රොබට් කොල්චින්

විකිපීඩියා වෙතින්
රොබට් කොල්චින්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමරොබට් කොල්චින්
උපත1713
චේලි, සසෙක්ස්, එංගලන්තය
මරණයඅප්‍රේල් 1750
බ්‍රොම්ලි, කෙන්ට්, එංගලන්තය
අපනාමයලෝං රොබින්
පිතිකරන විලාසයදකුණතින්
පන්දුයැවීම් විලාසයනෙදෙනී
භූමිකාවපිතිකරුවා
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1735 සිට 1749 දක්වා පමණබ්‍රොම්ලි
1735 සිට 1749 දක්වා පමණකෙන්ට්
වෘත්තියමය සංඛ්‍යාන
මූලාශ්‍රය: ක්‍රිකට්ආකයිව්, 2009 2 අගෝස්තු

රොබට් "ලෝං රොබින්" කොල්චින් (1713 දී උපත සසෙක්ස් හී, චේලිහිදී; මරණය 1750 අප්‍රේල් හිදී බ්‍රොම්ලි හිදී) යනු, ක්‍රීඩාවෙහි තනි කඩුළු අනුවාදය ප්‍රචලිතව පැවති මධ්‍ය-ජෝර්ජියානු කාලසීමාවෙහිදී ක්‍රීඩා කල, ක්‍රීඩාව කෙරෙහි අතිශයින් බලපෑම් ඇති කල වෘත්තිය ඉංග්‍රීසි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ක්‍රිකට් අභිවෘත්තිය[සංස්කරණය]

වසර කිහිපයක් තුලදී බ්‍රොම්ලි ප්‍රදේශයෙහි ජීවත්වූ කොල්චින්, 1740 ගණන් වලදී ප්‍රමුඛත්වයට පත්වූ සහ ඔහුගේ මරණින් පසු අභාවයට පත්වූ ප්‍රාදේශීය බ්‍රොම්ලි ක්‍රිකට් සමාජය හා සම්බන්ධතාවයක් දැක්වීය. තනි කඩුළු ක්‍රිකට් ක්‍රීඩාවෙහි ඔහුගේ දක්ෂතාවයන්ට අමතරව, 1744 වසරෙහිදී ආටිලරි පිටියෙහිදී සමස්ත-එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පසිඳු තරගයද ඇතුළුව, කෙන්ට් සඳහා පිලකට-ක්‍රීඩකයන්-එකොළස බැගින් වූ තරග සඳහාද කොල්චින් ක්‍රීඩා කලේය. [1]

ආටිලරි පිටිය හා සමගින් දැඩි සම්බන්ධතාවයක් පැවති කොල්චින් විසින් එහි බොහෝ තරග පැවැත්වීමට අනුගහය දැක්වූ බව දැන ගන්නට ඇත.[2]

ශෛලිය සහ විධික්‍රමය[සංස්කරණය]

කොල්චින් යනු නිපුණතා පූර්ණ තනි ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය.[3] ඔහු ජීවත්වූ කාලයෙහිදී සියළු ඉරියව් වලින් නැපී පෙනුනු මාහැඟිතම ක්‍රීඩකයා බවට ඔහු බොහෝ විට සැලකෙන්නට ඇති අතර ඔහු උසැකි බැවින් "ලෝං රොබින්" ලෙසින් හැඳින්විණි: "සහ රොබින්, ඔහුගේ ශරීර ප්‍රමාණත්වය අනුව, අග නම ලෝං යනුවෙන් යෙදිණි".[2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. ආතර් හේගාර්ත්, ස්කෝර්ස් ඇන්ඩ් බයෝග්‍රෆීස්, වෙළුම 1 (1744-1826), ලිලීවයිට්, 1862
  2. 2.0 2.1 එෆ් එස් ඈෂ්ලි-කූපර්, ඇට් ද සයින් ඔෆ් ද විකට්: ක්‍රිකට් 1742-1751, ක්‍රිකට් සඟරාව, 1900
  3. ජී බී බක්ලි, ෆ්‍රෙෂ් ලයිට් ඔන් 18ත් සෙන්චරි ක්‍රිකට්, කොටරෙල්, 1935
"https://si.wikipedia.org/w/index.php?title=රොබට්_කොල්චින්&oldid=379105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි