රුසියාවේ දෙවන නිකොලස් සාර්

විකිපීඩියා වෙතින්
Nicholas II
Emperor Nicholas II, in a British Royal Navy uniform as an honorary Admiral of the Fleet, 1909
Emperor and Autocrat of All the Russias
රාජ්‍ය සමය1 November 1894[lower-alpha 1]15 March 1917[lower-alpha 2]
Coronation26 May 1896[lower-alpha 3]
පූර්වප්‍රාප්තිකයාEmperor Alexander III
අනුප්‍රාප්තිකයාMonarchy abolished
Georgy Lvov
as Chairman of the Provisional Government
උපතසැකිල්ල:OldStyleDateNY 1868
Alexander Palace, Tsarskoye Selo, Saint Petersburg, Russian Empire
මරණය17 July 1918(1918-07-17) (වයස 50)
Ipatiev House, Yekaterinburg, Russian SFSR
භූමදානය17 July 1998
Peter and Paul Cathedral, Saint Petersburg, Russian Federation
වල්ලභයාPrincess Alix of Hesse and by Rhine
 (වි. 1894; died 1918)
දරුවන්
සම්පූර්ණ නාමය
Nikolay Alexandrovich Romanov
වංශයරොමනොව් රාජවංශය
පියාAlexander III of Russia
මවDagmar of Denmark
ආගමRussian Orthodox
අත්සනNicholas IIගේ අත්සන

නිකොලස් II හෝ නිකොලායි II, රුසියාවේ ශාන්ත දෙවන නිකොලස් (Saint Nicholas II of Russia) රුසියාවේ අවසාන අධිරාජ්‍යයා විය. 1894 නොවැම්බර් 1 සිට 1917 මාර්තු 15 දින දේශපාලන බලපෑම් නිසා සාර් පදවිය අත්හැර දමන තෙක් රුසියානු අධිරාජ්‍යය පාලනය කරන ලද්දේ ඔහු විසිනි. ඔහුගේ පාලන කාලය තුලදී රුසියානු අධිරාජ්‍යය ලෝක බලවතෙකුගේ තත්ත්වයේ සිට ආර්ථික හා හමුදාමය පරිහාණියකට පත්වීම නිසා බිඳ වැටීම සිදුවිය. කොඩින්කා (Khodynka) ඛේදවාචකය, ප්‍රති-සෙමිටික වැඩසටහන්, ලේ වැකුණු ඉරිදාව (Bloody Sunday), 1905 රුසියානු විප්ලවය මර්ධනය කල ප්‍රචණ්ඩ විලාශය, දේශපාලන ප්‍රතිවාදීන් මරාදැමීම් සහ රුසියානු-ජපන් යුද්ධයට පෙළඹීම වැනි හේතු නිසා දේශපාලන ප්‍රතිවාදීන් විසින් Nicholas the Bloody (ලේ වැකුණු නිකොලස්) යන අන්වර්ථ නාමයෙන් ඔහු හැඳින්වීය.[1] සෝවියට් ඉතිහාසඥයින් දක්වන පරිදි නිකොලස් දුර්වල, සිය තීරණ නිසා යුධමය පරාජ වලට මුහුණ දීමට සිදුකල සහ මිලියන ගණනකගේ ජිවිත අහිමි කල අදක්ෂ පාලකයෙකු විය.

1904-05 දී සිදු වූ රුසියානු-ජපන් යුද්ධයෙන් රුසියාව පරාජයට පත්විය. එහිදී රුසියානු බෝල්ටික් නාවික බලඝණය ත්සුෂිමා සටනේ දී සහමුලින්ම විනාශ වී ගිය අතර මැන්චුරියාව සහ කොරියාව අහිමි වීම සහ දකුණු සකාලින් (Sakhalin) ප්‍රදේශය ජපනුන් අත්පත් කරගැනීම සිදුවිය. ජර්මන් අධිරාජ්‍යය මැදපෙරදිග බලය ලබාගැනීමට විරුද්ධ වීම සඳහා එක්සත් රාජධානිය සමඟ රුසියාව ඇන්ග්ලෝ-රුසියන් අවබෝධතාවයකට එළඹුණු නමුත් එය අවසන් වූයේ රුසියාව සහ එක්සත් රාජධානිය අතර මහා තරගයක් ඇති කරවමිනි. 1914 ජුලි 30 නිකොලස් විසින් රුසියානු හමුදා සංවිධානය අනුමත කිරීම නිසා 1914 අගෝස්තු 1 දින ජර්මනිය රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළාය. ඇස්තමේන්තුගත කර ඇති ආකාරයට පළමු ලෝක යුද්ධයේදී රුසියානුවන් මිලියන 3.3 ක් පමණ ඝාතනය වී ඇත. රුසියානු අධිරාජ්‍ය හමුදාවේ දැවැන්ත පරාජයන්, යුධ කටයුතු වලදී ඉහළ අණ දෙන නිලධාරියාගේ අදක්ෂ කළමනාකාරිත්වය සහ හමුදාවන්ට ආහාර සැපයුම අඩාල වීම යනාදී කරුණු රමොනොව් පෙළපතේ බිඳවැටීම සඳහා ප්‍රධාන හේතුසාධක විය.

1917 පෙබරවාරි විප්ලවයෙන් පසු නිකොලස් සිය පදවිය අත්හැරියේය. ඔහු සහ ඔහුගේ පවුල සිරගත කරන ලද අතර 1917 ගිම්හානයේදී ටොබෝල්ස්ක් (Tobolsk) වෙත යවන ලදී. 1918 අප්‍රේල් 30 නිකොලස්, ඔහුගේ මව මේරි සහ අලෙක්සන්ද්‍රා එකැටරින්බර්ග් (Ekaterinburg) හි ජාතික සෝවියට්වරුන්ට (the local Ural Soviet) භාර දෙන ලදී. සිරගත කල ඉතිරි පිරිස මැයි 23 දින භාරදෙන ලදී. 1918 ජුලි 16/17 රාත්‍රියේ දී නිකොලස් සහ ඔහුගේ පවුලේ අය බෝල්ෂෙවික් ආරක්ෂකයින් විසින් අවස්ථාවාදී ලෙස වෙඩිතබා ඝාතනය කරන ලදී. පසු කාලයේදී සාර් පවුලේ සියලු දෙනාගේ ශරීර කොටස් සොයා ගන්නා ලද අතර ඔවුන් ඝාතනය කර වසර 80 කට පසු 1998 ජුලි 17 දින ශාන්ත පිටර්ස්බර්ග් හි රාජ්‍ය ගෞරව සහිතව ඒවා තැන්පත් කරන ලදී.

1981 දී නිව්යෝර්ක් හි රුසියාවෙන් පිටත පිහිටි රුසියානු ඕතඩොක්ස් පල්ලිය මගින් නිකොලස්, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දිවිපිදුවන් (martyrs) ලෙස ශාන්තුවරයට පත්කරන ලදී. 2000 අගෝස්තු 15 දින රුසියාවේ, රුසියානු ඕතඩොක්ස් පල්ලිය මගින් ක්‍රිස්තුස් වහන්සේ පරිදි දිවිපිදුවන් සිහිපත් කරමින් නිකොලස් සහ ඔහුගේ පවුලේ අය ශාන්තුවරයට පත්කරන ලදී.

  1. O.S. 20 October 1894
  2. O.S. 2 March 1917
  3. O.S. 14 May 1896
  1. Woods, Alan (1999) "The First Russian Revolution" in Bolshevism: The Road to Revolution by Alan Woods, Well Red Publications, ISBN 1900007053