සාකච්ඡාව:රාහුල අනුර අත්තලගේ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මහාචාර්යය අත්තලගේ මොරටුව විශ්වවිද්‍යාලයෙහි උප කුලපති යැයි පැවසීම මුලාවක් හා සාවද්‍ය ලෙසින් ඔහු පුම්බා තැබීමකි. වරද නිවරද කලෙමි. ---ශ්වෙත (talk) 04:33, 11 සැප්තැම්බර් 2012 (යූටීසී)[reply]

මම දන්නා විදියට විශ්වවිද්‍යාලයක මහාචාර්ය ධූරය පිරිනැමෙන්නේ ලකුණු ක්‍රමයකටය. කිසියම් අධ්‍යයනාංශයක් (දෙපාර්තමේන්තුවක්) තුල ඕනෑම අයෙක් පළමුව සහායක (ඇසෝෂියේට්) මහාචාර්ය ලෙසින්ද, පසුව මහාචාර්ය ලෙසින්ද, තෙවනුව ජ්‍යෙෂ්ඨ (සීනියර්) මහාචාර්ය ලෙසින්ද පත් විය හැකිය. එබැවින් අත්තලගේ මහතා හැරුණු විට අනෙකුත් අයද යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යයනාංශය තුල මහාචාර්යවරුන් විය හැකිය. අත්තලගේ මහතා පමණක් මහාචාර්ය ලෙසින් පැවසීම මහාචාර්ය පී.ඒ. ද සිල්වා සහ මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතුන්ට නිගරු කිරීමකි. --- Shwetha (talk) 03:05, 27 අගෝස්තු 2016 (යූටීසී)[reply]
මොරටුව විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු විද්‍යා පීඨයේ, පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ තනතුර අත්තලගේ මහතා විසින් හොබවා ඇත්තේ 2008 නොවැම්බර් මාසයෙහි සිට 2012 පෙබරවාරි මාසය දක්වාය. ඔහු තවමත් එම තනතුර දරන බව පැවසීම වත්මන් තනතුරුධාරියාට නිගරු කිරීමකි. --- Shwetha (talk) 03:43, 27 අගෝස්තු 2016 (යූටීසී)[reply]