Jump to content

රාහුල අනුර අත්තලගේ

විකිපීඩියා වෙතින්
මහාචාර්ය රාහුල අනුර අතලගේ
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියමහාචාර්ය
සේවායෝජකයාමොරටුව විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව
සංගණ්‍ය වන්නේනියෝජ්‍ය උප කුලපති / මහාචාර්ය යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා
දරුවන්දිනු අතලගේ චරිත රක්ෂිත අතලගේ
සටහන්
මණ්ඩල සාමාජීක, ශ්‍රී ලංකාවේ පොදු පහසුකම් මණ්ඩලය

මහාචාර්ය රාහුල අනුර අත්තලගේ (ඉංග්‍රීසි: Rahula Anura Attalage) යනු මොරටුව විශ්ව විද්‍යාලයයේ නියෝජ්‍ය උප කුලපති හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය වරයායි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ඔහුගේ අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව, හේ මොරටුව විශ්වවිද්‍යාලය වෙතින් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබමින් සමත් විය.

ශක්ති තාක්ෂණවිද්‍යාව පිළිබඳ ඔහුගේ පශ්චාත් උපාධිය හේ ලබා ගත්තේ, තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනය වෙතිනි.

ඔහු, ප්‍රංශයේ ඉකෝල් දිස් මින් ඩි පැරී වෙතින් ඉංජිනේරු විද්‍යා උපාධියක් සහ ශක්ති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අචාර්ය උපාධියක්ද දරයි.

මොරටුව විශ්වවිද්‍යාලයෙහි විශිෂ්ට පර්යේෂණ කටයුතු පිළිබඳ ත්‍යාගය පිටපිට පස් වතාවක් දිනා ගැනුමට මහාචාර්ය අත්තලගේ සමත් විය.

මොරටුව විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු විද්‍යා පීඨයේ, පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ තනතුරද හේ හොබවයි.

සාමාන්‍ය ආශ්‍රිත

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=රාහුල_අනුර_අත්තලගේ&oldid=457066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි