Jump to content

රාජගිරියේ අරියඤාණ හිමි

විකිපීඩියා වෙතින්
රාජගිරියේ අරියඤාණ හිමි
ආගමබෞද්ධ

ශ්‍රී ලාංකික භික්‍ෂුවකි. මහරහතුන් වැඩි මග ඔස්සේ කෘතිය සම්පාදනය කරන ලද්දෙ උන්වහන්සේ විසිනි. ආරණ්‍යගත භික්ශුන් වහන්සේ නමකි.

ගංගොඩවිල සෝම හිමි පෑන්ලා ලෙප්ට් ඇන්ඩ් ටිපර් පාකින් කමින් සූන්

මේ වීඩියෝ එකේ ගංගොඩවිල සෝම හිමියන් සරස්වතී කියන්නෙ බ්‍රහ්මගේ භාර්‍යාව.බ්‍රහ්ම බෞද්ධ ද කියලා විමසයි

මේ ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදිය.හින්දූන්ගේ බ්‍රහ්ම නිර්මාණවාදය බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කළ නමුත් හින්දූන්ගේ බ්‍රහ්ම නිර්මාණවාදය ඇති වන්නේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයකුගේ දෘෂ්ටිය හේතුවෙනි.එපමණක් නොව ලෝකේ කාන්තාවන් බුදුන්වහන්සේගේ ධර්මයට අනුව නෑ වගේම බුදුන්වහන්සේගේ කාලේ බ්‍රහ්මයාගේ බිරිඳ සරස්වතී බව පිලිගැනීම නොතිබු බවට දීඝනිකායේ තේවිජ්ජ සූත්‍රය සාක්ෂි දරයි. සෝමහිමියන් බෞද්ධ සිද්ධාන්ත වලටත් නොගැලපෙන තර්කයක් තමයි දමයි

සරස්වතිය හින්දුය කියලා ඇයට ගරු කිරීම හින්දු ආගම ඇදහීමක් කියයි.බ්‍රහ්මජාල

යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.

41

“ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් හා කලකිරීමක් ඇතිවෙයි. ‘වෙනත් සත්වයෝ ද මේ භවයට එත්නම් ඉතා හොඳය’යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවිය. ඉන් පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් වෙනත් සත්වයෝ ද ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත් ඔව්හුද එහි සිත හට ගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතුව ශුභ විමානයෙහි සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.

42

“මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. එකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලොක කර්තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම්වෙමි ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද, ලෝකයාගේ පියා වෙමි. මේ සත්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ’යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය, එබැවින් ඒ මගේ හිතේ ප්‍රර්ථනාවෙන් මේ සත්වයෝ මේ භවයට පැමිණියෝය’යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි- ‘මේ පින්වත් අය බ්‍රහ්මය, මහාබ්‍රහ්මය, සෙස්සන් මැඩපවත්වන්නෙකි, අනුන් විසින් මැඩනොපවත්වන්නෙකි, ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලොක කර්තෘය, ලෝකය මැවුම්කාරයෙක, උත්තමයෙකි, ලොව බෙදන්නෙකි, වසඟකර ගන්නෙකි, උපන් ලෝකයාගේ පියෙකි, මේ පින්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු’ යනුයි.

43

තෙවිජ්ජ සූත්‍රයෙ එකල බමුණන් ඇදහූ බ්‍රහ්මයා ස්ත්‍රීන් සමග වාසය නොකරන බව පැහැදිලිව කියනවා වගේම බුද්ධ කාලීන බ්‍රාහ්මණ ආගමට අනුව  බ්‍රහ්මයාගෙ බිරිද සරස්වතිය බව පිලිගත්තෙත් නැහැ

550

වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද? වැඩි සිටියාවූ මහලුවූ ආචාර්‍ය්‍ය ප්‍රචාර්‍ය්‍යවූ බමුණන් විසින් බ්‍රහ්මතෙම ස්ත්‍රීන් සමග වාසය ඇත්තේ හෝ ස්ත්‍රීන් සමග වාසය නැත්තේදැයි කියන ලද කථාවක් අසා ඇත්තේද?”

“භවද් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීන් සමග වාසය නැත්තේයි.

