Jump to content

කාබෝහයිඩ්‍රේට රසායනවේදය

විකිපීඩියා වෙතින්
(රසායන විද්‍යාව-කාබෝහයිඩ්‍රේට වෙතින් යළි-යොමු කරන ලදි)
ග්ලූකෝස් (මොනොසැකරයිඩ)
ග්ලූකෝස් කොටස් දහස් ගණනකින් සැදි පොලිසැකරයිඩයක් වන Amylose

කාබෝහයිඩ්‍රේට වල කෘත්‍ය අතරට ශක්තිය ගබඩා කිරීම සහ ව්‍යුහ ගොඩනැගීම අයත් වේ. සියලූම කාබෝහයිඩ්‍රේට සීනි වර්ග නොවේ. වෙනත් කිසිදු ජීව සංඝටකයකට වඩා බහුල ලෙස කාබෝහයිඩ්‍රේට් ව්‍යාප්ත ව ඇත. මොනොසැකරයිඩ


ග්ලූකෝස්

මොනොසැකරයිඩ යනු සරලතම කාබෝහයිඩ්‍රේටය යි. මෙහි කාබන් හයිඩ‍්‍රජන් සහ ඔක්සිජන් 1 2 1 අනුපාතයෙන් පිහිටයි. ග්ලූකෝස් ඉතා වැදගත් මොනොසැකරයිඩය කි. එසේම ෆ‍්‍රක්ටෝස් ද පලතුරු වල මිහිරි රසය ඇති කරයි. මොනොසැකරයිඩ ඇල්ඩෝස ඇල්ඩිහයිඩ හෝ කීටෝස ආකාරයෙන් පිහිටයි. ඇල්ඩෝස හා කීටෝස මුදු ආකාරයේ දාම තනයි. ඩයිසැකරයිඩ සුක්‍රෝස් සාමාන්‍ය සීනි ඇතැම් විට වඩාත් සමීපත ම කාබෝහයිඩ්‍රේටය විය හැක ජල විච්ජෙදන සංයෝජනයක් මගින් මොනොසැකරයිඩ දෙකක් එක් වීමෙන් සෑදේ. එහිදී හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් හා හයිඩ‍්‍රජන් පරමාණුවක් ඉවත් වී ජල අණුවක් සාදයි. එනිසා ජල විච්ජෙදන යන නම භාවිත වේ. ප‍්‍රතිපල වන ඩයිසැකරයිඩ අනුවේ ග්ලයිකොසිඩික් හෝ ඊතර් බන්ධන පිහිටයි. මෙය ප‍්‍රත්‍යවර්ත ප‍්‍රතික‍්‍රියාවකි. ප‍්‍රකට ම ඩයිසැකරයිඩය සාමාන්‍ය සීනි හෙවත් උක් සීනි වේ. මෙය ග්ලූකෝස් හා ෆ‍්‍රක්ටෝස් වල එකතුවකි. වෙනත් වැදගත් ඩයි සැකරයිඩයක් නම් ග්ලූකෝස් හා ගැලැක්ටෝස එක්ව තනන ලැක්ටෝස් ය.

