Jump to content

විලියම් කුමරුගේ සහ කැත්රීන් මිඩ්ල්ටවුන්ගේ විවාහය

විකිපීඩියා වෙතින්
(රාජකීය විවාහය 2011 වෙතින් යළි-යොමු කරන ලදි)
විලියම් කුමරුගේ සහ කැත්රීන් මිඩ්ල්ටවුන්ගේ විවාහය
Waving
විවාහයෙන් ස්වල්ප වේලාවකට පසුව ද මෝල් හිදී කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා සහ ආදිපාදවරිය රැස්ව සිටි ජනතාවට ආචාර කරමින්.
දිනය29 අ‍ප්‍රේල් 2011 (29 අ‍ප්‍රේල් 2011)
Venueවෙස්ට්මිනිස්ටර් ඇබේ
පිහිටුමලන්ඩනය, එක්සත් රාජධානිය
සහභාගිවන්නන්විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා
කැත්රීන් මිඩ්ල්ටවුන්

විලියම් කුමරුගේ සහ කැත්රීන් මිඩ්ල්ටවුන්ගේ විවාහය, 2011 අප්‍රේල් 29 දින දී එක්සත් රාජධානියෙහි, ලන්ඩනයෙහි, වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී සිදු විය. මනාලයා වූ විලියම් කුමරු, බ්‍රිතාන්‍ය රාජාසනයට විද්‍යමාන උරුමකරු ලැයිස්තුවෙහි දෙවැන්නා විය. මනාලිය වූ කැත්රීන් මිඩ්ල්ටවුන්, 2003 වසරෙහි සිට ඔහුගේ පෙම්වතිය වූවාය.