551 වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, කාම ආසා ඇති හෙයින් ස්ත්‍රීන් සමග වාසය කරන්නාවූ ඒ තුන්වේදය දත් බමුණෝ මරණින් මතු කාම ආසා නැති හෙයින්, ස්ත්‍රීන් සමග වාසයක් නැත්තාවූ බ්‍රහ්මයා සමග එක්වීමට පැමිණෙන්නාහුය යන මේ කාරණය ඇත්ත නොවේ.

මහා බ්‍රහ්මයා කියන දෘෂ්ටිය තුල ඉන්න කෙනා බෞද්ධ උපාසකයෙක් ඒ බව සනාථ වෙනවා බක බ්‍රහ්ම ජාතකය සහ බ්‍රහ්ම නිම්මත්තනික සූත්‍රය අධ්‍යනය කරාම

භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨා නගරය අසල සුභග වනයෙහි සල් රුක මුලැ වසන සේක. එ සමයෙහි බක නම් බ්‍රහ්මයා හට “මේ බඹලෝ නිත්‍යය, ධ්‍රැවය, ශාශ්වතය, කෛවල්‍යය, නොනැසෙන සුලුය. මෙය නො සෑදේ, නො දිරයි. නො මැරේ, නූපදී, මෙයින් අන්‍ය නිඃශරණයෙක් (මෙයින් මිදී යන තැනෙක්) නැතැ යි මිථ්‍යාදෘෂ්ටියෙක් උපන. භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහු ගේ අදහස දැන, උන් තැනින් අතුරුදහන් ව ක්ෂණයෙකින් බඹ ලොවැ පහළ වූ සේක. බඹා භග්‍යවතුන් වහන්සේ දැක,

නිදුකාණනි, වඩිනු මැනැව. ඔබගේ මෙහි ඊම ස්වාගත ය. ඔබ මෙහි වැඩියේ කලෙකිනි. නිදුකාණෙනි, බඹ ලොව වනාහි නිත්‍ය ය, ධ්‍රැව ය. ශාශ්වත ය, කෛවල්‍යය, නො නැසෙන සුලුය, මෙය නො සෑදේ. නො දිරයි, නො මියෙයි, නො සැවේ, නූපදී, මින් ච්‍යුත ව යෑමෙක් නැතැ” යි කී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු ගේ ප්‍රකාශය වරද බව, ඔහු අවිද්‍යායෙන් අන්ධ ව මෙසේ සිතන බව වදාළ සේක. එ කල මාර තෙම එක්තරා බඹක් හු සිරුරැ ආවිෂ්ට ව “මොහුට ගර්හා නො කරව. මහණ, මේ බ්‍රහ්මයා ය, මහා බ්‍රහ්මය, සියල්ල මැඩැ ගෙන ඉන්නේ ය. කිසිවක් හු විසිනුත් අනභිභූත ය, සියල්ල ඒකාන්තයෙන් දන්නේ ය. වශවර්ත්තී ය. ඊශ්වර ය, කාරක ය, නිර්මාපක ය, ශ්‍රෂ්ටා (සියල්ල සාදන්නා) ජේතෘ ය, සියලු උපනුන් උපදනාවුන්ගේ පීතෘ ය. මහණ, තට පූර්වයෙහිත් පෘථිව්‍යාදියට ගැරැහුවෝ, පිළිකුල් කළ මහණ බමුණෝ වූහ. එහෙත් පෘථිවි, අප්, තේජස්, වායු, භූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම යන මොවුනට ගරහා මරණින් පසු අපාය භාග් වූහු. එහෙත් ඒ පෘථිව්‍යාදීන් නො ගැරැහූ මහණ බමුණෝ මරණින් පසු බඹ ලොව්හි උපන්හ. එ බැවින් මම් තට කාරණයක් කියමි. එය කරව, පින්වත, මේ බඹහු කියන්නක් කරව. මොහු ගේ වචන නහමක් ඉක්මව. ඉදින් තෝ එය ඉක්මවන්නෙහි නම්, වෙත එන ශ්‍රීය දැක මොහොලක් ගෙන පලවා හරින්නා වැන්න. මහණ ප්‍රපාතයක වැටෙන්නේ, අතින් ගන්නට හෝ පය රඳවන්නට කිසිත් නොලදොත්, එහි වැටෙන්නේ මය. එසේ ම තා බඹහු කියන්නක් ඉක්මුවහොත් තට වනසෙක් වන්නේ ය. එබැවින් මෙම බඹහු කියන්නක් කරව. මොහු බස නො ඉක්මව. මේ බඹහු පුදා යශසින් හා ශ්‍රීයෙන් බැබළෙව” යි කී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ ඔහු දැන, “පාපීය, තා අඳුනමි, මා තා නො දනිතැ යි නො සිතව. මේ බඹාත් සෙසු බඹ පිරිසත් තා අත් අඩංගුයෙහි ය. තා වශයෙහි ය. ඒ තෝ මා තගේ අතට හසු වූයෙකැ යි නො සිතව. මම් වූ කලී, පාපීය, තා අතට නො හසු වූයෙකිමි. තා වශයට නො ගියෙකිමි” වදාළ සේක.

මෙ සේ වදාළ කළ බක බ්‍රහ්ම තෙම,

“නිදුකාණෙනි, මම් වනාහි නිත්‍යයක් ම නිත්‍ය යැ යි, ධ්‍රැවයක් ම, ධ්‍රැවයැ යි, ශාශ්වතයක් ම ශාශ්වත යැ යි, කෛවල්‍යයක් ම කෛවල්‍ය යැ යි, නො මැරෙන සුල්ලක් ම නො මැරෙන සුලු යැයි, දැනුම් දිරුම් මැරුම් සැවුම් නැත්තක් ම ඒ නැතැ යි, මින් අන්‍ය වූ මත්තෙහි නො මැති නිඃශරණයක් නො මැතැ” යි කියමි. යුෂ්මත් ද මින් අන්‍ය නිඃශරණයක් නො ම දක්නෙහි ය. එය සොයන්නට යෑමෙන් තොර වැ යුෂ්මත් පෘථිවි අප් තේජස් වායු භූත දේව ප්‍රජාපතී බ්‍රහ්ම යන මොවුන් දැඩි කොට ගෙන සිතින් එහි ලග්නෙහි නම්, මට ළංව අරක් ගෙන සිටින්නෙහි ය. මම් ද යුෂ්මත්හු කැමැතියක් කරන්නෙමි. සෙස්සන් හැර යුෂ්මත්හු ඇතුළත් කර ගන්නෙමි” යි කී ය.

එ විටැ භාග්‍යවතුන් වහන්සේ “මොහු ගේ මානය බිඳිමි” යි සිතා, “බ්‍රහ්මය, පෘථිවි අප් තේජස් වායු භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම යන මොවුන් දැඩි කොට සිතින් ගෙන මොවුන් කෙරෙහි සිත ලග්වම් නම් මා තට ළංව ඉන්නකු බව, තට අරක් ගත්තකු වන බව, තා සිය කැමැත්තක් මට කැර ලන බව, සෙස්සන් පිටත් කොට මා ඇතුළත් කැරැ ගන්නා බව දනිමි. එහෙත්, බ්‍රහ්මය. බක බ්‍රහ්ම මේ තරම් තෙදැත්තෙකැයි නො සිතමි. මම තාගේ ගතිය ද ච්‍යුතිය ද දනිමි” යි වදාළ සේක.

“නිදුකාණෙනි, යුෂ්මත් කෙසේ මගේ ගතිය ච්‍යුතිය දන්නෙහි දැ?”යි බක බ්‍රහ්ම ඇසී.

එ බස් අසා භාග්‍යවතුන් වහන්සේ “රිවි සඳු දෙදෙනා දිශාවන් බබුළුවමින් ඇවිදිනා තාක් වැනි දහසක් ලෝක ධාතුව තාගේ වශයෙහි පවතී. තෝ මෙතෙක් තන්හි හීන ප්‍රණීත සත්ත්වයන් දනිහි. සරාග විරාග ද සතුන් දනිහි. උපදනවුන් මැරෙනවුන් දනිහි. අත් බවට ඊමත් ඉන් යෑමත් දනිහි. තා දන්නේ මෙතෙක් ය බ්‍රහ්මය, මෙසේ තගේ ගති ච්‍යුති සෘද්ධ්‍යානුභාව ප්‍රමාණයෙන් මම දනිමි. බ්‍රහ්මය, තා නොදන්නා නොදක්නා කාය තුනෙක් ඇත. එය මම් දනිමි. බ්‍රහ්මය, තා සිට ආ තැන වූ, බොහෝ කල් ගත වූ බැවින් තට සිහි නැති ආභස්සර නම් බ්‍රහ්මකායයෙක් ඇති. මම් වනාහි එය දනිම්, දකිම්, මෙ සේ ඒ දැනීමෙන් තෝ මට නො සමය. එසේ කලැ එයින් මගේ තට මිටි බවෙක් කොයින් වන්නේ ද? බ්‍රහ්මය. සුභකිණ්හ නම් බ්‍රහ්ම කායයෙක් ඇත. ඒ ද තෝ නො දනිහි. නො දකිහි. මම් වූ කලි එය දනිමි, දකිමි. වේහප්ඵල නම් බ්‍රහ්ම කායයෙක් ඇත. එය තෝ නො දනිහි, නො දකිහි. එය මම් දනිමි. දකිමි. මෙසේ බ්‍රහ්මය, තෝ මට නොසම ය. මගේ තට මිටි බවෙක් කොයින් ලැබේ ද? මේ හැම දෙයින් මම් තට වැඩි ම යැ” යි වදාළ සේක. වදාරා, පෘථිවි අප් ආදීන්ගේ තත්ත්වය තමන් වහන්සේ අවබෝධ කැර ඇති බවත්, බඹහු එය නොදත් බවත්, ඒ බඹහු තමන් වහන්සේට එයිනුත් පහත් බවත් වදාළ සේක.