ඔලිගොසැකරයිඩ පොලි සැකරයිඩ

සෙලියුලෝස බීටා ඞී ග්ලූකෝස් හි බහු අණුවක් ලෙස මොනොසැකරයිඩ තුනේ සිට හය දක්වා ගනනක් එක්වූ විට ඔලිගොසැකරයිඩයක් ලෙස හැඳින්වේ. මෙම අණු සංඥා අණු ලෙස භාවිතා වේ. මෙනොසැකරයිඩ විශාල සංඛ්‍යාවක් බහුඅවයවීකරණය වූ කල පොලිසැකරයිඩ ලෙස හැඳින්වේ. ඒවා එක් දිගටි දාමයක් ලෙස හෝ අතුබෙදුනු දාම ලෙස පවතී. වඩාත් බහුල පොලිසැකරයිඩ දෙකක් වනුයේ ග්ලූකෝස් බහුඅවයවීකරණයෙන් සෑදී ඇති සෙලියුලෝස් හා ග්ලයිකොජන් ය. සෙලියුලෝස් ශාක සෛල බිත්තියේ සංඝටකයක් වේ. මේවා නිශ්පාදනයට හෝ ජීර්ණයට හැකියාවක් මිනිසාට නැත ග්ලයිකොජන් සත්ව කාබෝහයිඩ්‍රේටයක් වන අතර මිනිසුන් සහ වෙනත් සතුන් එය ශක්ති සංචිතයක් ලෙස භාවිත කරති කාබෝහයිඩ්‍රේට ශක්ති ප‍්‍රභවයක් ලෙස ග්ලූකෝස් යනු බොහෝ ජීවීන් ගේ ප‍්‍රධාන ශක්ති ප‍්‍රභවය වේ. එය පියවර දෙකකින් සිදුවේ. ග්ලයිකොලිසිය (නිර්වායු) ග්ලූකෝස් ප‍්‍රධාන ලෙස බිඳ වැටෙන්නේ පියවර දහයකින් සමන්විත , පරිණාමිකව පැරණි ක‍්‍රමවේදයක් වන ග්ලයිකොලිසිය මගිනි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ග්ලූකෝස් අනුවක් පයිරුවේට අනු දෙකකට බිඳ වැටේ. එහි අතුරුඵල ලෙස ඒ ටී පී අණු දෙකක් හා එන් ඒ ඞී එච් අණු දෙකක් ඇතිවේ. මේ ක‍්‍රියාවලියට ඔක්සිජන් අවශ්‍ය නැත . ඔක්සිජන් නැති විට මිනිසුන් වැනි ඇතැම් සතුන්ගේ පයිරුවේට ලැක්ටික් අම්ලය හෙවත් ලැක්ටේට් බවට පරිවර්තනය වන අතර ඊස්ට් වැනි ඇතැම් ජීවීන්ගේ ඒවා එතනෝල් බවට පරිවර්තනය වේ. අතුරුඵල ලෙස කාබන් ඩයොක්සයිඞ් ඇතිවේ.

ස්වායු ශ්වසනය

ස්වායු ශ්වසනයේ දී ග්ලයිකොල්සියේ නිපදවුනු පයිරුවේට අණු දෙක තවදුරටත් බිඳ වැටී ඇසිටයිල් කෝ ඒ බවට පත් වේ. ඉන්පසු ඒවා සිට්රික් ඇසිඞ් බවට පත්වී සිට්රික් අම්ල චක‍්‍රය නම්වූ සංකීර්ණ පරිවර්තන දාමයකට සහභාගී වේ. එහිදී නිපදවෙන එන් ඒ ඞී එච් හා එෆ් ඞී එච් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක් ඔස්සේ ගමන් කර ඔක්සිජන් හා සම්බන්ධ වී ශක්තිය පිටකරයි. මෙම චක‍්‍රය හරහා ඒ ටී පී 28 ක් නිපදවේ. මීට අමතරව පයිරුවේට ඇසිටයිල් කෝලින් බවට පත් වන විට තවත් ඒ ටී පී 2 ක් ද ලෙස ස්වායු ශ්වසනයේදී සමස්ත ඒ ටී පී 30 ක් නිපදවේ. මෙයට ග්ලයිකොලිසියේ ඒ ටී පී 2 ක ශුද්ධ ලාභය එක්වූ විට ග්ලූකෝස් අනුවකින් ස්වායු ශ්වසනයේදී ලැබෙන මුළු ඒ ටී පී ලාභය 32ක් වේ. ග්ලයිකොජෙනසිස් කශේරුකයන්ගේ කංකාල පේශි වලට අවශ්‍ය පරිදි ඔක්සිජන් නොලැබුනු විට ඒවා නිර්වායු ශ්වසනයට මාරු වී ග්ලූකෝස් ලැක්ටේට් බවට පත් කරයි. මෙහිදී ග්ලයිකොජෙනසිස් නම් ක‍්‍රියාවලියක් ආශ‍්‍රයෙන් අක්මාව ග්ලූකෝස් පුනර්ජනනය කරයි. මෙහිදී ග්ලයිකොලිසියට වඩා තුන් ගුණයක් ශක්තිය අවශ්‍ය වේ.

අමතර අවධානයට

[සංස්කරණය]

කාබෝහයිඩ්‍රේට ව්‍යුහය

[සංස්කරණය]

කාබෝහයිඩ්‍රේට ක්‍රියාකාරීත්වය සහ ජෛවවේදය

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]