රායි ආර්යාව
Appearance
රායි ආර්යාව (ක්‍රි.පූ. 1570/1560 පමණ – 1530) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 18වන රාජවංශයේ විසූ පුරාතන ඊජිප්තු කාන්තායකි. ඇය අහ්මෝස්-නෙෆටාරි (ක්‍රි.පූ. 1562-1495) රැජිනගේ හෙදිය ලෙස සේවය කොට තිබේ. ඇගේ මමීකෘත දේහය සොයාගන්නා ලද්දේ 1881දී තීබානු සොහොන්ගැබකිනි. මියයන විට ඇය තිස්වන වයස් සීමාවේ පසුවන්නට ඇතැයි විශ්වාස කෙරේත[1]
2009දී වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළ CAT පරිලෝකනයකින් පෙනීගියේ රායි ආර්යාව මහා ධමනි වක්‍රයේ රෝගී තත්ත්වයකින් පෙළී ඇති බවයි. ඒ අනුව, ඇතරොස්ක්ලෙරෝසිස් රෝගය පිළිබඳ සාධක සහිත පැරණිතම හඳුනාගත් මමිය ලෙස මෙය සැලකේ.[2]
අහ්මෝස්-නෙෆටාරිගේ නැන්දණිය වූ 17වන රාජවංශයේ විසූ කුමරියක මෙන්ම රැජිනක ද වන අහ්මෝස් ඉන්හාපිගේ මමිය හමුවූයේ රායි ආර්යාවගේ බාහිර මිනීපෙට්ටිය තුළ තිබී ය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "XVIII'ත් ඩයිනාස්ටි ගැලරි I". ද තීබන් රෝයල් මමී ප්‍රොජෙක්ට්. anubis4_2000.tripod.com. සම්ප්‍රවේශය 30 අප්‍රේල් 2013.
- ^ ඇලම්, ඇඩෙල් එච්. (නොවැම්බර් 18, 2009). "කම්පියුටඩ් ටොමෝග්‍රැෆික් ඇසස්මන්ට් ඔෆ් ඇතරොස්ක්ලෙරෝසිස් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ටියන් මමීස්". JAMA: ඇමරිකානු වෛද්‍ය සංවිධානයේ ජර්නලය. 302 (19): 2091–2094.
{{cite journal}}
: Invalid|display-authors=ඇතුළු පිරිස
(help)