බඹා කිසිත් කැරැ ගත නො හී “එසේ නම් මම තට අතුරුදන් වෙමි” යි කීය.

“හැකි නම් අතුරුදන් වව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

බඹ තෙම “අතුරුදන් වෙමි” යි තැත් කළේ ද, නො හැකි විය. කෙසේ සැඟවුණත් භාග්‍යවතුන් වහන්සේ ඔහු දක්නා සේක.

භාග්‍යවතුන් වහන්සේ වනාහි තමන් වහන්සේ අතුරුදන් වන බව වදාරා සිය කථාව ඔවුනට ඇසෙන්නටත් රූපය නො පෙනෙන්ටත් සැලැස්වූ සේක.

බක බ්‍රහ්මයා ආදී සියලු බඹ පිරිස භාග්‍යවතුන් වහන්සේ ගේ මහර්ධිකතාව ගැන පුදුමයට හා විස්මයට පැමිණියහ.

ඉක්බිති මාර තෙම එක් බඹකුට ආවිෂ්ට ව “ඉදින් නිදුකාණෙනි, තෙපි මෙසේ දන්නහු නම්, තෙපි සම්‍යක්සම්බුද්ධ නම්, ශ්‍රාවකයන් ඇති නො කරවු. පැවිද්දන් ඇති නොකරවු. ඔවුනට දම් නො දෙසවු. ඔවුන් කෙරෙහි ඇල්ම නො කරවු. යුෂ්මත්නට පෙරත් “සම්‍යක්සම්බුද්ධය” යැ ප්‍රතිඥා කළ මහණ බමුණෝ වූහු . ඔහු සව්වන් ඇති කොට ඔවුනට දහම් දෙසා ඔවුන් කෙරෙහි ඇල්ම ඇතිකොට මැරී පහත් අත් බව්හි උපන්හ. එහෙත් යුෂ්මත්නට පෙර පහළ වූ සම්‍යක්සම්බුද්ධ යැ යි ප්‍රතිඥා කළ සව්වන් ඇති නො කළ මහණ බමුණෝ වූ කලි උසස් අත්බව්හි පිහිටියහ. එ බැවින් මම්, මහණ, තොපට කියම්, මන්දෝත්සාහ වවු. දෘෂ්ට ධර්ම සුඛවිහාරී ව වසවු. අන් හට බණ නො කීම යහපති. අන්හට ඔවා නො දෙවු”යි කී ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ “පාපිය, තා මම් දනිමි. නො දනිතැයි නො සිතව, තෝ පාපීය, මාරයෙහි ය. තෝ වැඩ කැමැති ව දයායෙන් මෙසේ නො කියහි ය” යන ආදීන් මාරයා ගරහා පලවා හැර. ඒ බඹ පිරිසට චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. දහසක් බඹුහු රහත් වූහ.

තෙරුන්වහන්සේ භික්‍ෂූන් සමග ප්‍රාසාදයට නැගී උපන් කාමරයට ගොස් වැඩසිටියේය. එසේ වැඩසිට ඔබවහන්සේලාගේ වාසස්ථානවලට වඩින්නයැයි භික්‍ෂූන් පිටත්කර හැරියේය. ඔවුන් ඉවත්ව ගිය මොහොතේම තෙරුන්වහන්සේට ඉතා දරුණු ආබාධයක් හටගත්තේය. ලෝහිත පක්ඛන්‍දි නම් වූ ලේ වැගිරෙන මාරාන්තික වේදනාවක් හටගත්තේය. එක් භාජනයක් ඇතුළට ගන්නා විට එකක් පිටතට ගනී. මාගේ පුත්‍රයාගේ තත්ත්වය මට දරාගත නොහැකැයි කියා තමන්ගේ කාමරයට වී සිටියාය. සතරවරම් දෙවිවරු ධර්මසේනාපතීන් වහන්සේ කොහි වසන්නේදැයි බලන්නේ නාලක ගමෙහි උපන්ගෙයි පිරිනිවන් මංචකයෙහි වැඩසිටින බව දැන අවසන් දැක්ම සඳහා යන්නෙමුයි අවුත් වැඳ සිටියාහ. තෙරුන් වහන්සේ නුඹලා කවරහුදැයි ඇසූවිට ස්වාමීනි! මහරජවරුය. කුමක් නිසා ආවාහුද? ගිලානෝපස්ථානයට පැමිණියෙමුයි කීවිට, එසේය. ගිලානෝපස්ථානය සඳහා කෙනෙක් සිටී. තොප යන්නයැයි පිටත් කළේය. ඔවුන් ගියවිට ඒ ක්‍රමයෙන්ම ශක්‍ර දේවේන්ද්‍රයාත්, ඔවුන් ගිය කල්හි සුයාම ආදී මහා බ්‍රහ්මයෝත් පැමිණියාහ. තෙරුන්වහන්සේ ඔවුන්වද එසේම පිටත්කර හැරියේය.

බැමිණිය දෙවියන්ගේ පැමිණීම හා පිටත්ව යාම දැක, මාගේ පුත්‍රයාට වැඳ වැඳ යන්නා වූ මොවුන් කවුරුන්දැයි සිතන්නී තෙරුන් වැඩසිටින කාමරය ළඟට ගොස් දරුව! චුන්ද, දැන් තත්ත්වය කෙසේදැයි ඇසුවාය. හෙතෙම ඒ පුවත දන්වා ස්වාමීනි! මහෝපාසිකාව පැමිණියේ යැයි දැන්වීය. කුමක් නිසා අවේලාවේ පැමිණියේදැයි තෙරුන්වහන්සේ විචාළේය. ඕ තොමෝ මා ඔබගේ මව ඔබව දකින්නට ආවෙමියි කියා දරුව, පැමිණියේ කවුරුන්දැයි පළමුව විචාළාය. උපාසිකාවෙනි, සිව්වරම් රජදරුවෝය. දරුවෝ නුඹ සතරවරම් රජදරුවන්ට වඩා උසස්ය. උපාසිකාවෙනි, මොව්හු ආරාමිකයන් හා සමානය. අපගේ ශාස්තෲන් වහන්සේ පිළිසිඳගත් තැන් පටන් කඩුගත් අත් ඇතිව ආරක්ෂා කළහ. දරුව, ඔවුන් ගියාට පසුව පැමිණියේ කවුද? ශක්‍ර දේවේන්ද්‍රයාය. දරුව, නුඹ දෙවියන්ගේ රජුට වඩා උසස්ය. උපාසිකාවෙනි, මොහු බඩුබාහිරාදිය ගන්නා සාමණේර නමක් බඳුය. අපගේ ශාස්තෲන් වහන්සේ තව්තිසාවෙන් බස්නා කල්හි පාත්‍රා සිවුරු ගෙන බැස්සේය. දරුව, ඔහු පැමිණ ගියාට පසුව දිළියෙමින් පැමිණියේ කවරෙක්ද? උපාසිකාවනි, මොහු ඔබගේ භාග්‍යවතුන් වහන්සේ ද ශාස්තෲන් වහන්සේ ද වන මහා බ්‍රහ්මයාය. දරුව, නුඹ මාගේ භාග්‍යවතුන් වහන්සේ වන මහා බ්‍රහ්මයාට වඩා ඔබ උතුම්ය. එසේ උපාසිකාවනි, මොහු වනාහි කවරෙක් ද? අපගේ ශාස්තෲන් වහන්සේ උපන් දිනයේ මහා බ්‍රහ්මයෝ සතරදෙනෙක් මහා පුරුෂයාණන්ව රන්දැළකින් පිළිගත්හ.

https://tipitaka.lk/atta-dn-2-3/111-1/sinh

ආශ්‍රිත

[සංස්කරණය]