රූපවාහිනී NTSC

විකිපීඩියා වෙතින්

NTSC යනු ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, මෙක්සිකෝව, පිලිපීනය, දකුණු කොරියාව, තායිවානය හා වෙනත් ඇතැම් රටවල්හි භාවිතයට ගැනෙන ප්‍රතිසම (Analog) රූපවාහිනී පද්ධතියකි. මෙම NTSC යන්න බිහිවී ඇත්තේ National Television System Committee නම් එක්සත් ජනපද ප්‍රමිතිකරණ ක්‍රියාවලියකට අනුගතවය. විකාශනය සඳහා සුදුසු ප්‍රථම කළු සුදු NTSC ප්‍රමිතිය ඇති වූයේ දෙවන ලෝක යුද්ධයට ප්‍රථමයෙනි. එකල්හි වර්ණ රූපවාහිනී සම්ප්‍රේෂණයට ඉඩ ලබා දී නොතිබුණි. මෙම සම්මතය විසින් එක් රාමුවක් සඳහා රූප තොරතුරු පේළි 525 ක් කැඳවනු ලැබූ අතර තත්පරයකට රාමු 30ක් ප්‍රදර්ශනය කරනු ලැබීය. පසුව රාමු ශීඝ්‍රතාවය වර්ණ සම්මතය සඳහා යන්තමින් වෙනස් කරනු ලැබිණි. වානිජමය රූපවාහිනීවල දියුණුව එක්සත් ජනපදය යුද්ධයට මැදිහත් වීමත් සමඟ නැවතුණි. 1953 දී දෙවන සම්මතයක් නිකුත් වූණි.එයට දැනට පවතින කළු සුදු ආදායක සමඟ කටයුතු කළ හැකි අතරම එය වර්ණ සම්ප්‍රේෂණයට ද ඉඩ ලබා දේ. තවද එමඟින් දැනට භාවිතයේ පවතින විකාශන චැනල කලාපවල පළල පවත්වා ගනී. ඒ වන විට යෝජනා කර තිබූ වර්ණ පද්ධතිවලට පෙර පැවති පද්ධති සමඟ කටයුතු කළ නොහැකි විය. මේ තත්ත්වය නිසා වානිජමය වාසියක් අත්විය. NTSC යනු බහුලව භාවිතා කළ ප්‍රථම විකාශන වර්ණ පද්ධතියයි. ශත වර්ෂ භාගයක පමණ භාවිතයෙන් පසුව ආකාශය හරහා සිදු වූ NTSC සම්ප්‍රේෂණය 2009 දී එක්සත් ජනපදයේ දී ATSC පද්ධතිය මඟින් ප්‍රතිස්ථාපනය විය. විවිධ සංඛ්‍යාංක රූපවාහිනී පද්ධති මඟින් එම යුගයේ(වැකුම් නළ) සම්මත ප්‍රතිස්ථාපනයන් සිදු කර ඇත.


NTSC රූපවාහිනී - තීරූ හා නැවුම්කරන සීඝ්‍රතා[සංස්කරණය]

NTSC වර්ණ කේතීකරණය M ආකෘතිය සමග භාවිතා වන අතර එය 25.57% පමණ අකුරු ලියු වීඩියෝ රාමු තප්පරයට සීඝ්‍රතාවයකින් යුක්ත වේ. හැම රාමුවක්ම 525 ක ප්‍රස්තාර තීරු සහිත වන අතර ඉන් 486 ක් දෘෂ්ටි කලාපය නිරූපණය කරයි. ඉතිරි කොටස සමමුහුර්තකරණයට හා සිරස්ව නැවත ප්‍රතිස්ථාපනය කිරීමට භාවිතා වන අතර එයට වැහුණු ශීර්ෂ දත්ත හා සිරස් ප්‍රාන්තර කාල දත්ත අඩංගු වේ. PAL පද්ධති 625 තීරු (576 ක් දෘෂ්ටි කලාපයට) හා අධි සිරස් විභේදන හා NTSC වලට වඩා අඩු කාල විභේදන (තප්පරයට රාමු 25 හෝ ක්ෂේත්‍ර 50) භාවිතා කරයි.


NTSC ක්ෂේත්‍ර නැවුම්කරණ සංඛ්‍යාතය පළමුව කලු සුදු පද්ධති සදහා 60 හර්ට්ස් විය. මෙයට හේතුවුයේ එය ඇමරිකාවේ භාවිතා කල 60 හර්ට්ස් ප්‍රත්‍යාවර්ත විදුලියට සැසදීමයි. මෙම සැසදීම මගින් තරංග බාධා අවම වූ අතර රූපවාහිනී තිරයේ රැලි ගැසීම් අවම විය.

525 තීරු පද්ධති යොදාගන්නා ලද්දේ එවකට රික්තක නල පදනම් වූ තාක්ෂණයේ තිබු අඩුපාඩුකම් නිසාය. එකල පැවති රූපවාහිනී පද්ධතිවල ප්‍රධාන වොල්ටීය පාලක දෝලකය තිරස් තීරු සංඛ්‍යාතය මෙන් දෙගුණයක අගයක මෙහෙයවන ලදී. මෙම සංඛ්‍යාතය තීරු ගණනෙන් (525 තීරු) බෙදන ලදී. එම සංඛ්‍යාතය ඉන් අනතුරුව 60 හර්ට්ස් ප්‍රබල-තීරු සංඛ්‍යාතය හා සැසදු අතර විෂමතාවයන් පසුව සංඛ්‍යාතය ප්‍රධාන දෝලකය හා සැසදීමෙන් සංශෝධනය කරන ලදී.

එම කාලයේ පැවති ප්‍රායෝගික සංඛ්‍යාත බෙදන ක්‍රමය වූයේ බහුකම්පක භාවිතා කිරීමයි. අකුරු සුපිරීක්ෂණය සඳහා තීරු ඔස්සේ රාමු ගණනක් අවශ්‍ය විය.

වර්ණ රූපවාහිනී පද්ධතිවල වර්ණ වාහකවල නිශ්චල තිත් රටා නැතිකිරීමට නැවුම්කරණ සංඛ්‍යාතය මදක් අඩුකරන ලදී. (59.94 හර්ට්ස් දක්වා)


රූපවාහිනි NTSC - වර්ණ කේතය[සංස්කරණය]

ලෝකයෙ වටා භාවිතා වන ප්‍රධාන සම්මත තුනක් ඇත. ඒවා නම් PAL (කලාප විකල්ප මාර්ගය ) NTSC (ජාතික රූපවාහිනි පද්ධති සංගමය) සහ SECAM (Squinter consular a memare) මතය සමග ඇති අනුයාත වර්ණය වේ.

උතුරු ඇමරිකාවේ භාවිතා වන පද්ධතිය NTSC වේ. බටහිර යුරෝපය ඔස්ට්‍රේලියාව යන නැගෙනහිර දකුණු ඇමරිකාවේ PAL පද්ධතියට ප්‍රංශට දැනටත් SECAM භාවිතා කරයි. සමාන්‍යයෙන් උපාගංයක් (රූපවාහිනිය වැනි) හගලින් කියවීමට පමණක් හැකි හෝ සම්මානයට කේතාංකනය කරන ලදි විඩියෝ ප්‍රදර්ශනය කරනු ලැබේ. උපාංග ආධාර කිරිමට සැලසුම් කීමට හෝ ඇත්නම් එය පරිවර්තනය වේ. (උදාහරණයක් ලෙස යුරෝපිය වැඩ සටහන් උතුරු ඇමරිකාවේ ප්‍රචාරණය කරනු ලබන අතර ප්‍රතිලෝමයද සත්‍ය වේ. )

පහත වගුවට මගින් මෙම වේතය පෙන්නුම් කරනු ලබයි. NTSC M PAL BGH PALI PALN PALM SECAM SECAM BGC DRKL මාර්ග කේෂ්‍ත්‍ර 525/60 625/50 625/50 525/60 625/50 625/50

තිරස් සංඛ්‍යානය

සිරස් සංඛ්‍යනය

වර්ණය

උපවහක සංඛයානය

විඩියෝ සංඛ්‍යාපාගය

ශබ්දය

වහනය


අනෝරතාව ක්‍රියාකරන රූපවාහිනි යුගය[සංස්කරණය]

සරලවම අනෝන්‍යාත ක්‍රියාකරන රූපවාහිනි යුගට දැනටමත් ඉතා සාර්ථ ක වේ. මෙම පලමු මහා පිංම්ම මගින් දුරස්ථ පාලක භාවිතයෙන් නාලිකා තෝරා ගැනීම අවසාන දැනුම විඩියෝ VCR නැවැත්විම, නැවත ගන්විම, යන DVR භාවිතය සැලැස්විම එමගින් සන්ධාරයේ හෝ ආවේණික රේඛිය ඔවනෙහි වෙනයන් ඇති නොකරයි. මිදුවන එකම දෙය සන්ධාරය දර්ශනයන්හි දක්වාන පාලනයයි. DVR මගින් භාවිතාකරණනන්ට කාලය හුවමාරු සන්ධාරයට මග පෙන්වන අතර බොහෝ VCR අයිතිකරුවන් එය ඉගෙන නොගනී. අන්තර්ක්‍රියාකාරි ට වීම් වල ආකාරය වන අතර එව නොවැදගත් නොවේ. නමුත් එය වදනයේ පරියමවිත අර්ථයන් පැහැදිලි නොවේ. මෙය බොහෝ නිවෙස්වල පවතින ත්ත්වයකි. අනෝන්‍ය ක්‍රියාකාරිත්වට උදාහරණයක් ලස සුරස්ථ පාලකය සරල භාවිතය මගින් රෑපවාහිනියන් ක්‍රියාත්මක කිරිම හෝ ක්‍රියාකරවිරහිත කිරි ම ඉිදරිපත් කල හැකි. මෙය පොතක පිටු පෙරලිමටත් ගන අනෝ්‍න්‍ය ක්‍රියාකරන ආකාරය වෙති




සටහන්[සංස්කරණය]

| Interactive television - Interactivity with a TV set |}

"https://si.wikipedia.org/w/index.php?title=රූපවාහිනී_NTSC&oldid=472012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි