රවි ශංකර්
විකිපීඩියාවෙහි තත්ත්ව ප්රමිතීන් පුරලනු වස් මෙමලිපිය ප්‍රතිසංවිධානය කෙරුමට අවශ්‍ය විය හැක. මෙහි හොඳ තොරතුරු තිබෙන මුත්, සංවිධානය දුර්වලය; එඩිතර බව ප්රදක්ෂිණා කරමින් සහ සමස්ත වින්‍යාසයෙහි වෙනස්කම් සිදු කිරීම තුලින් මෙම ලිපිය වැඩිදියුණු කිරීම සිදුකරන මෙන් සංස්කාරකවරුන් හට අනුබල දෙනු ලැබේ. (ඔක්තෝබර් 2016) |
![]() | ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. (2016 ඔක්තෝබර්) |
![]() | මෙම ලිපියේ බාහිර සබැඳි යොදා ඇති ආකාරය විකිපීඩියාවේ ප්‍රතිපත්ති හෝ/සහ උපදෙස්මාලා අනුගමනය නොකරයි. වැඩිපුර ඇති සහ බාහිර සබැඳි සහ නොගැලපෙන බාහිර සබැඳි ඉවත්කර මෙම ලිපිය දියුණුකිරීමට දායකවන්න. (ඔක්තෝබර් 2016) |
![]() | මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. (ඔක්තෝබර් 2016) |
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2016 ඔක්තෝබර්) |
රවි ශංකර්
රවි ශංකර් 1920 අප්‍රේල් මස 7 වන දින වාරණාසිහි බෙංගාලි පවුලක උපත ලැබුවේය. ඔහුගෙ මුල් නාමය වන්නේ රොබින්ද්‍රෝ ශොංකොර් චෞද්රී යන්නයි. ඔහු 20 වෙනි සියවසේ අග භාගය වන විට ලෝක ප්‍රසිද්ධ සිතාර් වාදකයකු මෙන්ම හින්දුස්තානි ශාස්ත්‍රීය සංගීත නිර්මාපකයෙකුද විය. ඔහු වයස අවුරුදු 13 දී තම සොහොයුරු උදය ශංකර්ගෙ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වී නර්තනය හා විවිධ සංගීත භාණ්ඩ වාදනය ප්‍රගුණ කලේය. ඔහු සිය සොහොයුරාගේ නර්තන කණ්ඩායමට එකතු වී යුරෝපයේ සහ ඇමරිකාවේ සංචාරය කළ අතර ඒ අතරතුර ප්‍රංශ භාශාව, බටහිර ශාස්ත්‍රීය සංගීතය, සංගීතය සහ චිත්‍රපට සංගීතය හොඳින් ප්‍රගුණ කළේය. ඔහුට අවුරැදු 18 වන විට නර්තන කණ්ඩායමෙන් සමු ගත්තේ මයිහාර් ඝරානාවේ නිර්මාතෘ සංගීතවේදී අල්ලා උද්දින් ඛාන් යටතේ සිතාර් වාදනය හැදෑරීමටය. ඔහු ඝරානා ක්‍රමයට අනුව අල්ලාඋද්දීන් ඛාන්ගේ නිවසේම ජීවත් වෙමින් මයිහාර් ඝරානාවට අනුව සිතාර් සහ සූර්බහාර් වාදනයද, රාග, ඛ්‍යාල්,ධ්‍රැපද්,ධමාර් ආදී සංගීත ශෛලීන්ද රුද්‍ර වීණා,රබාබ් සහ සූර්සිංගාර් ශිල්ප ක්‍රමද ප්‍රගුණ කළේය. රවි ශංකර් තම ප්‍රථම ප්‍රසංගය 1939 වර්ෂයේදී ප්‍රවීණ සරෝද් වාදක උස්තාද් අලී අක්බර් ඛාන් සමග ජුගල්බන්දී වාදනයක් ලෙස ඉදිරිපත් කළේය. ඔහු වයස අවුරුදු 24 වන විට සංගීත හැදෑරීම සම්පූර්ණ කොට මුම්බායිහි Indian People's Theatre Associationට සම්බන්ධ වී බැලේ නාටක කිහිපයක සංගීත නිර්මාණ කටයුතු සිදු කලේය. වයස අවුරුදු 25දී සාරේ ජහාන් සේ අච්චා හින්දුස්තාන් හමාරා ගීතය ප්‍රතිනිර්මාණයක් ලෙස එළි දැක්වීය. ඔහු 1949 සිට 1956 දක්වා "ඕල් ඉන්ඩියා රේඩියෝ" හි සංගීත අධ්‍යක්ෂක ලෙස ක්‍රියා කලේය. එහි ජාතික වාද්‍ය වෘන්දයක් ස්ථාපිත කොට හින්දුස්තානි හා බටහිර ශාස්ත්‍රීය සංගීත ක්‍රම මුසු කරමින් විවිධ සංගීත නිර්මාණ කටයුතු සිදු කළේය. 1950 වර්ෂයේදී ඔහු සත්‍යජිත් රායිගේ අපු ත්‍රිලෝගී චිත්‍රපටයටත් ඉන්පසු ගෝදාන්,අනුරාධා වැනි චිත්‍රපට වලටත් සංගීත නිර්මාණය කළේය. ඔහු අමරිකාවේ සහ යුරෝපයේ සංචාර අරම්භ කලේ ඉගැන්වීමෙන් සහ ඉදිරිපත් කිරීමෙන් ඉන්දියානු සංගීතය ලොව සුපතල කිරීමේ අරමුණු සහිතවය. ඔහු යුරෝපා රටවල වැඩමුළු පවත්වමින් එම රටවල් වල ජනතාවට හින්දුස්තානී රාග සම්බන්ධ දැනුම ලබා දුන්නේය.ඔහු ලන්ඩනයේදී තම ප්‍රථම සංගීත එකතුව පටිගත කල අතර 1956දී එය එළි දැක්වීය. 1951 සිට බටහිර රටවල සංචාරය කළ ඔහු ඉන්දියානු නොවන චිත්‍රපට වල සංගීතය නිර්මාණය කළ ප්‍රථම ඉන්දියානුවා බවට පත් විය. 1952 දී බටහිර වයලින් වාදක යෙහුදි මෙනුහින් හමු වූ අතර ඔහු සමග වාදන කිහිපයක් ඉදිරිපත් කළේය. ඔහුගේ වාදන සඳහා තබ්ලාවෙන් සහාය වූ ප්‍රධානම තබ්ලා වාදකයා වන්නේ උස්තාද් අල්ලා රක්ඛා වේ.
1962දී ඔහු කින්නර නම් සංගීත විද්‍යාලයක් ආරම්භ කළේය. 1966දී "බීට්ල්ස්" හි ගිටාර් වාදක ජෝජ් හැරිසන් හමු වූ අතර හැරිසන් ශංකර්ගෙන් සිතාර් වාදනය සහ ඉන්දියානු සංගීතය උගත්තේය. මෙම හමු වීම රවි ශංකර්ගේ ජනප්‍රියත්වය දියුණු කිරීම සඳහා දැඩි ලෙස බලපