රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගලාභීන්

විකිපීඩියා වෙතින්
ස්වීඩන රසායනඥ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමති පත්‍රය මගින්, 1895 වසරෙහිදී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය පිහිටුවන ලදි .

රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමිය විසින් වාර්ෂිකව රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය (ස්වීඩන: [Nobelpriset i kemi] Error: {{Lang}}: text has italic markup (help)) ප්‍රදානය කෙරෙනුයේ රසායන විද්‍යාවෙහි විවිධ ක්ෂේත්‍රයන්හී විද්‍යාඥයන් වෙතය. මෙය වනාහී, 1896 වසරෙහිදී මිය ගිය ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමති පත්‍රය වෙතින් 1895දී පිහිටුවන ලද නොබෙල් ත්‍යාග පහෙන් එකකි. මෙම ත්‍යාග පිරිනමනු ලබන්නේ, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍යය, සාමය සහ, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා විශිෂ්ට දායකත්වයන් වෙනුවෙනි.[1]

  1. "ඇල්ෆ්‍රඩ් නොබෙල් – ද මෑන් බිහයින්ඩ් ද නොබෙල් ප්‍රයිස්". Nobelprize.org. සම්ප්‍රවේශය 2008-10-07.