රසදිය චක්‍රය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රසදිය චක්‍රය යනු රසදිය (මර්කරි) හා බැඳි ජෛවභූරසායනික චක්‍රයකි. කාමර උෂ්ණත්වයෙහිදී දුවයක් ලෙසින් පවතින එකම බැර ලෝහය රසදිය බව සිහිකටයුතුය. එය වාෂ්පශීලී ලෝහයක් වන අතර එසේ වීමට කිසියම් කාලයක් ගන්නා මුදු වාෂ්පීභවනය වෙයි.

ක්‍රියාවලීන්[සංස්කරණය කරන්න]

බොහෝ ස්වභාවික රසදිය පවතින්නේ සිනබාර්,[1] HgS ලෙසිනි. මෙහිදී රසදිය (Hg2+) සල්ෆර් වෙත දැඩි ලෙසින් බන්ධනයවී තිබුණද, ජීරණය හේතුවෙන් පරිසරයට රසදිය මුදා හැරෙයි. ගල් අඟුරු තුලද අංශු මාත්‍ර පුමාණයෙන් රසදිය පවතියි. රසදිය පතල් කැණීම හෝ ගල් අඟුරු දැවීම විසින් රසදිය මුදාහැරීම සිදු වෙයි. යමහල් සහ ලැව් ගිනිද රසදිය ප්‍රභව වෙති.[තහවුරු කරන්න]

අනෙකුත් ප්‍රභව අතර, ක්ලෝරීන් කම්හල්ද රසදිය වායුගෝලයට මුදාහරියි.[2] මෙම රසදිය භූමියේ සහ ජලයේ යළි තැන්පක් වෙයි. අකාබනික රසදිය බැක්ටීරියා මගින්, මීතයිල්මර්කරි, CH3Hg+,[තහවුරු කරන්න] නම්වූ ලෝහ-කාබනික කැටායනයක් බවට පෙරැලිය හැකි අතර, මෙය බලයා සහ කඩු කොප්පරා වැනි මත්ස්‍යයන් තුල ජීවගත සංචයනය වෙයි. [2] විශාල කාල පරිච්ඡේද ගතවීමත් සමගම, රසදිය වලින් කොටසක් සල්ෆර් සමග යළි-සම්බන්ධ වී අවසාදතයන් තුල මිහිදන් වෙයි. ඉන්පසු, චක්‍රය යළි පුනරාවර්තනය වෙයි. [2]

පරිසරයෙහි රසදිය මුදාහැරීම්[සංස්කරණය කරන්න]

පසුගිය වසර 270 තුල වයෝමිංහී උඩු ෆ්‍රීමාන්ට් ග්ලැසියරයේ තැන්පත්වී ඇති වායුගෝලීය රසදිය ප්‍රමාණය

ස්වභාවික මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

පූර්ව-කාර්මීකකරන යුගයෙහිදී, වායුගෝලයෙන් රසදිය තැන්පත්වීමේ සීඝ්‍රතාවය 4 නැග්‍රෑ /(අයිස් තැන්පත්වීම 1 ලී) පමණ වන්නට ඇත. ස්වභාවික නිරාවරණ මට්ටම එපමණකැයි සැලකිය හැකි වුවද, ප්‍රාදේශීය හෝ ගෝලීය ප්‍රභව නිසා මෙම අගය වෙත සැලකිය යුතු බලපෑම් ඇති වෙයි. යමහල් විදාරණය නිසා වායුගෝලීය ප්‍රභවය 4–6 ගුණයකින් ඉහළ නැංවිය හැක. [3]

යමහල් වැනි ස්වභාවික ප්‍රභව, වායුගෝලීය රසදිය විමෝචනයෙන් අඩකට පමණ හේතු වෙයි.

මානවකෘත රසදිය විමෝචන[සංස්කරණය කරන්න]

මිනිසුන්-විසින්-ජනිත ඉතිරි අඩ, පහත ඇස්තමේන්තුගත ප්‍රතිශත වලට බෙදා වෙන් කෙරෙයි: [4][5] [6]

  • 65% ක් ස්ථාවර (ප්‍රවාහන-නොවන) දහන තුලින් වන අතර, මෙහි වැඩිම සමුච්චයකට වග කියන්නේ ගල් අඟුරු බලාගාර වෙති (1999 එ.ජ. රසදිය විමෝචනයන්ගෙන් 40% කි). රසදිය ඉවත් නොකල පෙට්‍රෝලියම් දහනය වෙතින් බලගැන්වෙන බලාගාරද මෙයට අඩංගුය. ගල් අඟුරු දහනය නිසා සිදුවන විමෝචනයන්, තෙල් දහනය නිසා වන විමෝචනයන්ට වඩා ගණිතමය අනුක්‍රමයන් එකක් හෝ දෙකක් හෝ වැඩිවන අතර, මෙම විචලනය රට මත යැපෙයි.[4]
  • 11% ක් රත්රන් නිෂ්පාදනයෙන්. රසදිය විමෝචනය සඳහා එ.ජ. හී ප්‍රධානතම ලක්ෂ්‍යාකාර ප්‍රභව වන්නේ විශාලතම රත්රන් ආකර තුන වෙයි.නැගෙනහිර කැනඩාවේ වායුගෝලීය රසදිය විමෝචනයෙන් සැලකිය යුතු ප්‍රභවයක් වන්නේ රන්-ආකර බොර තුලින් ජලභූරසායනික රසදිය නිකුතුවයි. [7]
  • 6.8% ක් නි-ෆෙරස් ලෝහ නිෂ්පාදනයෙන්, දර්ශීය වශයෙන් විරුවනයන් වෙතින්.
  • 6.4% ක් සිමෙන්ති නිෂ්පාදනයෙන්.
  • 3.0% ක් අපද්‍රව්‍ය අපහරණයෙන්, නගර සහ ආපදාකූල අපද්‍රව්‍ය, ආදාහනාගාර, සහ මල බොර හස්මීකරණයද මෙයට අඩංගු වෙයි.
  • 3.0% ක් කෝස්ටික් සෝඩා නිෂ්පාදනයෙන්.
  • 1.4% ක් අමු යකඩ සහ වානේ නිෂ්පාදනයෙන්.
  • 1.1% ක් රසදිය නිෂ්පාදනයෙන්, ප්‍රධාන වශයෙන් බැටරි සඳහා.
  • 2.0% ක් අනෙකුත් ප්‍රභවයන්ගෙන්.

ඉහත ප්‍රතිශතයන්, 2000 දී මිනිසුන්-විසින්-ජනිත ගෝලීය රසදිය විමෝචනයන්හී ඇස්තමේන්තු වන අතර, සමහර ප්‍රාදේශිකයන්හී වැදගත් ප්‍රභවයක් වන, ජෛව ස්කන්ධ එයට ඇතුලත් නොවේ. [4]

එළිමහන් නාගරික වාතයේ වර්තමාන වායුගෝලීය දූෂිතකරණය 0.01–0.02 µග්‍රෑ/මී3වන අතර, එළිමහන් සාන්ද්‍රණයන්ට වඩා සැලකිය යුතු තරම් ඉහළ නැගි ගෘහස්ත සාන්ද්‍රණයන්, 0.0065–0.523 µග්‍රෑ/මී3 (සාමාන්‍යය 0.069 µග්‍රෑ/මී3) පරාසයෙහි පවතියි.[8]

චීන මානවකෘත මූලාශ්‍ර අනුව, වායුගෝලයට රසදිය විමෝචන ප්‍රමාණය ඇස්තමේන්තු කර ඇත්තේ, වසරකට ටොන් 500-700 පරාසයෙහි පවතින ලෙස වන අතර, එය තුල ගෝලීය මුළු මානවකෘත විමෝචනයන්හී සැලකිය යුතු කොටසක් අඩංගු වෙයි.[9]

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. රයිටුබා, ජේම්ස් ජේ. (අගෝස්තු 2, 2002). "මර්කර් ෆ්‍රොම් මිනරල් ඩිපොසිට්ස් ඇන්ඩ් පොටෙන්ෂල් එන්වර්න්මෙන්ටල් ඉම්පැක්ට්". එන්වර්න්මෙන්ටල් ජියොලොජි (ස්ප්‍රිංගර් සයන්ස්+බිස්නස් මීඩියා) 43 (3): 326–338. doi:10.1007/s00254-002-0629-5. http://www.springerlink.com/content/f4n64a07130y1mvq/. සම්ප්‍රවේශය කෙරුණු දිනය මාර්තු 20, 2012. 
  2. 2.0 2.1 2.2 මර්කරි: ඕවර්විව්. ඕෂනියා (ඕෂනියා: ප්‍රොටෙක්ටිං ද වර්ල්ඩ්ස් ඕෂන්ස්). 2012. Retrieved පෙබරවාරි 28, 2012. 
  3. ග්ලේෂල් අයිස් කෝර්ස් රිවීල් අ රෙකෝඩ් ඔෆ් නැචුරල් ඇන්ඩ් ඇන්ත්‍රොපොජිනික් ඇට්මොස්ෆරික් මර්කරි ඩිපොෂිසන් ෆො ද ලාස්ට් 270 ඉයර්ස්. එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණය (USGS). Retrieved මැයි 1, 2007. 
  4. 4.0 4.1 4.2 පචිනා ඊ ජී, පචිනා ජේ එම්, ස්ටීන්හොයිසන් එෆ්, විල්සන් එස් (2006). "ග්ලෝබල් ඇන්ත්‍රොපොජනික් මර්කරි ඒමිෂන්ස් ඉන්වෙන්ටරි ෆො 2000". ඇට්මොස් එන්වයරන් 40 (22): 4048. doi:10.1016/j.atmosenv.2006.03.041. 
  5. වට් ඊස් ඊපීඒ ඩුයිං අබවුට් මර්කරි එයාර් එමිෂන්ස්?. එක්සත් ජනපද පාරිසරීය ආරක්ෂණ කාර්යාංශය (ඊපීඒ). Retrieved මැයි 1, 2007. 
  6. සොල්නිට්, ආර්. (සැප්තැම්බර්/ඔක්තොම්බර් 2006). විංග්ඩ් මර්කරි ඇන්ඩ් ද ගෝල්ඩන් කාෆ්. ඔරායන් මැගසින්. Retrieved 2007-12-03.  Check date values in: |date= (help)
  7. මාප්රානි, අන්ටු සී.; ඒ, ටොම් ඒ.; මැක්කරී, කෙරි ටී.; ඩැල්සී, ජෝන් ඒ.; ෂෝ, සීන් ඒ.; යීට්ස්, පිලිප් ඒ. (2005). "ඩිටර්මිනේෂන් ඔෆ් මර්කරි ඉවේෂන් ඉන් අ කන්ටැමිනේටඩ් හෙඩ්වෝටර් ස්ට්‍රීම්". පාරිසරීය විද්‍යාව සහ තාක්ෂණය 39 (6): 1679. doi:10.1021/es048962j. 
  8. ඉන්ඩෝර් එයාර් මර්කරි (PDF). මැයි 2003. Retrieved 2009-07-07. 
  9. ෆූ, එක්ස්., ෆෙං, එක්ස්. , සොමාර්, ජේ., වැං, එස්., "අ රිවිවි ඔෆ් ස්ටඩීස් ඔන් ඇට්මොස්ෆරික් මර්කරි ඉන් චයිනා", සයන්ස් ඔෆ් ද ටෝටල් එන්වරන්මන්ට්, වෙළුම 421-422, 1 අප්‍රේල් 2012, පිටු 73-81, DOI: 10.1016/j.scitotenv.2011.09.089
"https://si.wikipedia.org/w/index.php?title=රසදිය_චක්‍රය&oldid=342731" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි