රෝස්මෙරි

විකිපීඩියා වෙතින්

Rosmarinus officinalis , පොදුවේ රෝස්මෙරි ලෙස හඳුන්වන අතර, එය සදාහරිත , බහු වාර්ෂික, කාෂ්ඨීය , සුවඳවත්, ඉඳිකටු වැනි පත්‍රිකා සහිත ඔසු ශාකයකි. සුදු , රෝස, දම් හෝ නිල් පාට මල් සහිත මෙම ශාකය මඩ්යධරනී කලාපයට ආවේණික වේ. 

එය තවත් බොහෝ ඖෂධ පැළෑටි ද ඇතුළත් කපුරු පවුලේ ( ලැමිඒසියේ ) සාමාජිකයෙකි. එහි නම "රෝස්මෙරි" යන්න "පිනි" ( ros ) සහ "මුහුද" ( marinus ), හෝ "මුහුදේ පිනි " ලෙස ලතින් වචනයෙන් ව්යුත්පන්න වී ඇත . මෙම ශාකය පුරාණ ග්රීක වචනයක් වන ‘ἄνθο’ ගෙන් " මල් " යන අර්ථය ඇතිව ඇතැම් විට anthos ලෙසද හඳුන්වන අතර රෝස්මෙරි වලට කෙඳි සහිත මූල පද්ධතියක් ඇත.

වර්ගීකරණය[සංස්කරණය]

Rosmarinus officinalis, රෝස්මරීනස් කුලයට අයත් විශේෂ 2-4 න් එකකි. බොහෝ විට පිළිගත් අනෙකුත් විශේෂ වන Rosmarinus eriocalyx අප්රිකාවේ මාග්රෙබ් හා ඉබේරියාව යන ප්‍රදේශ වලින් හඳුනාගෙන ඇත.මෙම කුලය 18 වන සියවසේ දී වර්ගීකරණයේ ආරම්භක හා ප්‍රාණි විද්‍යාඥය කාර්ල් ලිණේයස් විසින් නම් කරන ලදී.

විස්තරය[සංස්කරණය]

රූප සටහන : Köhler's Medicinal Plants
මල් දරන රෝස්මෙරි
Rosmarinus officinalis prostratus
Rosmarinus officinalis – MHNT
ඉතාලියට අයත් herbal, circa 1500 න් උපුටාගත් රූප සටහන : රෝස්මෙරි 
රෝස්මෙරි (Rosmarinus officinalis) සුගන්ධ තෙල්

රෝස්මෙරි, හෙම්ලොක් ශාකය ඉදිකටු වැනි පත්‍ර ඇති සුවඳවත් සදාහරිත පඳුරකි. මෙහි පත්‍ර ආහාර රසකාරක ලෙස පුරවන ද්‍රව්‍ය, බදින ලද බැටළු, ඌරු, කුකුළු මස් හා කලුකුන් වැනි මස් සඳහා භාවිතා වේ. එය මධ්යධරණී රටවලට හා ආසියාවට ආවේණික ශාකයකි. නමුත් එය සිසිල් දේශගුණයේ නොනැසී තිබීම අසීරුවේ. මෙම ශාකය නියඟයට ඔරොත්තු දෙන අතර දැඩි ලෙස ජලය හිඟ කාලයක පවා දීර්ඝ කාලයක් නොනැසී පවතී. මෙහි ස්වරූපය එති යන වැල් වල සිට සිරස් අතට කෙලින් පවතින ශාක දක්වා පරාසයක පවතී ; සිරස් අතට කෙලින් පවතින ආකාරයේ ශාක මීටර් 1.5 (අඩි 5) ක් පමණ උස වන අතර කලාතුරකින් මීටර් 2 (6 අඩි 7 ) ක් දක්වා ළඟා විය හැකිය.සදාහරිත පත්‍ර වලින් යුක්ත මෙය 2-4 සෙ.මී.(අගල් 0.8-1.6) දිග හා 2-5 මි.මී පමණ පුළුල් පත්‍ර වලින් යුක්තයි. පත්‍ර වල ඉහළ මතුපිට කොළ පාට සහ යටි මුහුණත සුදු පාටය.මෙම පත්‍ර වල ඝන සහ කෙටි ලෝම කෙස් ඇත. සෞම්‍ය දේශගුණයක් පවතින විට වසන්තයේ දී හා ගිම්හානයේ දී මෙම ශාකය මල් දරන අතර උණුසුම් දේශගුණයේ නිරන්තරයෙන් මල් හට ගනී. මෙම ශාකයේ මල් තද නිල්, සුදු, රෝස හෝ දම් පාට වේ. රෝස්මෙරි හී සමාන්‍ය මල් සමයෙහි පිටතට මල් පිපීමට ප්‍රවණතාවක් ඇත .මෙහි සාමාන්‍යයෙන් මල් පිපෙන සමය පෙබරවාරි මුල් භාගයේ සිට දෙසැම්බරයේ මුල දක්වා පවතී.

මිත්‍යා මත[සංස්කරණය]

ජනප්‍රවාදයට අනුව , එය ග්‍රීක දේවතාවියක් වූ ඇෆ්රඩයිටි මුහුදේ සිට නැගී එන විට, ඇය වටා මෙම ශාකය එතී තිබී ඇත.මරියා කන්‍යවිය විවේක ගන්නා විට සුදු පාට මල් පිපෙන රෝස්මෙරි ශාකය මත ඇයගේ නිල්වන් සළුව අතුරා තබා ඇති අතර,එවිට එම මල් නිල් පාටට හැරී ඇත බව පැවසේ. එනයින් මෙම ශාකය " මරියා ගේ රෝස් " ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.

භාවිත[සංස්කරණය]

රෝස්මෙරි ශාකය උයන්වල අලංකාරක ශාකයක් ලෙස ද පළිබෝධ පාලනයට බලපෑම් ඇති කර හැකි ශාකයක් ලෙස ද භාවිතා වේ.මෙහි පත්‍ර ‚පිරවුම් හා මස් බැදුම් වැනි විවිධ ආහාර වර්ග රස ගැන්වීමට භාවිතා වේ

වගාව[සංස්කරණය]

මෙම ශාකය ආකර්ෂණීය බැවින් සහා නියං කාල සදහා ඔරොත්තු දෙන බැවින්, රෝස්මේරි විසිතුරු ශාක ලෙස උද්යාන හා සිරස්සකේප් භූමි නිර්මාණ සඳහා , විශේෂයෙන් මධ්යධරණීය දේශගුණයක් පවතින ප්‍රදේශ වල භාවිතා වේ. එය තව තවත් වර්ධනය සහ පළිබෝධ ප්රතිරෝධී කිරීමට පහසු ලෙස සැලකේ.රෝස්මෙරි තරමක් විශාල වර්ධනයක් පෙන්නුම් කරන අතර වසර ගණනාවක් ආකර්ෂණය රැක ගැනීමට හැකි වන ශාකයකි.විධිමත් හැඩ හා උසින් අඩු පාත්ති බවට කප්පාදු කර ගත හැකි අතර පඳුරු කොට කර කපා හැඩ ගැන්වීම සඳහා භාවිතා කර ඇත. එය පහසුවෙන් මල් පෝච්චි වල වගා කර ඇත. මෙම බිම වැස්ම වගාවන් පුළුල් වශයෙන් පැතිර යන අතර ඝන හා කල්පවත්නා වයනයන් යුක්ත වේ.


රෝස්මෙරි ශාකය විවෘත ,පැහැබර තත්ත්වයන් හි හොඳින් ජලය බැස යන,පහසුවෙන් කුඩු බවට පත් කළ හැකි ලෝම පස මත වර්ධනය වේ. එය වගුරු පස සඳහා ඔරොත්තු නොදෙන අතර සමහර වර්ග හිම වලට ගොදුරු විය හැක. මෙම ශාකය උදාසීන සිට භාෂ්මික තත්වයන් (pH 7–7.8) හි , සාමාන්‍ය සරුභාවය සහිතව ඉතා හොඳින් වැඩේ.එය පවත්නා ශාකයක 10–15 cm (4–6 in) පමණ දිගැති, පහලින් පිහිටා ඇති පත්‍ර ඉවත් කර ගන්නා ලද, අංකුර පසෙහි සිටුවීම මගින් ව්‍යාප්ත කර ගත හැක.

වගා වර්ග[සංස්කරණය]

ගෙවතු වගාව සඳහා බොහෝ වගා වර්ග තෝරා ගෙන ඇත. පහත සඳහන් වගා වර්ග නිතර අලෙවි කර ඇත :

• 'Albus' – සුදු මල්
• 'Arp' – ලා කොළ වර්ණයෙන් යුත් පත්‍ර , ලෙමන් සුවඳ
• 'Aureus' – කහ වර්ණ ලප සහිත පත්‍ර
• 'Benenden Blue' – පළල් නොවූ තද කොළ වර්ණයෙන් යුත් පත්‍ර
• 'Blue Boy' – කෙටි ,කුඩා පත්‍ර
• 'Blue Rain' – රෝස වර්ණයෙන් යුත් මල්
• 'Golden Rain' – කහ වයිරම් සහිත කොළ පැහැති පත්‍ර
• 'Gold Dust' - රන්වන් පාට වයිරම් සහිත තද කොළ පැහැති පත්‍ර
• 'Haifa' – සුදු පාටින් යුත් කුඩා මල්
• 'Irene' – පහතින් පිහිටි තද නීල වර්ණයෙන් යුත් මල්
• 'Lockwood de Forest' –ටස්කන් බ්ලු හි බිමදුවන වර්ගය
• 'Ken Taylor' – පඳුරුවලින් ගැවසී ඇත
• 'Majorica Pink' – රෝස පැහැති මල්
• 'Miss Jessop's Upright' – පුළුල් පත්‍ර ,සුවිශේෂී උසකින් යුත් උත්ප්‍රාන්තය ආකාරයක් ගත්
• 'Pinkie' – රෝස පැහැති මල්
• 'Prostratus' – පහතින් පිහිටි බිම වැස්ම
• 'Pyramidalis' (or 'Erectus') – උත්ප්‍රාන්තය ආකාරයක් යුත් ,අවපැහැ ගත් නිල් මල්
• 'Remembrance' (or 'Gallipoli') – ගැල්ලිපොලි අර්ධද්වීපයෙන් ගෙන ලත්
• 'Roseus' – රෝස පැහැති මල්
• 'Salem' – අවපැහැ ගත් නිල් මල් , 'අර්ප්' වගා වර්ගයට සමානකම් පෙන්වයි
 • 'Severn Sea' – පැතිරී යන ,වක්‍ර හැඩ ඇති අතු සහ ජම්බූල වර්ණ මල් සහිත
• 'Sudbury Blue' – නිල් පැහැති මල්
• 'Tuscan Blue' – සම්ප්‍රදායික ශක්තිමත් ,ඍජු ස්වරූපය
• 'Wilma's Gold' – කහ පැහැති පත්‍ර


ඉවීම සඳහා භාවිතය[සංස්කරණය]

ඉතාලියට අයත් සම්ප්‍රදායික ආහාර පිසීම සඳහා මෙම ශාකයේ නැවුම් හෝ වියළි පත්‍ර භාවිතා වේ.තිත්ත, කහට ඇති රසයක් සහිත මෙම ශාකය ආවේණික සුවඳකින් යුක්ත බැවින් පිසූ අහාර සඳහා එකතු කරන ලදි. මෙහි පත්‍ර ඖෂධ තේ සෑදීමට භාවිතා කල හැක .මස් වර්ග හෝ එළවළු සමඟ බදින විට, මෙහි පත්‍ර අබ වැනි සුවඳක් ද ඊට අමතරව දැවුණු ලී වැනි සුවඳක් ද එක්කරමින් බාර්බිකියූ ආහාර සඳහා වඩාත් උචිත වේ.

ආහාර රස ගැන්වීම සඳහා සාමාන්‍යයෙන් රෝස්මෙරි තේ හැන්දි 1ක් ( ග්‍රෑම් 1) වැනි ප්‍රමාණයක් කිසිදු පෝෂණ ගුණයක් ලබා නොදෙයි. ඔමේගා-3 තෙල් වැනි මුඩු බවට පත් වීමට වැඩි ප්‍රවණතාවයක් දක්වන තෙල්, රෝස්මෙරි සාරය විසින් කල් තබා ගැනීමේ කාලය සහ තාප-ස්ථායීතාව වැඩි දියුණු කර ගැනීමට භාවිතා කර ඇති බව පෙන්වා ඇත.

සුවඳ ද්‍රව්‍යය[සංස්කරණය]

රෝස්මෙරි තෛලය සුවඳ විලවුන් හෝ කාමර තුල සුවඳ විහිදුවීම සඳහා භාවිතා කෙරෙයි .ඊට අමතරව සුවඳ දුම් , ෂැම්පු , පිරිසිදු කිරීමේ නිෂ්පාදන වල ද යොදා ඇත.

ශාකමය රසායනික ද්‍රව්‍ය සහ සාම්ප්‍රදායික වෛද්‍යශාස්ත්‍ර[සංස්කරණය]

රෝස්මෙරි ශාකයේ බොහෝ ශාකමය රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇත.එනම් රෝස්මැරිනික් අම්ලය, කැම්ෆර් ,කැෆෙයික් අම්ලය, උර්සෝලික් අම්ලය,බෙටුලිනික් අම්ලය සහ ප්‍රතිඔක්සිකාරක වන කර්නෝසික් අම්ලය හා කාර්නොසෝල් වැනි රසායනික ද්‍රව්‍ය වේ

සාම්ප්‍රදායික ඉන්දියානු වෛද්‍යශාස්ත්‍රයේ, විවිධාකාර රෝග සුව කිරීම සඳහා මල් සහ පත්‍ර වලින් ලබාගත් සාරයන් හා සුගන්ධ තෛල භාවිතා කර ඇත.

ජනප්‍රවාද හා චාරිත්‍ර[සංස්කරණය]

මධ්‍යතන යුගයේ දී රෝස්මෙරි ශාකය විවාහ මංගල්‍ය චාරිත්‍ර හා සම්බන්ධ වී ඇත.එම මනාලිය රෝස්මෙරි ශාකයෙන් සැදුම්ලත් හිස්පළඳනාවක් පළඳින අතර මනාලයා සහ අනෙක් අමුත්තන් රෝස්මෙරි කිනිත්තක් පළඳිති. එබැවින් මෙය ආදර මන්ත්‍රයක් ලෙස ද සැලකේ.

මිත්‍යාවට අනුව රෝස්මෙරි ශාකය මතකය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රසිද්ධ ව ඇති අතර යුරෝපය හා ඕස්ටෙ‍්‍රලියාවේ යුධ අනුස්මරණෝත්සව හා අවමංගල්‍යයන් හිදී මෙම ශාකය අනුස්මරණ සංකේතයක් ලෙස භාවිතා කර ඇත. මළවූන් අනුස්මරණ කිරීමේ සංකේතයක් ලෙස ශෝකවන්නන් විසින් එය සොහොන් මැදට හෙළා ඇත.ශේක්ස්පියර්ගේ හැම්ලට් හි ඔෆීලියා විසින් මෙසේ පවසා ඇත ," රෝස්මෙරි ඇත , එය අනුස්මරණය සඳහා ය, . " ( හැම්ලට්, iv 5. ).ඕස්ටෙ‍්‍රලියාවේ දී, රෝස්මෙරි කිනිති ANZAC දිනය සහ ඇතැම් විට අනුස්මරණ දිනය දා සිහිකිරීම නිමිත්තෙන් පැළඳ ඇත ; ගැල්ලිපොලි අර්ධද්වීපයේ මෙම ඔසුව වැඩි වශයෙන් වර්ධනය වේ.

හංගේරි දියරය පලමුවෙන්ම සූදානම් කර ඇත්තේ හංගේරියානු මහරැජීන වන පෝලන්තයේ එලිසබත් රැජීන වෙත " .. පක්ෂඝාත පාදයන් ප්‍රකෘතිමත් කිරීම සඳහා " සහ රක්තවාතය සුව කිරීමටය. මෙය පිටත ආලේපනය සඳහා යොදාගන්න අතර එය සාදා ඇත්තේ නැවුම් රෝස්මෙරි ශාක සමග වයින් ස්ප්‍රීත්තු මිශ්‍රණය කිරීමෙනි. ඩොන් ක්වීසෝට්( පළමු කොටස , XVII පරිච්ඡේදය ) තම දිව්‍යමය ආලේපය වන ෆියරබ්‍රස් ආලේපනයේ වට්ටෝරුවේ මෙය මිශ්‍රණය කර ඇත.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රෝස්මෙරි&oldid=593181" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි