රසායනික පදාර්ථය (සටහන)රසායනික පදාර්ථය (සටහන)

විකිපීඩියා වෙතින්

සැහැල්ලුතම මූල ද්‍රව්‍ය වනුයේ හයිඩ්‍රජන් හා හීලියම්ය. මේවා විශ්වයේ මහා පිපුරුමේ (Big Bang nucleosynthesis) මුල් විනාඩි 20 තුළ නිපදවූ අතර එය ස්කන්ධ අතර අනුපාතයෙන් 3 : 1 වේ. (ආසන්න වශයෙන් පරමාණු සංඛ්‍යා අතර අනුපාතය ගත් විට 12 : 1 වේ) හයිඩ්‍රජන් හා හීලියම් ඇතිවුණු පසු අනෙක් මූල ද්‍රව්‍ය ස්වාභාවිකව ඇති වූ අතර එය ස්වාභාවික සහ කෘත්‍රීමව කරන ලද න්‍යෂ්ටික සංස්ලේෂණ ක්‍රම, හා න්‍යෂ්ටික විඛන්ඩණය වැනි ක්‍රම මගින් ඇති විණි.

වසර 2006 වන විට මූල ද්‍රව්‍ය 117 තේරුම් ගෙන ඇති අතර (මෙහි තේරුම් ගත් යනු අනෙක් මූලද්‍රව්‍යවලින් පැහැදිලිව වෙන් කොට ගත් කාලයක් පවතී යන්න වේ.) මෙයින් 94 ස්වාභාවික පෘතුවියේ පවතී. මෙයින් 6 ක් අංශු මාත්‍රීය ප්‍රමාණ වලින් පවතී. ඒවා නම් ටෙක්නීටියම් පරමාණුක ක්‍රමාංකය 43, ප්‍රොමේතියම් පරමාණුක ක්‍රමාංකය 61, ඇස්ටටීන් පරමාණුක ක්‍රමාංකය 94 වේ. මීට අමතරව (සමහර විට) පරමාණුක ක්‍රමාංකය 98 වූ කැලිෆෝනියම් ඇතැම් වේලාවට අණාවරණය කරගෙන ඇති අතර එය තාරකා සහ අද්බූත තාරකාවල වර්ණාවලි මගින් සොයා ගත නොහැකි අතර ඒවා කෘත්‍රීමව ව්‍යුත්පන්න කළ යුතු වේ. මෙම මූල ද්‍රව්‍ය කෘත්‍රීම ක්‍රම මගින් ව්‍යුත්පන්න කරන ඉතා කෙටි අර්ධ ආයු කාලයක් සහිත විකිරණශීලී මූලද්‍රව්‍ය නිසා ‍තැනෙන්නකි.

ඉතිරි මූල ද්‍රව්‍ය 22 පොළෝවේ හෝ කක්ෂ වර්ණාවලි මගින් සොයා ගත නොහැකි අතර ඒවා කෘත්‍රීමව ව්‍යුත්පන්න කළ යුතු වේ. මෙලෙස කෘත්‍රීමව ව්‍යුත්පන්න කරන ලද මූලද්‍රව්‍යයන් සියල්ලම විකිරණශීලී වන අතර ඉතා කුඩා අර්ධ ජීවිත කාලයක් ඇත. මෙම මූලද්‍රව්‍ය පොලොවේ තිබුණහොත් ඒවා බොහෝ දුරට දිරාපත් වේ. යම් හෙයකින් පොළොවේ හෝ නව තරුවක පැවතුණහොත් ඒ හදුනා ගැනීම පවා හැකි නොවන ඉතා කුඩා ප්‍රමාණ වලිනි. පළමුව කෘතීමව නිර්මාණය කරන ලද මූල ද්‍රව්‍ය වනුයේ ටෙක්නීටියම්ය. (ඒ 1937 දීය. ඒ අංශු මාත්‍රීය ලෙස ටෙක්නීටියම් පවතින බව 1925 දී සොයා ගත්තද, එතෙක් මූල ද්‍රව්‍ය හඳුනාගත නොහැකි වුනි. නැතහොත් එය 1925 සොයා ගත හැකිව තිබුණි.) මෙම ක්‍රියාවලිය කිහිපවරක් ස්වාභාවිකව අංශු මාත්‍රීයව පවතින මූලද්‍රව්‍ය සඳහා සිදු කෙරුණි.

මූල ද්‍රව්‍ය ලැයිතුවක්, නමෙන් , ලකුණෙන් , පරමාණුක ක්‍රමාංකයෙන් , ද්‍රවාංකයෙන්, තාපාංකයෙන් සහ පරමාණුවල අයනීකරණ ශක්තිය ලබා ගත හැක. හොදම මූලද්‍රව්‍යවල වර්ගීකරණ ආවර්ථිතා වගුවේ වන අතර සමාන ගුණැති මුලද්‍රව්‍ය එකට ගෙන එහි දක්වා ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Chemical_element#description