහා යයි. එයට හේතුව 0 බලයට නංවන ලද ඕනෑම සංඛ්‍යාවක අගය 1 වීමය. තවද එය b පාදය සඳහා (b, 1) ලක්ෂ්‍ය තුළන් යයි. එයට හේතුව 1 වන බලයට නංවන ලද සංඛ්‍යාවක් , එම සංඛ්‍යාවටම සමාන වීමයි. x = 0 දී අපූර්වතාවය නිසා වක්‍ර y අක්ෂයට ආසන්න වන මුත් එය ස්පර්ශ නොකරයි.

ගණිතයේ දී සංඛ්‍යාවක ලඝු ගණකයක් යනු වෙනත් ස්ථිර අගයක දර්ශකයක් වන අතර, එහි පාදය, එම සංඛ්‍යාව ඉදිරිපත් කිරීම වැඩි කරනු ලබයි. උදාහරණ ලෙස, 10 පාදය සඳහා 1000 හි ලඝු ගණකය 3 වේ, ඒ 10 එහි 3වන බලයට නැංවු විට 1000 වන බැවිනි: 1000 = 103 = 10 × 10 × 10. තව දුරටත් විස්තර කළහොත්, x = by නම්, y යනු b පාදයට x හී ලඝු ගණකය වේ, මෙය ලියනු ලබන්නේ logb(x), එනම් log10(1000) = 3.

ගණනය කිරීම් පහසු කිරීම සඳහා 17 වන ශත වර්ෂයේදී ජෝන් නේපියර් විසින් ලඝු ගණක ඉදිරිපත් කරන ලදී. විද්‍යාඥයන්, ඉංජීනේරුවන්, සහ වෙනත් බොහෝ අය විසින් මෙම ක්‍රමය පහසුවෙන් සහ ඉක්මනින් ගණන් බැලීම් සිදු කිරීම සඳහා, ගණන් කෝදු සහ ලඝු ගණක වගු භාවිතා කරමින් සීග්‍රයෙන් යොදා ගනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලඝු_ගණක&oldid=489877" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි