රසායන විද්‍යාවේ නොවිසදු ගැටළු

විකිපීඩියා වෙතින්

රසායන විද්‍යාව නොවිසුදුනු ගැටළු ලෙස ඇත්තේ “අපට X නැමති රසායන ද්‍රව්‍ය සෑදිය හැකිද? එය විශ්ලේෂණය කළ හැකිද?” ආදී සාමාන්‍යයෙන් පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයි. නමුත් විසදීමට සැලකිය යුතු වෙහෙසක් ද ගත යුතු වෙයි. කෙසේ වුවත් ගැඹුරු සම්බන්ධතා සහිත ප්‍රශ්න ද ඒ අතර වෙයි. මෙම ලිපිය රසායන විද්‍යාවේ නවීන විද්‍යාත්මක පර්යේෂණවලට ලක්වන පැති සමග සම්බන්ධ වේ. රසායන විද්‍යාවේ නොවිසදු ලෙස සැලකූ ගැටළු එම ක්ෂේත්‍ර පිළිබඳව ප්‍රවීනයෙකු විසින් නොවිසදූ ලෙස සලකනු ලබන හෝ ප්‍රවීනයන් කිහිප දෙනකු විසින් විසඳුමක් පිළිනොගන්නා ලබන ගැටළු වෙයි.

කාබනික රසායනයේ ගැටළු

නෝර්බොනයිල් කැටායන ද්‍රාවී විච්ජේදනය නෝර්බොනයිල් කැටායන මෙතරම් ස්ථායි ඇයි? එය සමමිතික ඇයි? මෙම ප්‍රශ්නය වැඩි පුරට බලපෑවේ ආදේශිත කැටායන වලට නොව ආදේශ නොවූ නෝර්බොනයිල් කැටායන වලටය. (අසම්භවිත අයන බලන්න) · ජලය මත ප්‍රතික්‍රියාඃ සමහරක් කාබනික ප්‍රතික්‍රියා ජල කාබනික අතුරු මුහුණත් මතදී සීඝ්‍රයෙන් සිදු වන්නේ ඇයි? (ජලය මත ප්‍රතික්‍රියා බලන්න) · එතේන්හි බන්ධන භ්‍රමණ බාධකයේ හේතුව කුමක් ද? ත්‍රිමාන අවහිරය ද අධි සංයුමනය ද? (බන්ධන භ්‍රමණ බාධකය බලන්න) · ඇල්පා ආචරණයේ මුලාරම්භය කුමක්ද? විද්‍යුත් සෘණ පරමා‍ණු හා එකසර යුග්ම එකක් හෝ වැඩි ගණනක් නියුක්ලියෝපිලිත කේන්ද්‍රයට ආසන්නව ඇති නියුක්ලියෝපයිල ප්‍රතික්‍රියාශීලිය. (ඇල්පා ආචරණය බලන්න)

ජීව රසායන ගැටළු

· පරිපුර්ණ එන්සයිමවලට වඩා වඩා යහපත් ප්‍රතිචාර දැක්වීම : සමහර එන්සයිම විසරණචාලනයටත් වඩා වේගවත්ය. (එන්සයිමීය චාලනය බලන්න) · ඇමයිනෝ අම්ල වල හා සීනිවල ප්‍රකාශ සමාවයවිකවලට හේතුව කුමක්ද?(ප්‍රකාශ සමායවිකතාව බලන්න ) · ප්‍රෝටීන ඇකිලී යාමේ ප්‍රශ්නය : අනුපිළිවෙල හා පාරිසරික තොරතුරු පමණක් සැලකීමෙන් හෙලිපෙප්ටයිඩ අනුපිළිවෙලේ ද්වීතියක, තෘතිය හා චතුර්ථන ව්‍යුහ අනුමාන කළ හැකිද? ප්‍රෝටීන ඇකිලී යාමේ ප්‍රශ්නයේ ප්‍රතිලෝමයඃ යම් පාරිසරික තත්ව යටතේදී දී ඇති ව්‍යුහයක් පිළිගන්නා හෙලිපෙට්ටයිඩ අනුපිළිවෙලක් නිර්මාණය කළ හැකිද? (ප්‍රෝටීන් ඇකිලීම බලන්න) · ජීවයේ රසායනික පදනම කුමක්ද? අජීවි රසායනික සංයෝගවලට ස්වයංව නැවත ඇතිවන සංකිර්ණ ජීව ස්වරූප ඇති කර‍න්නේ කෙසේද? (අජීවාර්ජනනය බලන්න)

භෞතික රසායනික ගැටළු

· කලාප සටහනේ විවිධ ස්ථානවල දී අධි උෂ්ණත්ව සුපිරි සන්නායකවල ඉලෙක්ට්‍රෝනික සැකැස්ම කුමක්ද? අදාල උෂ්ණත්වය කාමර උෂ්ණත්වය කරා ගෙන ආ හැකිය. සුපිරි සන්නායක බලන්න. · ෆෙයින්මේනියම් : පරමාණුක ක්‍රමාංකය 137 ට වඩා වැඩි 1S ඉලෙක්ට්‍රෝනය ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් චලනය විය යුතු මුලද්‍රව්‍යයක රසායනික ප්‍රතිඵල කුමක්ද? භෞතිකව පැවතිය හැකි අවසාන මුලද්‍රව්‍යය ෆෙයින් මේනියම්ද? ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම ඇතිවන්නේ 139 වන මුලද්‍රව්‍යයේදීය. (eka ඇක්ටිනියම් / dvi- ලැන්තනම්) සාපේක්ෂතාවය ද සලකා විශ්ලේෂණය කළ විට 1 S ඉලෙක්ට්‍රෝනයේ ප්‍රවේගයට සුළු බලපෑමක් වන බව පෙනේ. එම නිසා 138 වන මුලද්‍රව්‍යයේ 1 S ඉලෙක්ට්‍රෝනය ස්ථායි වේ. · විද්‍යුත් චුම්භක ශක්තිය ( ෆෝටෝන/පෝටෝන) කාර්යක්ෂමව රසායනික ශක්තිය බවට පරිවර්තනය කළ හැක්කේ කෙසේද? (උදා - සුර්ය ශක්තිය මගින් ජලය H2 හා O බවට වෙන් කිරීම) · අධි සංයුජ අණුවල බන්ධන ස්වභාවය කුමක්ද? (අධි සංයුජ අණු බලන්න) · ජලයෙහි ව්‍යුහය කුමක්ද? 2005 විද්‍යා සගරාවට අනුව එහිදී කැපීපෙනෙන නොවිසදු ගැටළු 100 න් එකක් වූයේ විශාල ජල ප්‍රමාණයක දී ජලය යාබද අණු සමග හයිඩ්‍රජන් බන්ධන සාදන්නේ කෙසේ ද යන්නයි. (ජල පොකුරු බලන්න)


සටහන්[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Unsolved_problems_in_chemistry