Jump to content

රිකට්සියාව

විකිපීඩියා වෙතින්

රිකටිසියාව Rickets

[සංස්කරණය]

හැඳින්වීම

[සංස්කරණය]

රිකට්සියාව යන රෝග තත්ත්වය බොහෝවිට දක්නට ලැබෙනුයේ විටමින්- ඩී ඌණතාවය නිසාය. විටමින්-ඩී සංඝටකය අප සිරු‍ෙර්ම නිපදවාගනු ලබයි. මෙහිදී සමෙහි ඇති ඩිහයි‍ෙඩ්‍රාක්සි‍කොලේකැල්සෆෙරෝල් නම් සංඝටකය විටමින් ඩී-3 බවට පරිවර්තනය වේ. එය සිදුවන්නේ හිරුඑළිය සමට වැටීමෙනි. මෙලෙස නිපදවෙන විටමින් ඩී-3 රුධිරය මගින් අක්මාව කරා ගෙන යනු ලබයි. එවිට එය 25-හයිඩේ‍රාක්සිකොලෙකැල්සිෆෙරොල් බවට පත්වෙයි. දැන් මෙම සංඝටකය 1 , 25 හයිඩෙක්සිකොලේකැල්සෆෙරෝල්, එනම් ක්‍රියාකාරී විටමින්-ඩී බවට පත්වීම වකුගඩු තුළදී සිදු‍ෙව්. මෙම ක්‍රියාකාරී විටමින් - ඩී සතුව විශේෂිත වූ ක්‍රියාකාරකමි කිහිපයක් ඇත. එමගින් කැල්සියම් නම්වූ ඛණිජ ලවනය රුධිරයට උරා ගැනීම වැඩිවෙයි. තවද ආහාර මාර්‍ගයෙන් පොස්ෆරස් නම් ඛණිජ ලවනය ද වැඩිපුර ශරීරයට උරාගැනේ. මෙම සංඝටක අස්ථි වර්ධනය හා හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම කෙරෙහි ඉතාම වැදගත් ‍ෙව්. විටමින්- ඩී ඇතැම් ආහාර වර්‍ගවල ද අඩංගුවෙයි. ‍මේ අතර මාලු, සත්ව අක්මාව, බිත්තර, බටර් ප්‍රධාන තැනක් ගනී. කිරිවලින් ද විටමින් - ඩී තරමක් දුරකට ලබාගත හැක. ළදරුවන්ට දිනකට විටමින් - ඩී මිලි ග්‍රූමි 5ක් අවශ්‍ය වන අතර අනෙකුත් දරුවන්ට දිනකට විටමින්- ඩී මිලි ග්‍රූමි 10 ක් පමණ අවශ්‍ය ‍ෙව්. ෙම්‍ අනුව විටමින්-ඩී ඌණතාවයේදී දරුවකුගේ සිරුරට ඇතිවන බලපෑම අපට සිතාගත හැකිය. මෙහිදී කැල්සියම් ආහාර මාර්ගයෙන් සිරුරට උරාගැනීම අඩුවෙන අතර පොස්ෆරස් ද සිරුරට උරා ගැනීම අඩුවෙයි. ‍ෙම් අනුව සරු‍ෙර් ඇති රුධිර කැල්සියම් ප්‍රමාණය ඉතාමත්ම අඩු‍ෙව්.




සිරුරේ කැල්සියම් යාමනය

[සංස්කරණය]

