Jump to content

රා නිෂ්පාදනය

විකිපීඩියා වෙතින්

රා නිෂ්පාදනය යනු ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙස හැඳින්විය හැකියි.

රා සදහා පොල්, තල්, කිතුල් වැනි තාල වර්ගයේ ශාකයක ළපටි පුෂ්ප මංජරිය කෙළවරක සිට කපමින් ඉන් වෑස්සෙන ප්ලෝයමීය යුෂය භාවිතා කෙරෙන අතර මෙම ළපටි පුෂ්ප මංජරියෙන් වෑස්සෙන ප්ලෝයමීය යුෂයේ සුකෝස් අඩංගු වන අතර පැසීම මගින් සුකෝස් වලින් එතනෝල් නිෂ්පාදනය කෙරේ.

මෙම ප්ල‍ෝයමීයඉ යුෂය අපි සාමාන්‍ය ජීවිතයේ දී මීරා ලෙස හඳුන්වමු.

මීරා තරමක් රත් කර ජලය ඉවත් කර ගැනීමෙන් පැණි සාදාගැනෙන අතර තව ද දුරටත් රත් කර ස්ඵටිකීකරණය කිරීමෙන් හකුරු නිපදවාගැනේ.

මෙම හකුරු සැදීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නම් පැසීමේ ක්‍රියාවලිය නිශේධනය කිරීමට අවශය වේ.

ද්‍රාවණයට හල්පොතු දැමීම මගින් ද ජීනෝලික සංයෝග ද්‍රාවණයට එකතු කිරීම මගින් හෝ හුණු එකතු කිරීම මගින් ද්‍රාවණය භාෂ්මීකරණය කිරීම සිදු කළ හැකි අතර එ මගින් පැසීමේ ක්‍රියාවලිය නිශේධනය කළ හැකි වේ.

මෙහි දී ක්‍රියාවලිය වේගවත් කිරීමට එකම බඳුන නැවත නැවත යොදාගන්නා එ මගින් භාජනයේ ඇති ස්වභාවික බීජානු මගින් ක්‍රියාවලිය වේගවත් කිරීම සිදු කෙරේ.

වල් දර්ශීය ඊස්ට් නිසා ප්‍රදේශයෙන් ප්‍රදේශයට රාවල රසය,වර්ණය හා මධ්‍යසාර ප්‍රමාණය වෙනස් වීම සිදුවේ.

වඩාත් හොඳ වර්ගයේ රා ලබාගැනීමට වල් දර්හීය වෙනුවට තෝරා ගත් ෆීස්ට් ප්‍රබේද භාවිතා කිරීම සිදු කළ හැකියි.


ක්ෂ්‍රද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ තවත් ලිපි :


"https://si.wikipedia.org/w/index.php?title=රා_නිෂ්පාදනය&oldid=789383" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි