රෝමානු කතෝලික දේවස්ථාන ජනගහනය

විකිපීඩියා වෙතින්
රෝමානු කතෝලික දේවස්ථානයක්


විශාලතම ක්‍රිස්තියානි දේවස්ථානය වන කතෝලික දේවස්ථානයට ක්‍රිස්තියානුවන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් අයත්වේ. මෙය ලෝකයේ ආගම් අතර විශාලතම සංවිධානයයි. ‍දේවස්ථාන සාමාජික සංඛ්‍යාව බිලියන 1.131ද ඉක්මවයි. ලෝකයේ කිතුදහම අදහන්නන් සංඛ්‍යාව නියත වශයෙන්ම නොදන්නා නමුත් ආසියාවේ හා අප්‍රිකාවේ මෙම පිරිස ශීඝ්‍රයෙන් ළ යන බව පෙනේ. යුරෝපයේ, අයර්ලන්තයේ හා ඇමරිකානු එක්සත් ජනපදයේ කතෝලික බැතිමතුන්ට සාපේක්ෂව පූජකයන් ගණන වැඩි නොවු නිසා පූජකවරුන්ගේ හිඟයක්, පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබිණි. 2005 වසරේ දත්තවලට අනුව කතෝලිකයන් වැඩි පිරිසක් බ්‍රසීලයන් වාර්තා විණි. ‍ලෝක ව්‍යාප්ත කතෝලික දේවස්ථානය, බටහිර-ලතින් දේවස්ථානයකින් හා පෙරදිග කතෝලික ජිවතන්ත්‍ර දේවස්ථාන 22 කින් සමන්විත වේ. ලතින් දේවස්ථානයේ පාලනය කොට්ඨාශ කිහිපයකට බෙදා ඇත. ඒවා දියෝකීසිය හා එපාර්චීස් නම් වේ. එක් එක් දියෝකීසිය හා එපාර්චී, බිෂෝප්වරුන්, පූජක පිතෘවරුන් හා එපාර්චීවරුන් යටතේ පවතී. මොවුන් පාප්වහන්සේ විසින් පත් කරනු ලබයි. වසර 2006 අවසානයේ දී 2782 පමණ දියෝකිසියන් හා එපාර්චීන් දක්නට ලැබිණි.


සාමාජිකත්වය[සංස්කරණය]

ධර්ම නීතියට අනුව යමෙකු බෞතිස්ම කිරීමෙන් පසු එම පුද්ගලයා කතෝලික දේවස්ථානයේ සාමාජිකයෙකු බවට පත් වේ. ‍දේවස්ථානයෙන් පිට බෞතිස්ම කළ හා බෞතිස්ම නොකළ ක්‍රිස්තියානිවරුන්ට ‍“වැඩිහිටියන් සඳහා වූ ක්‍රිස්තියානි ආරම්භක වතාවත්” වැනි ආරම්භක වැඩසටහනකට සහභාගී වීමෙන් සාමාජිකත්වය ලබා ගත හැකිය. මෙවැනි වැඩසටහනකදී ප්‍රථම සංස්කාරය පිළිගැනීම සිදුවන අතර දියෝකිසි බිෂෝප්වරයෙකු මඟින් පාලනය වේ. අදාළ වතාවත් වලින් අනතුරුව හා විශ්වාසය පිළිබඳ ප්‍රකාශයෙන් අනතුරුව ඉල්ලුම්කරුවන්ට ආරම්භක සංස්කාරය පිළිගැන්වේ. එම පිළිගැනිවීම සිදු කෙරෙන්නේ ශුද්ධ ගණි දින පාස්කු රාත්‍රියක දීය.


යම්කිසිවෙකු බරපතල පාපයක් සිදුකළවිට දී දේවස්ථානයේ සාමාජිකත්වය අහිමිවේ. උදාහරණ ලෙස මිත්‍යා ධර්මවල එල්බ සිටීම, ආගමික නිකායන් ඇති කිරීම, පක්ෂ හැර යාම, ගබ්සාවක් සිදුකිරීම, පෙන්වා දිය හැකිය. සත් ප්‍රසාදයේ දී ලැබුණු ජේසුස් වහන්සේගේ අභිෂික්ත ‍රුධිරය සිරුරෙන් ඉවතලෑම හෝ අපරාධගත ක්‍රියාවන් සඳහා තබා ගැනීම ආදියද සාමාජිකත්වයක් ඉවත් කිරීමට මුලික වශයෙන් හේතු වේ.


නෙරපා දැමීම දැඩි විනයානුකූල දණ්ඩනයක් වන්නේ එය යම් පුද්ගලයකු ‍දේවත්වයකින් සංස්කාර ලැබීම අවලංගු කරයි. පව් සමා කල හැක්කේ පාප්වහන්සේට, එම පුද්ගලයා අයත්වන දියොකිසියේ බිෂෝප්වරයාට හෝ ඔහුගෙන් අනලත් පුජකතුමෙකුට පමනි.


නෙරපන ලද්දන්ට උදාරහරණ වශයෙන් පළමුවන ෆෙඩ්‍රික්, අටවන හෙන්රි, පළවන එලිසබෙත් සහ පුජකවරියන්ගේ කණ්ඩායමේ සාමාජිකයින් දැක්විය හැක


සටහන්[සංස්කරණය]

|Roman Catholic Church Demographics