රූප සංයෝජන න්‍යාය

විකිපීඩියා වෙතින්


කලාකෘතියක අවධානය යොමුවන ප‍්‍රධාන වස්තුව කුමක්ද යන්න සිත්තරා විසින් තීරණය කරනු ලබයි. අනතුරුව ඒ අනුව අනෙකුත් වස්තූන් සංවිධානය කෙරෙයි නරඹන්නාගේ බැල්ම මෙම උන්න්දුවක් දක්වන වස්තූන් වෙත යොමුවනු ඇත. වස්තූන් සකස් කිරීමේදී අපේක්‍ෂිත ප‍්‍රකාශනය ඉදිරිපත් වන සේ වස්තූන් සියල්ල තනි සාම්‍යයක් තුලට ගොනු කිරීම කෙරෙහි සැලකිල්ල යොමුවේ.

පින්තූරයක රූප සංයෝජනයේදී සැලකිල්ලට ගනු ලබන සාධක කිහිපයක් පහතින් දැක්වේ.

  • හැඩය සහ ප‍්‍රමාණය
  • භාණ්ඩ අතර සමබරතාවය
  • භාණ්ඩ අතර සාම්‍යය හෝ ඒකමිතිය
  • භාණ්ඩයන්ගේ පෙළගැස්ම
  • පින්තූරය භාවිතා කරන දර්ශන පථයේ ප‍්‍රමාණය
  • නරඹන්නා රූපය නැරඹීමේදී ඔහුගේ හෝ ඇයගේ ඇස ගමන් කරන මාර්ගය
  • හිස් අවකාශය
  • වර්ණ
  • තිලක්‍ෂණනය - පින්තූරය තුල ආලෝකය හා අඳුර භාවිතා කරනු ලැබ ඇති ප‍්‍රමාණය
  • රිද්මය
  • දීප්තිය හෝ ආලෝකමත් බව
  • පුනරාවර්තනය (සමහර අවස්ථාවලදී යම් යම් දේ කිසියම් රටාවකට පිහිටුවා තිබෙනු ඇත මෙහිදි රිද්මය හා ජ්‍යාමිතියද වැදගත් වෙයි)
  • පර්යාලෝකය
  • රීති කඩකිරීම ආතතියක් හෝ අපහසුතාවයක් ජනනය කරයි

පහත දක්වන ලද ආකාරයේ රූප සංයෝජනයේදී සැලකිල්ලට ගනු ලබන සාධකයන් කලාවේ සංඝටකයන් සමඟ පටලවා ගැනීමෙන් වැලකිය යුතුය. උදාහරණයක් ලෙස හැඩය සංඝටකයක් වන අතරම හැඩය භාවිතා කිරීම සංයෝජනයෙදී වැදගත් වෙයි.

ද්‍රෘෂ්ඨිකෝණය

නරඹන්නා ස්ථානගතවී සිටින ආකාරය රූපයක සෞන්දර්යාත්මක බව කෙරෙහි තදින්ම බලපායි. රූපය සම්පූර්ණයෙන්ම පරිකල්පනීය, එනම් ‘මනසින් දකින්නක්’ වුවද එය වෙනස් නොවේ. එය චිත‍්‍රයක ඇති වස්තූන් කෙරෙහි පමණක් නොව නරඹන්නා එයට ලබාදෙන අර්ථනිරූපනය කෙරෙහිද එය තදින් බලපායි.

උදාහරණයක් ලෙස පිරිමි ළමයකු ඉහල සිට සමහරවිට වැඩිහිටියකුගේ ඇස් මට්ටමේ සිට ඡායාරූපයකට නැගුවහොත් ඔහුගේ පෞරුෂය අවප‍්‍රමාණ වී දර්ශනය වේ. එය ඡායාරූපයට නැගුවේ දරුවාගේ ඇස් මට්ටමේ සිට නම් එහිදි ළමයාට හිමිවන්නේ සමාන තත්වයකි. පහල සිට ඡායාරූපය ලබාගත්තේ නම් ප‍්‍රතිඵලය වනු ඇත්තේ ළමයාට අධිපතිත්වය හිමිය වැනි අර්ථයකි. ඒ අනුව ඡායාරූප ශිල්පියා තොරන්නේ නරඹන්නාගේ පිහිටුමය.

වස්තුවක් සම්පූර්ණ රාමුවම පුරවන විට එය වඩාත් නාට්‍යමය ආකාරයෙන් සලකනු ලැබිය හැක. එහිදි සැබෑ ප‍්‍රමාණයට වඩා විශාලව දේවල් පෙනෙයි. රාමුව පිරී තිබීම නිසාවෙන් මානසිකවද පිරුනු ස්වභාවයක් ඇතිවේ. පසුබිමින් ඇතිවන බාධාවන් ඉවත්කිරීම සඳහාද මෙය යොදාගත හැක.

ඡායාරූප ශිල්පයේදී කැමරාවේ පිහිටුම වෙනස් කිරීම මඟින් පසුබිම වෙනස් කළ හැක. එවිට වස්තුව කෙරෙහි අවධානය යොමුකිරීමට ඇතිවන බාධාවන් අවම කළ හැක. වස්තුවට ළංවීම, පාර්ශ්විකව චලනය වීම හෝ කැමරාව සිරස් අතට හැරවීම මගින්ද මෙය සිදුකළ හැක.

"https://si.wikipedia.org/w/index.php?title=රූප_සංයෝජන_න්‍යාය&oldid=93693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි