රහස් බුද්ධි සේවය

විකිපීඩියා වෙතින්
රහස් බුද්ධි සේවය
එම්අයි6
කාර්යාංශ සමාලෝචනය
සංස්ථාපනය 1909 වසරෙහිදී රහස් තොරතුරු සේවා කාර්යාංශය ලෙසින්
අධිකරණපාත්‍රතාව මහරාජ්ජෝතමියගේ ආණ්ඩුව
මූලස්ථානය එස්අයිඑස් ගොඩනැගිල්ල, ලන්ඩනය, එරා
සේවකයෝ 3,200 (fy 2012–13)[1]
වාර්ෂික අයවැය තනි බුද්ධිසේවා ගිණුම
වග කිව යුතු අමාත්‍යවරයා පිලිප් හැමන්ඩ්, විදේශ ලේකම්
කාර්යාංශ විධායකය ශ්‍රීමත් ජෝන් සෝවර්ස්, එස්අයිඑස් ප්‍රධෘනි[2]
වෙබ් අඩවිය
sis.gov.uk

එම්අයි6 (හමුදාමය බුද්ධිතොරතුරු, කොටස 6) ලෙසින් පොදුවේ හැඳින්වෙන, රහස් බුද්ධිතොරතුරු සේවාව (එස්අයිඑස්) යනු, බ්‍රිතාන්‍ය රජය වෙත විදේශ බුද්ධිතොරතුරු සපයන බ්‍රිතාන්‍ය බුද්ධිතොරතුරු කාර්යාංශය වෙයි. අභ්‍යන්තර ආරක්ෂණ සේවාව (එම්අයි5), රජයේ සන්නිවේදන මූලස්ථානය (ජීසීඑච්කිවු) සහ ආරක්ෂක බුද්ධිතොරතුරු (ඩීඅයි) හා සමගින් එය ක්‍රියාත්මක වන්නේ, ඒකාබද්ධ බුද්ධිතොරතුරු කමිටුවෙහි (ජේඅයිසී) විධිමත් මෙහෙයුම යටතෙහිය.

නිතොරම පාහේ එය හැඳින්වෙන්නේ එම්අයි6 (හමුදාමය බුද්ධිතොරතුරු, කොටස 6) යන නමින් වන අතර, පළමු ලෝක යුද්ධයෙහිදී විවිධ නම් වලින් එය හැඳින්වුනු සමයක පහසුව තකා භාවිතා වූවකි. [2] 1994 වසර වන තුරුම, එම්අයි6 හි පැවැත්ම නිල වශයෙන් පිළිනොගැනුනි. [3]

එම කාර්යාංශයේ වසර-101ක ඉතිහාසයෙහි, නිලදරමින් සිටි ප්‍රධානියෙකු විසින් සිදු කල පළමුවැන්න ලෙස හැඳින්වුන ප්‍රසිද්ධ දේශනයක්, 2010 වසරෙහි අවසාන භාගයේදී එස්අයිඑස් ප්‍රධානියා විසින් සිදු කෙරිණි. රහස්‍යභාවය පිළිබඳ අවශ්‍යතාවය සහ බ්‍රිතාන්‍ය තුල ආරක්ෂාව පවත්වාගෙනයෑම අතර සබැඳියාව, ප්‍රාථමික වශයෙන් ඉස්මතු කිරීමට, ශ්‍රීමත් ජෝන් සෝවර්ස් මෙහිදී උත්සුක විය. කාන්දුවීම් සිදුවන හා තව-තවත් අනාවරණය කරනු ලෙසට පීඩනය පවතින යුගයක, ආරක්ෂණය පවත්වා ගෙන යෑම තුලින් ඇතිකෙරෙන ආතතිය පිළිබඳව හෙතෙම එම දේශනය තුල සිදු කල ප්‍රකාශය තුලින් පිළිගත්තේය. [4]

1995 වසරෙහි සිට, එස්අයිඑස් මූලස්ථානය පිහිටා ඇත්තේ තේම්ස් නදියේ දකුණු ඉවුරේ වොක්සෝල් ක්‍රොස් යන ස්ථානයෙහිය.

ඉතිහාසය සහ සංවර්ධනය[සංස්කරණය]

පදනම[සංස්කරණය]

1909 වසරෙහිදී සංස්ථාපනය කෙරුණු රහස් තොරතුරු සේවා කාර්යාංශය වෙතින් මෙම සේවාව ව්‍යුත්පන්න වී ඇත. [2] නෞකා බලස්ථානය සහ යුද්ධ කාර්යාලය යන්නන්හී ඒකාබද්ධ උත්සාහයක් වූ මෙම කාර්යාංශය පිහිටවුනේ එරා සහ පාරසමුද්‍ර ප්‍රදේශයන්හී රහස් බුද්ධිතොරතුරු මෙහෙයුම් පරිපාලනය කෙරුමට වන අතර, විශේෂයෙන්ම රාජකීය ජර්මානු රජයෙහි ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමුකිරීමටය. නාවික සහ යුද්ධහමුදා අංශ ලෙසින් මෙම කාර්යාංශය වෙන් කෙරුණු අතර, කලක් ගතවත්ම, එම කොටස් පිළිවෙලින් විදේශ චරපුරුෂ සහ අභ්‍යන්තර ප්‍රති-චරපුරුෂ කටයුතු විශේෂණිකෘත ලෙසින් හැසිරවූහ. මෙම විශේෂීකරණය පිළිබඳ අවශ්‍යතාවය පැනනැගුනේ රාජකීය ජර්මානු නාවික හමුදාවෙහි සාමුද්‍රිය ප්‍රබලතාවය දැනගැනීමට නෞකා බලස්ථානයට අවශ්‍යවූ බැවිණි. මෙම විශේෂීකරණය රූපිකෘත කෙරුණේ 1914 වසරට පෙරදීය. පළමුවන ලෝක යුද්ධය අතරතුර 1916 වසරෙහිදී, මෙම අංශ දෙක පරිපාලනමය වෙනස්කම් වලට ලක්වුනු විට, හමුදාමය බුද්ධිතොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය කෙටෙස 6 (එම්අයි6) බවට විදේශ අංශය පත්වූ අතර, වර්තමානයේදී ජනප්‍රිය සංස්කෘතිය තුල එය හැඳින්වීමට එම නම බොහෝ විට භාවිතා කෙරෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් සෙකියුරිටි කමිටි ඔෆ් පාර්ලිමන්ට් ඇනුවල් රිපෝට් 2012–2013 (PDF). 2013. p. 40. ISBN 978-0-10-298652-5. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2013.
  2. 2.0 2.1 2.2 "ද චීෆ්  — එස්අයිඑස් (එම්I6)". සම්ප්‍රවේශය 17 දෙසැම්බර් 2010. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "sisweb" defined multiple times with different content
  3. වයිට්හෙඩ්, ජෙනිෆර් (13 ඔක්තොම්බර් 2005). "එම්අයි6 ටු බූස්ට් රිකෘට්මන්ට් ප්‍රොස්පෙක්ට්ස් විත් ලෝන්ච් ඔෆ් ෆර්ස්ට් වෙබ් සයිට්". බ්‍රෑන්ඩ් රිපබ්ලික්. සම්ප්‍රවේශය 10 ජූලි 2010.
  4. බර්න්ස්, ජෝන් එෆ්. සහ අනෙකුන්. "ඩිෆෙන්ඩිං සීක්‍රසි, බ්‍රිටිෂ් ස්පයි චීෆ් ගෝස් පබ්ලික්,". ද නිව්යෝර්ක් ටයිම්ස්, 28 ඔක්තොම්බර් 2010.
"https://si.wikipedia.org/w/index.php?title=රහස්_බුද්ධි_සේවය&oldid=317452" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි