රස්තෆාරි ව්‍යාපාරය
Jump to navigation
Jump to search
රස්තෆාරි ව්‍යාපාරය යනු ක්‍රි.ව. 1930දී ජමෙයිකාවේ අරම්භවුනු අාධ්‍යාත්මික සංකල්ප පද්ධතියකි. මෙය තැනෙක ආගමක් ලෙසද තවත් තැනෙක ජීවන ශෛලියක් ලෙසද විස්තර කෙරේ. මෙහි අනුගාමිකයන් ක්‍රි.ව. 1930 සිට 1974 දක්වා ඉතියෝපියාවේ අධිරාජයාව සිටි හෙයිලේ සෙල්ලාසි දේවත්වයේලා වන්දනා කරති.
ලෝ ප්‍රකට බොබ් මාලේ රස්තෆාරියානු දහමේ ප්‍රබල අනුගාමිකයෙකු ලෙස සැලකේ. බොබ් මාලේ, හඳුනා ගැනීමේ සංකේතයක් බඳු ඔහුගේ කොණ්ඩා විලාසිතාව ද රස්තෆාරියානු දහමේ දායාදයකි. මෙම දහම අදහනනෝ ශාඛ භාක්ෂකයෝ වෙති.ඔවුන් තමන්ගේ ජීවිතයේ කොටසක් ලෙස ගංජා භාවිතා කරයි.ගංජා ඉරීම තුළින් දෙවියන් වෙත ළඟාවිය හැකිය යන්න ඔවුන්ගේ සදාතනික විශ්වාසයි. දෙවියන් විසින් ලබා දුන් ශරීරය කිසිඳු හේතුවක් නිසා විච්චේදනයට ලක් නොකරන ඔවුන් සැත්කම් ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.