දේහ කැල්සියම් මට්ටම නිසි පරිදි යාමනය කර ගැනීම අත්‍යයවශ්‍යෙයව්. ඊට ෙහ්තුව කැල්සියම් ෙබාෙහා් පරිවෘතිය ක්‍රියා සදහා සහභාගි වන බැවින් එහි සාන්ද්‍රණය ෙවනස් වීමක් ඉතා අහිතකර ලෙස බලපානු අැත. එෙස්ම අස්ථි වර්ධනය සදහා අවශ්‍ය කැල්සියම් රුධිරය හරහා සැපයීමද ෙම් සමගම සිදු කල යුතු වේ. ෙමනිසා කැල්සියම් මට්ටම නිසි පරිදි යාමනය කර ගැනීමට සංකීර්ණ යාන්ත්‍රණයක් අැත. විටමින්-ඩී අවශ්‍ය පමණට වඩා වැඩි වුවහොත් සිරුරට කැල්සියම් අධිකතාවයක් හටගනී. එම නිසා මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සිරු‍ෙර්ම නිපදවෙන තවත් හෝමෝනයක් වන පැරාතයිරොයිඩි හෝමෝනය උපකාරී වෙයි. මෙම හෝමෝනය මගින් වකුගඩු තුළදී විටමින්-D වල සක්‍රිය සංඝටකය නිෂ්පාදනය කිරීම වැඩිකරයි. කැල්සියම් වැඩි අවස්ථාවලදී සිරුර තුළ විටමින්-ඩී ඌණතාවයක් හටගත් අවස්ථාවලදී ආහාර මාර්ගයෙන් කැල්සියම් සිරුරට උරා ගැනීම අඩුවෙයි. මෙහිදී රුධිරයේ ඇති කැල්සියම් මටිටම අඩුවීම නිසා පැරාතයිරොයිඩි හෝමෝනය වැඩිවෙයි. මෙහිදී සිදවන්නේ අස්ථිවල ඇති කැල්සියම් දියකර රුධියරට අවශ්‍ය කැල්සියම් සැපයීමයි. තවද වකුගඩු තුළින් මුත්‍රාවලට පෙරෙන කැල්සියම් ප්‍රමාණය අඩුකිරීමක් සිදුවෙයි. එම නිසා මුලදී කැල්සියම් රුධිර මටිටම සාමාන්‍ය තත්ත්වයේ පවත්වා ගැනීමට පැරාතයිරොයිඩි හෝමෝනය සමත් ‍වේ. නමුත් කල්යාමේදී රුධිර කැල්සියම් මටිටම අඩුවී යයි. අස්ථිවල කැල්සියම් ද අඩුවී යයි. මෙලෙස අස්ථිවලින් කැල්සියම් කැඩීයාම නිසා රුධිරගත ඇල්කලයින් ෆොස්ෆ‍ෙට්ස් යන එන්සයිමය වැඩිවීමක් සිදුවෙයි.


රෝගය සඳහා හේතු

[සංස්කරණය]

විටමින් ඩී ඌනතාවය

[සංස්කරණය]

කලින් විස්තරකර ඇති පරිදි විටමින්-ඩී ඌණතාවය රිකටිසියාව සෑදීමට ඇති ප්‍රධානතම හේතුව වෙයි. මෙලෙස සිරුරට අවශ්‍ය විටමින්-ඩී අඩුවීමට හේතු කිහිපයකි. ඉන් එක් කරුණකි ආහාරවල ඇති විටමින්-ඩී ඌණතාවය. මෙහිදී විටමින්-ඩී බහුලව ඇති මාළු, සත්ව අක්මාව බිත්තර බටර් වැනි ආහාර දරුවාට ප්‍රමාණවත් ලෙස නොලැබීම හේතු වෙයි. කලින් සඳහන් කළ පරිදි හිරු එළිය ද සිරුර තුළ ඩී විටමින් නිපදවා ගැනීම සඳහා අවශ්‍ය්‍ය වෙයි. මෙහිදී ඇතැම් ආසියාතිකර දරුවන්, වෙනත් හිරුඑළිය නොමැති රටවලට පදිංචියට ගිය පසු දරුවන්ට විටමින් ඩී උනත තත්ත්වය උදාවන බව පෙනීගොස් ඇත. තවත් සමහර දරුවන්ට ආහාර වලින් නියමාකාර ලෙස විටමින්-ඩී ලැබුණ ද ඒවා ආහාර මාර්ගයෙන් රුධිරයට උරා ගැනී‍ෙම් අපහසුතාවයක් පවතී මෙම දරුවන් ද විටමින්- ඩී ඌණතාවයට ගොදුරු වෙයි. සිරුර තුළ ක්‍රියාකාරී විටමින්-ඩී නිපදවා ගැනීමට අක්මාව කොතරමිදුරට වැදගත් දැයි අප විසින් ඉහතදී විස්තර කර දී ඇත. සම් අනුව යම් දරුවකුට අක්මාව ආශ්‍රිතව රෝගයක් හටගැනී අක්මාවෙහි ක්‍රියාකාරීත්වය අඩපණවුහාත් එම දරුවාට විටමින් - ඩී ඌණතාවය පහසුවෙන්ම ඇති විය හැක. තවද විටමින්-ඩී සිරුර තුළදී නිපදවා ගැනීම වකුගඩවල ද ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය බැවින් වකුගඩු දුර්වලතා ඇති දරුවන්ගේ සිරු‍ෙර්ද විටමින්-ඩී ඌණතාවයක් හටගනී. මෙලෙස වකුගඩු අකර්මන්‍යතාවයට දරුවන් පත්වන්නේ ඔවුන්ගේ වකුගඩුවල ඇතිවන සංජානනීය විකෘතිතා සහ කුඩා කලදී නිතරම වකුලඩු ආසාදනවලට ගොදුරුවීම වැනි හේතු නිසාය.



ඖෂධ වර්ග

[සංස්කරණය]

මීට අමතරව වලිප්පුව රෝගයට ගොදුරුවූ දරුවන්ට එය පාලනය කිරීම සඳහා නිර්දේශ කරනු ලබන ඇතැම් ඖෂධ වර්‍ග නිසා ද සිරුර තුළ විටමින්-ඩී නිපදවීම අඩු වෙයි. ෙම් දරුවන්ට ද රිකටිසියා තත්ත්වය වැළඳීමට ඉඩ ඇත. ඉහත සඳහන් කළ තත්ත්වවලදී ප්‍රධානකොටම විටමින්-ඩී ඌණතාවය වැළඳීම නිසා දරුවාගේ රුධිරගත කැල්සියම් හා ෆොස්ෆරස් අඩු වෙයි අස්ථිවලින් කැල්සියම් දියවී යන නිසා ඇල්කලයින් ෆොස්ෆටෙිස් යන එන්සයිම මටිටම වැඩි වෙයි. තවද හයිපතයිරොඩි හෝමෝනවල ප්‍රමාණය ද වැඩි‍‍ෙව්. සිරු‍ෙර් කැල්සියම් ඌණතාවය නිසා රිකටසියාව ඇතිවන බව ඔබ දැනටමත් දන්නවා ඇත සිරුරෙහි කැල්සියම් අඩුවන්නේ ඉහත සඳහන් කළ පරිදි විටමින් - ඩී ඌණතාවය වකුගඩු හා අක්මා දුර්‍වලතාවයන් වැනි තත්ත්වයන් හේතුවෙනි. කැල්සියම් ඌණතාවයට අමතරව ෆොස්ෆේටි ඌණතාවයදසම් සඳහා ඉවහල් වෙයි. මෙහිදී ප්‍රාථමික ෆොස්ෆේටි ඌණතාවය ලෙස හඳුන්වන රෝග තත්තවය ප්‍රධාන තැනක් ගනී. මෙය විටමින්-ඩී ඌණතාවය හැරුණුකොට රිකටිසියාව රෝගය වැළඳීමට හේතුවන ප්‍රධානතම කරුණ වෙ. මෙය පරමිපරාවෙන් පමිපාවට සමි‍‍ෙප්‍්‍රෂණය වෙයි. එසේ සිදුවන්නේ අප සිරුරෙහි ඇති ජානවල ඇතිවන විකෘතිතා නිසාය. මෙහිදී වෘක්කානුවලින් ෆොස්ෆේටි රුධිරයට උරාගැනීම අඩුවෙයි. මෙ නිසා සිරුරට අවශ්‍ය ෆොස්ෆේටිවලින් ප්‍රමාණයක් මුත්‍රා සමග පිටවී යයි. තවද සක්‍රිය විටමින් - ඩී නිෂ්පාදනය ද වකුගඩුවල සිදුවන නිසා මෙම ක්‍රියාවලිය ද ප්‍රාථමික ෆොස්ෆේටි ඌණතාවයේදී අඩපණ වෙයි. මෙම රෝගයට ගොදුරුවූ දරුවන් ඉතාම කුඩා කාලයේදීම රෝග ලක්ෂණ පෙන්නුමි කරයි. මොවුනට වයසට සරිලන උසක් නැත. ඇවිදීමේදී අසාමාන්‍ය රටාවක් පෙන්නුම් කරයි. අනෙක් රිකටිසියා තත්ත්තවයෙන් පෙලෙන දරුවන් මෙන්ම මෙම දරුවන්ට ද කකුල් ඇද ගැසීම (දුන්නක් සේ වකුටුවීම හෝ දණහිස් දෙක ලගින් කකුල් ඉතාම ලංවී වළලුකර ලගින් ඈත්වීම) වැනි අස්ථි දුර්වලතා ද ඇතිවේ. මෙම දරුවන්ගේ රුධිර කැල්සියම් ප්‍රමාණය අඩුවන අතර පොස්ෆරස් නම් ඛණිජ ලවනය ද අඩුය. ඇල්කලයින් ෆොස්ෆටෙිස් එන්සයමය ඉතා වැඩිය.



රිකටිසියාව රෝගය සඳහා බලපාන හේතු III

[සංස්කරණය]

තවත් රිකටිසියාව සෑදීමට හේතුපාදක වන රෝගී තත්ත්වයක් නම් විටමින්-ඩී ඩිපෙන්ඩන්ට් රිකටිසියාවයි. මෙය දරුවාගේ ආහාරයේ ප්‍රමාණවත් තරම් විටමින්-ඩී තිබුණ ද ඇතිවන තත්ත්වයකි. මෙම රෝගී තත්ත්වයට හේතුව ද ජානවල ඇතිවන විකෘතිතාවයන්‍ය. එම නිසා මෙම රෝගය ද පරමිපරාවෙන් පරමිපරාවට සමිප්‍රේෂණය ‍ෙව්. මෙම රෝගයේ දී ද වකුගඩු තුළදී සක්‍රිය විටමින්-ඩී නිෂ්පාදනය අඩුවෙයි. මෙම දරුවන්ගේ ද රුධිරගත කැල්සියම් ප්‍රමාණය අඩුවන අතර පොස්ෆේ්ටි ප්‍රමාණය වැඩිය. තවත් සමහර දරුවන්ට සිරුරට අවශ්‍ය ෆොස්ෆේටි ප්‍රමාණය නිසි ආකාර නොලැබීම නිසා හෝ සිරුරට ෆොස්ෆේටි ප්‍රමාණය නිසි අකාරව නොලැබීම නිසා හෝ සිරුරට පොස්ෆේට ආහාර මාර්ගයෙන් උරා ගැනීම අඩුවන නිසා හෝ මුත්‍රාවල පොස්ෆේට් වැඩිපුර පිටවන නිසා හෝ සිරුරෙහි ඇති පොස්ෆේටි ප්‍රමාණය අඩුය. මෙවැනි දරුවන්ට ද රිකටිසියා රෝගය වැළඳේ.

ඉහත සඳහන් කළ කරුණුවලට අමතරව වකුගඩුවල ඇතිවන ඇතැම් රෝගී තත්ත්වයන් ද රිකටිසියා රෝගයට හේතුපාදක වෙයි. ෆැන්කෝනි සහලක්ෂණය මීට කදිම උදාහරණයකි. මෙහිදී වෘක්කානුවෙහි ක්‍රියාකාරිත්වයේ යම් දෝශ සහගත බවක් ඇත. මේ නිසා වෘක්කානුව මගින් ග්ලූකෝස්, ඇමයිනෝ අමිල, පොස්ෆරස්, ‍ෙප්‍රා්ටීන වැනි සංඝටක උරාගැනීම අඩුවෙයි. මෙම සංඝටක මුත්‍ර සමග පිටවීමට පටන් ගනී. මෙම දරුවන්ට රිකටිසියා තත්ත්‍යට අමතරව තවත් ප්‍රශ්න පවතී. එනම් වයසට සරිලන බර වැඩිවීමක් නොපෙන්වීමයි. එමෙන්ම මොවුන්ගේ ආහාර රුචිය ඉතාමත් අඩුවන අතර ඉක්මණින් කලබලවන, කේන්තියට පත්වන ස්වරූපයක් පෙන්නුමි කරයි. සම් දරුවන් ඉතා අඩු වයසේදීම (එනම් මාස හයටත් පෙර රෝග ලක්ෂණ පෙන්වයි).



රිකටිසියාව රෝගය සඳහා බලපාන හේතු IV

[සංස්කරණය]
‍ෙප්‍රාක්සිමල් රීනල් ටිබියුලර ඇසිඩෝසිස් ද රිකටිසියා රෝ්ග තත්ත්වය ඇතිවීමව බලපාන තවත් එක් හේතුවක් වෙයි.  මෙහිදී සිදුවන්නේ ද වෘක්කානුවලින් අප සිරුරට අවශ්‍ය පොස්ෆේටි ප්‍රමාණය උරා ගැනීමට අපහසුවීමයි.

ඇතැම් දරුවන්ට විටමින්-ඩී වලට සං‍වේදී නොවන රිකටිසියාවන් ඇත. අප, දරුවන් මෙලෙස වර්ගීකරනය කරන්නේ ඔවුන්ට විටමින්-ඩී විශාල ප්‍රමාණවලින් ලබා දුන්න ද ඔවුන්ගේ රිකටිසියා තත්ත්වය සුව නොවන නිසාය. මෙම දරුවන්ගේ රිකටිසියා තත්ත්වයට හේතුව කුමක්දැයි සොයා ගැනීමට කලයක් තිස්සේ නොයෙකුත් පර්යේෂණ පැවැත්වින. එහිදී හඳුනාගනු ලැබු‍වේ මෙම දරුවන් විටමින්-ඩී වලට සං‍වේදීතාවක් නොදක්වන බවයි. සාමාන්‍යයෙන් අපේ සෛල තුළ විටමින්-ඩී වලට සංවේදී වන ප්‍රතිග්‍රාහකයන්ග සෛයිල න්‍යෂ්ඨිය තුළ පවතී. මෙම දරුවන්ගේ මෙම විටමින්-ඩී ප්‍රතිග්‍රාහකය නිපදවෙන්නේ නැත. විටමින්-ඩී වලට සිරුර තුළ සිය කාර්ය භාරය නිසි ආකාරව සිදුකිරීමට නම් එම ප්‍රතිග්‍රාහකයට බැඳීම අත්‍යවශ්‍ය‍වේ. එම නිසා විටමින්-ඩී අවශ්‍ය පමණට සිරු‍ෙර් තිබුණ ද විටමින්-ඩී ක්‍රියාකාරී නො‍වේ. ‍ෙම් දරුවන් ඉතා කුඩා කාලවේ්දීම සිය රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. බොහෝ දරුවන් වයස මාස 06 කට කලින්ම මෙසේ රෝගී වෙයි. මෙම රිකටිසියා තත්ත්වයට ද හේතුව ජානවල පවතින විකෘතිතාවයක්ය. එම නිසා එම රෝගී තත්ත්වය ද පරම්පරාවෙන් පරම්පරාවට සම්‍‍ෙප්්‍රරේෂණය වෙයි. ෙම් අනුව පෙනීයන්නේ රිකට්සියාව යනුවෙන් හැඳින්වෙන රෝග ත්ත්ත්වයට හේතුපාදක චත බොහෝ තවත් ලෙඩ රෝග ඇති බවයි. වෛද්‍යවරයාගේ වගකීම නම් රෝගී දරුවාට රිකට්සියා තත්ත්වය ඇති බවට හඳුනාගැනීමත් එම රෝගයට හේතුව සොයා එම හේතුවට උචිත ප්‍රතිකාර ලබාදීමත් ය



රිකටිසියා රෝගයේ රෝග ලක්ෂණ - 1

[සංස්කරණය]

රිකටිසියා රෝගයට ගොදුරුවූ දරුවන් මූලික වශයෙන්ම අස්ථිවල විකෘතිතා පෙන්නුම් කරයි. එයට හේතුව අස්ථි වර්ධනය සඳහා අවශ්‍ය වන කැල්සියම්වල ඌණතාවයයි. සාමාන්‍ය දරුවෙකුගේ අස්ථිවල කාඨිලේජ සෛල පළමුවෙන්ම සමාන්තර තිරුවල ඇතිවෙයි. මෙම සෛල වර්ධනයවී විභාජනයවී යයි. පසුව මෙම සෛලවල කැල්සියම් තැන්පත්වෙයි. රිකටිසියා රෝගයේදී මෙලෙස මෙම සෛලවල විභාජනය හා කැල්සියම් තැන්පත්වීම යන සියලුම ක්‍රියාවලියන් නිසි ආකාරව සිදු නොවෙයි. එම නිසා අස්ථිවල කැල්සියම් තැන්පත්වීිම අක්‍රමවත්ව හා අසමිපූර්ණව සිදුවෙයි. අස්ථිවිල ශක්තිමත් භාවය අඩුවෙයි. ජානවල විකෘතිතා නිසා රිකටිසියාව තත්ත්වයට ගොදුරුවන දරුවන් හැරුණුකොට අනෙක් දරුවන් රිකට්සියා රෝග ලක්ෂණ සිය ජීවිතයේ පළමු වසර අවසානයේදී හෝ දෙවෙනි වසර තුළදීම පෙන්නුම් කරයි. නමුත් ජානවල විකෘතිතා නිසා හටගන්නා රිකිෙසියා තත්ත්වය නම් ඊටත් කුඩා අවදියේ දී එනම් මුල් මාස හය තුළදීම රෝග ලක්ෂණ පෙන්වයි. වකුගඩුවල අක්‍රියතා නිසා රිකටිසියා තත්ත්වයට ගොදුරුවන දරුවන් එම රෝග ලක්ෂණ පෙන්නුම් කරනුයේ තරමක් වැඩිවියට පත්වූ පසුය. රිකටිසියා රෝග තත්ත්වයේ මූලික අවධියේදීම දක්නට ලැබෙන රෝග ලක්ෂණ වනුයේ කපාලයේ (හිස්කබලේ) අස්ථිවල ඇතිවන වෙනස්කමිය. ‍ෙම්වා ඉතා සියුමැලි භාවයක් උසුලයි. එම නිසා කපාලයේ අස්ථි තදින් ඇල්ලුවහොත් අපට දැනෙන්නේ පිංපොං බෝලයක් එබුවාක් මෙනි. කුඩා දරුවන්ගේ තෙල්වලදී ලෙස අප හඳුන්වන ස්ථානයල රිකටිසියා දරුවන්ගේ ඉතා විශාල වෙයි. මෙම තෙල්වල ලෙස හඳුන්වන ස්ථානයේ අස්ථි නොමැතග ඇත්තේ පටලයකි. සාමාන්‍ය දරුවකුගේ මෙම තෙල්වවල අස්ථියෙන් වැසෙන්නේ, මාස දහඅටෙිදීය. නමුත් රිකටිසියා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ තෙල්වල අස්ථිවලින් වැසීමට මාස දහඅටකට වඩා ඉතාම දිගු කාලයක් ගතවෙයි.



රිකටිසියා රෝගයේ රෝග ලක්ෂණ - 11

[සංස්කරණය]

තවද ඔලුව විශාල ස්වරූපයක් පෙන්නුමි කරයි. මෙය මාස හයක් යනවිටම පෙන්නුමි කෙරෙයි. ෙම් දරුවන්ගේ පර්ශු හා කාඨිලේජ අතර ඇති සන්ධිය විශාලවී ගැටිති ආකාරයක් පෙන්වයි. මෙ නිසා එම දරුවන්ගේ පපුවෙහි මැද, දෙපැත්තෙන් ඉහළ සිට පහළට යන ලෙස ගැටිති පෙන්නුම් කරයි. තවද මෙම දරුවන්ගේ පපුව ඉදිරියට පිමිබී ඇති ස්වරූපයක් පෙන්වයි. එසේම ඉළඇට කූඩුවට යටින් පපුව ඇතුලට එබී ඇති බවක් පෙනේ. දරුවාගේ දිග අස්ථි ද රිකටිසියා රෝග තත්ත්වයේ බලපෑමට යටත්වෙයි. මෙහිදී මෙම අස්ථිවල වර්ධනයට ලක්වන කොටස වඩාත් පළල් වෙයි. මෙය ඉතා හොඳින්ම පෙන්නුම් කෙරෙනුයේ මැණික් කටුව ආශ්‍රිතවය. මෙය දරුවාට වයස මාස 06 - 09 අතර කාලය වන විටම පෙන්නුම් කෙරෙයි. කකුලේ අස්ථිවල ස්වභාවයේ වෙනස්කම් ඇතිවනුයේ දරුවා ඇවිදීමට හා හිට ගැනීමට පටන්ගත් විටදීය. දරුවන් සාමාන්‍යයෙන් හිට ගැනීමට පටන් ගන්නේ අවුරුද්දක් පවණ වයස ගතවීය. එනිසා දරුවාගේ කකුල්වල විකෘතිතාවයන් පෙන්නුම් කරනුයේ දරුවාට අුවුරුද්දක් පමණ ගතවී‍ෙම්දීය. මෙහිදී දරුවාගේ කකුල් දුන්නක් ආකාරයට නැමෙයි. මීට අමතරව ඇතැම් දරුවන්ගේ කකුල් දණහිස ලගින් ඉතාමත්ම ලංවී වළලුකර ලගින් ඈත්වෙයි. දරුවා ඇවිදීමේදී දණහිස් ලංවී ගැටෙන ස්වභාවයක් පෙන්නුම් කරයි. තවද රිකටිසියා රෝග තත්ත්වය නිසා උදරය ඉදිරියට නෙරා ඒමක් සිදු‍වේ. තවද කොන්ද දුන්නක් මෙන් වක් භාවයට පත්‍ෙව්. මීට අමතරව දරුවාගේ කොන්ද ඉදිරියට නැමීම පැත්තෙන් නැමීම වැනි විකෘතිතා ද පෙන්නුම් කෙරෙයි.



රිකටිසියා රෝගයේ රෝග ලක්ෂණ - 111

[සංස්කරණය]

කැල්සියම් නම් ඛණිජ ලවණය අවශ්‍යවනුයේ අස්ථි පද්ධතියේ පැවැත්මට පමණක්ම නොවේ. දත්වල එනැමලය පවත්වා ගැනීමට ද මෙය ඉතා වැදගත්වෙයි. එම නිසා කැලසියම් අඩු තත්ත්වයක් වන රිකටිසියා තත්ත්වයේදී ප්‍රාථමික දත් ඒම ඉතාමත් ප්‍රමාද වේ. ඉතාමත් ළදරු අවධියේදී ඇතිවන විටමින්-ඩී ඌණතාවය නිසා දරුවාගේ ඇස් දෙකෙහිම සුද මතුවිය හැක. මෙය දරුවාගේ පළමු මාසය තුළදීම වුවද දක්නට හැකිවන තත්ත්වයකි. මීට අමතරව රිකටිසියාවට හේතුකාරක වන තවත් රෝග රාශියක රෝග ලක්ෂණ මෙම දරුවන් වෙතින් පෙන්නුම් කරනු ඇත. මේ අතර මෙම දරුවන් මන්ද බුද්ධිකතාවයක් පෙන්නුමි කරන අවස්ථා ඇත. එසේම ඇතැම් දරුවන්ගේ සම ඉතාමත් දුර්වර්ණ වන අතර ඇසේ කණිණිකාවෙහි ද යම් යම් වෙනස්කම් පෙන්නුම් කරයි. පොස්ෆේට් අඩු බව නිසා ඇතිවන රිකටිසියාව නිසා ඉළ ඇට ඉතාකොට වේ. සමෙහි ලප මතුවෙයි. මෙම දරුවන් වයසට අනුව බර වැඩිවීමක් ද නොපෙන්වයි.



රිකට්සියා තත්ත්වය හඳුනාගැනිමට භාවිතා කරන පරීක්ෂණ

[සංස්කරණය]

රිකටිසියා තත්ත්වය හඳුනාගැනීමට හාවිතා කරන පරීක්ෂණ අතර එක්ස් කිරණ පරීක්ෂණ හා රුධිර පරීක්ෂණ ප්‍රධාන තැනක් ගනී. රුධිර පරීක්ෂණ අතර රුධිරගත කැල්සියම් මට්ටම මැනීම ඉතා වැදගත් තැනක් ගනී. මෙහිදී ඇතැම් තත්ත්වවලදී කැල්සියම් ප්‍රමාණය ඉතා අඩුය. සමහර තත්ත්වවලදී කැල්සියම් ප්‍රමාණය සාමාන්‍ය වෙයි. මෙලෙස කැල්සියම් ප්‍රමාණය අඩුවන අවස්ථාවලදී, විටමින් - ඩී ඌණතාවයක් පවතී. ‍ෙම් අතර ආහාරවල විටමින්-ඩී හිනතාවය, දරුවාට අවශ්‍ය තරමි හිරු එළිය නොලැබීම, විටමින් - ඩී ආහාර මගින් උරා ගැනීමට අපොහොසත්වීම, අක්මාව අකර්මන්‍යවීම මෙන්ම වකුගඩු දුර්වලතාව ප්‍රධාන තැනක් ගනී. මෙම කැල්සියම් අඩු තත්ත්වයේ දී රුධිරගත පොස්ෆරස් ප්‍රමාණය අඩුවෙයි. නමුත් ඇල්කලයින් පොසෆටෙිස් එන්සයිමය වැඩිවෙයි. එමෙන්ම පැරාතයිරොයිඩි හෝමෝනයේ ප්‍රමාණය ද වැඩිවෙයි. තවත් දරුවෙකු මෙයට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල පෙන්නුම්කළහැක. සිරු‍ෙර් පොස්ෆේට් ඌණතාවයක් ඇති දරුවන්ගේ (ප්‍රාථමික හයිපොපොස්ෆටීමියාවල ෆැන්කෝනි සහලක්ෂණය, රීනල් ටිබියුලර් ඇසිඩෝසිස්, පොස්ෆේට් වකුගඩුවලින් උරාගැනීම අඩුවීම වැනි රෝග තත්ත්ව මේ සඳහා හේතුවේ). රුධිරගත කැල්සියම් ප්‍රමාණය සාමාන්‍ය වේ. නමුත් මෙම දරුවන්ගේ රුධිරගත පොස්ෆේට් ප්‍රමාණය ඉතාමත්ම අඩුය. රුධිරගත ඇල්කලයින් පොස්ෆටේස් ප්‍රමාණය ඉහළ යයි. මේ අතර විටමින්-ඩී වලට සංවේදීතාවක් නොදක්වන රිකටිසියා තත්ත්වයේදී රුධිරගත කැල්සියම් ප්‍රමාණය ඉතා අඩුවෙයි. නමුත් රුධිරගත පොස්ෆරස් ප්‍රමාණය සාමාන්‍ය්‍යය. ඇල්කලයින් පොස්ෆටෙිස් එන්සයිමය වැඩිවේ


coppied From http://wedananasala.org/sinhala/index.php?option=com_content&view=section&layout=blog&id=8&Itemid=58&limitstart=10 සංරක්ෂණය කළ පිටපත 2014-07-25 at the Wayback Machine

By shalikaashan

https://en.wikipedia.org/wiki/Rickets[[1]]

"https://si.wikipedia.org/w/index.php?title=රිකට්සියාව&oldid=593127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි