තනි කඩුළු ක්‍රිකට්

විකිපීඩියා වෙතින්
(තනි කඩුළු වෙතින් යළි-යොමු කරන ලදි)

පිතිකරණයෙහි යෙදීමට හා අනෙකා වෙත පන්දු යැවීමට අනුයාත වාරයන් ලබා ගනිමින්, දෙදෙනෙකු අතර සිදුකෙරෙන ක්‍රිකට් ක්‍රීඩා ආකාරයක් තනි කඩුළු ක්‍රිකට් ලෙසින් හැඳින්වෙයි. පන්දු යවන්නාගේ සහායට පන්දු රකින්නන් කණ්ඩායම් සිටින අතර, ඉනිම මාරු වන විටදීද ඔවුන් පන්දු රකින්නන් ලෙසින්ම සිටිති. වැඩිම ප්‍රමාණයක් ලකුණු රැස්කරන්නා ජයග්‍රාහකයා ලෙසින් සැලකෙයි. 18වන සියවසෙහි මැද භාගයෙහිදී, තනි කඩුළු ක්‍රිකට් වෙත සැලකිය යුතු උනන්දුවක් යොමුවී තිබුණු අතර එකල එය ප්‍රධාන මට්ටමක් අත්පත් කරගෙන තිබුණි.

වර්තමානයෙහිදී වෘත්තිමය වශයෙන් දකින්නට නොලැබෙන තරම් වන මෙම ක්‍රීඩා ආකාරය, විටෙක ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ තුල භාවිතා වන අතර, පිළිමළුන් පිටු දකින ක්‍රීඩා වාර කිහිපයකින් පසුව අවසන් තරගයක් පැවැත්වෙයි. ප්‍රාදේශීය ව්‍යවහාරය පරිදී තරග නීති රීති වෙනස් විය හැකිය: නිදසුනක් ලෙසින්, දැවී යෑමකදී ඉනිම අවසන් කරනවා වෙනුවට ක්‍රීඩකයෙකුගෙන් ලකුණු සංඛ්‍යාවෙහි කොටසක් අඩු කරලීම සිදු විය හැක. සාමාන්‍යයෙන් එක් ඉනිමක් පන්දු වාර දෙකකට හෝ තුනකට සීමා වෙයි. කෙසේවෙතත් 18වන සියවසෙහිදී තනි කඩුළු ක්‍රිකට් ජනප්‍රියව තිබියදී, පන්දු වාර සංඛ්‍යාව පිළිබඳ සීමාවන් නොපැවති අතර, ක්‍රීඩකයෙකුගේ ඉනිම කෙළවර වූයේ ඔහුගේ දැවීයෑම තුලින් පමණි.

"https://si.wikipedia.org/w/index.php?title=තනි_කඩුළු_ක්‍රිකට්&oldid=379089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි