රූපවාහිණිය - ආසියානු රූපවාහිණී ජාල සහ විකාශන මධ්‍යස්ථාන

විකිපීඩියා වෙතින්
tiny globe
ඒක පුද්ගල රූපවාහිනි අයිතිය මෙම රූපසටහන් මගින් පෙන්නුම් කරයි. අඳුරු පැහැයෙන් වැඩිපුර රූපවාහිනි භාවිත වන ප්‍රදේශ පෙන්නුම් කරන අතර අළු පැහැයෙන් පෙන්නුම් කරන ප්‍රදේශවල දත්ත ලැබී නැත.

සාම්ප්‍රදායිකව ආසියානු රූපවාහිනි සේවා රාජ්‍ය පාලනයට යටත් වු ඒවා වෙයි. කෙසේ නමුත් පෞද්ගලික රූපවාහිනි සේවා සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර චන්ද්‍රිකා රූපවාහිනි සේවා මගින් එල්ල වන තරඟකාරීත්වයද වර්ධනය වෙමින් පවතී. රූපවාහිනි බලපත්‍ර මගින් ආදායම උපයා ගන්නා නම් වාණිජ මය නොවන ජපාන NHK රූපවාහිනි සේවාව (මෙය BBC සේවාවට සමානත්වයක් දක්වයි) ඉන්දියානු රජය මගින් පාලනය කරනු ලබන Doordarshan සේවාව සහ චීනයේ මධ්‍යම චීන රූපවාහිනි සේවාවට සාපේක්ෂව පුවත් සහ කාලීන තොරතුරු ඉදිරිපත් කිරීමේදී වැඩි ස්වාධීනත්වයක් භුක්ති විදි. 2000 වසරේ පටන් නව පුද්ගලික රූපවාහිනි සේවා ඇරඹීම සඳහා ඉන්දියානු රජය මගින් දිරිගැන්වීම් සිදු කරයි. හොංකොංහි මුලස්ථානය පිහිටා ඇති Star TV ආයතනය අනෙකුත් රටවලටද ව්‍යාප්තව ඇත. ඇතැම් රටවල ක්‍රියාත්මක වන පෞද්ගලික රූපවාහිනි සේවා සංඛ්‍යාව පැහැදිලි ලෙසම ඉහළ යමින් පවතී. උදාහරණයක් ලෙස 1989 ඉන්දුනිසියාවේ ක්‍රියාත්මක වුයේ තනි ජාතික පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් වන අතර මේ වන විට එම සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.


සටහන්[සංස්කරණය]

Geographical_usage_of_television