රසදිය වසවීම

විකිපීඩියා වෙතින්

රසදිය වසවීම යනු රසදිය (මර්කරි ) හෝ එහි සංයෝග වෙතට නිරාවරණය වීම නිසා හටගන්නා රෝගයකි. රසදිය (රසායනික සංකේතය Hg) යනු, විවිධ ආකාරයෙහි පවතින බැර ලෝහයක් වන අතර, ඉහළ ප්‍රමාණයේ මාත්‍රා සහිතව පරිහරණය කළ විට එම සියළු ආකාර විසින් වසවීමෙහි ප්‍රතිවිපාක ඇති කර ලිය හැක. එහි ශුන්‍ය ඔක්සිකරණ අවස්ථාව Hg0 පවතින්නේ වාෂ්ප හෝ ද්‍රව ලෝහයක් ලෙසින් වන අතර, එහි මර්කියුරස් අවස්ථාව Hg22+ පවතින්නේ අකාබනික ලවණ ලෙසින් වන අතර, එහි මර්කියුරික් අවස්ථාව Hg2+ වෙතින් අකාබනික ලවණ හෝ කාබනිකමර්කරි සංයෝග තැනිය හැක; මෙම කාණ්ඩ තුනෙහි ප්‍රතිවිපාක විවිධ විය හැක. විසවීමෙහි ප්‍රතිවිපාක අතර මොළයට, වෘක්ක වලට, සහ පෙනහළු වලට සිදුවන හානිය වෙයි. [1]


රසදිය යනු ජීවී සෛලවලට උග්‍ර විෂ සහිත මූලද්‍රව්‍යයකි. රසදියවල සෞඛ්‍ය අවදානම පිළිබඳව බොහෝ දෙනකු ගේ ඇස්‌ ඇරුණේ ජපානයේ ඇති වු මිනමාටා රෝගයත් සමගය. ජපානයේ මිනමාටා නම් වෙරළාශ්‍රිත නගරයක Chisso Corporation නම් රසායන ද්‍රව්‍ය කර්මාන්තශාලාවකින් මිනමාටා බොක්‌කට එකතු වූ කාර්මික අපද්‍රව්‍ය සහිත ජලය නිසා මේ රෝගය හට ගැනිණි. මේ දූෂිත ජලයේ තිබූ මෙතිල්මර්කරි නම් රසදිය අඩංගු සංයෝගය නිසා දහස්‌ ගණනක සත්ත්ව සංහතියක්‌ මරු වැළද ගත්තේ ය. 1956 දී පළමු වරට නිරීක්‍ෂණය කළ මිනමාටා රෝගය නිසා මිනිසුන් 1784 දෙනකු මිය ගිය බව ජපාන රජයේ සංඛ්‍යාලේඛන තහවුරු කරයි. මෙතිල් මර්කරි ශරීරගත වූ මාළු ආහාරයට ගැනීම නිසා මේ තත්ත්වය උදා වූ බව පසුව සනාථ කෙරිණි. මේ සිද්ධිය නිසා මිනමාටා රෝගයෙන් පීඩාවට පත් 10000කට අධික පිරිසකට ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන 9000ක (ඇමෙරිකන් ඩොලර් මිලියන 85ක්‌) වන්දියක්‌ ගෙවීමට අවසානයේ Chisso Corporarion සමාගමට සිදු විය. මිනමාටා රෝගය නිසා දහස්‌ ගණනක ජපනුන් ගේ ස්‌නායු පද්ධතිය දුර්වල විය. අංග විකල දරුවන් දහස්‌ ගණනක්‌ බිහි විය. තවත් වැදගත් කරුණක්‌ වනුයේ Chisso Corporarion හි ප්‍රධාන නිෂ්පාදනය වූයේ රසායනික පොහොර බවයි.

මිනමාටා සිද්ධියත් සමග රසදියවල ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස පසුගිය වසර 20ක පමණ කාලය තුළ ඉතා කුඩා රසදිය ප්‍රමාණයක්‌ ශරීරගත වීමෙන් ඇති වන ලෙඩ රෝග ගණනාවක්‌ පිළිබඳව හෙළිදරව් විය.

රසදිය නිසා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න ඇති වන්නේ ස්‌නායු පද්ධතියට ය. මොළයේ චාලක කටයුතු පාලනය කරන ප්‍රදේශයට සහ මතකයට අදාළ කොටසට රසදිය නිසා ඉහළ බලපෑමක්‌ ඇති කරන බව මේ වන විට සනාථ වී ඇත. කලල අවධියේ සහ ළදරු අවධියේ මේ අවදානම ඉහළ ම බව සොයාගෙන ඇත. රසදිය අඩංගු ආහාර ගන්නා මවක ගෙන් මවුකිරි හරහා මේ බැර ලෝහය කුඩා දරුවන් ගේ සිරුරට ඇතුළු වන බවත් ඒ නිසා පූර්ව ළමා ස්‌නායු විකසනය දුර්වල වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

මර්කරිවල ස්‌නායු විෂ පිළිබඳ තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඩෝපැමින් නම් පණිවිඩ ගෙන යැමට වැදගත් වන රසායනික සංයෝගය නිපැදවීමට සහ එහි ක්‍රියාකාරීත්වයට මර්කරි බාධා පමුණුවන බවයි. ඩෝපැමින්වල ක්‍රියාකාරීත්වයේ වෙනස්‌කම් නිසා පාකින්සන් රෝගය ඇති වන බව වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීමයි. 2002 වසරේ දී කරන ලද පර්යේෂණයකට අනුව ඇල්ෂයිමර් රෝගය ඇති වීමට ද දිගුකාලීන අංශු මාත්‍ර රසදිය විස වීම හේතුවකි. ඇමිනෝ අම්ලවල ඇති ඩයිසල්ෆයිඩ් කාණ්‌ඩයට සහ ප්‍රොaටීනවල සල්ෆයිඩි්‍රල් කාණ්‌ඩයට රසදිය ඉතා පහසුවෙන් බැඳේ. බොහෝ හෝමෝන සහ එන්සයිම ඇමයිනෝ අම්ලවලින් සෑදුණු ප්‍රොaටීන ය. මේ හේතුවෙන් මිනිස්‌ සිරුරේ ක්‍රියාකාරීත්වයට අතිශය වැදගත් වන හෝමෝන සහ එන්සයිම ගණනාවක ක්‍රියාකාරීත්වය රසදිය නිසා ඇණහිටී. විශේෂයෙන් ස්‌නායු පද්ධතියේ දී මේ බලපෑම වඩා ඉහළ බව මේ වන විටත් සනාථ කරගෙන ඇත.

මේ හැරුණු කල ඇසීමට සහ දැකීමට අදාළ ස්‌නායුවලට සහ ඊට අදාළ මොළයේ ප්‍රදේශවලට රසදිය නිසා බලපෑමක්‌ ඇති වන බව සතුන් යොදාගෙන සිදු කළ පර්යේෂණවලින් හෙළි වී ඇත. ජපානයේ මිනමාටා ප්‍රදේශයේ ඇති වූ රසදිය විෂ වීමෙන් වසර 20කට පමණ පසුත් එහි බලපෑම නිසා ඊට ගොදුරු වූවන් ගේ ඇසීමේ සහ දැකීමේ දුර්වලතා ඇති වූ බව සඳහන් වේ. රසදිය යොදාගත් කර්මාන්තවල සේවයේ නියුතු වූවන් පිරිසක්‌ යොදාගෙන කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ ඔවුන් ගේ මතකය, යමක්‌ දෙස ඇති වන අවධානය සහ සිරුරේ අවයව අතර ඇති සමායෝජනය සැලකිය යුතු ලෙස පහළ ගොස්‌ ඇති බවයි.[2]



[1] [2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 ක්ලිෆ්ටන් ජේසී 2වන (2007). "මර්කරි එක්ස්පෝසර් ඇන්ඩ් පබ්ලික් හෙල්ත්". Pediatr Clin North Am. 54 (2): 237–69, viii. doi:10.1016/j.pcl.2007.02.005. PMID 17448359.{{cite journal}}: CS1 maint: numeric names: authors list (link)
  2. 2.0 2.1 tubewellsrilanka. 2011. {{cite journal}}: Missing or empty |title= (help); Text "http://www.tubewellsrilanka.com/asenic-problem" ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=රසදිය_වසවීම&oldid=493698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි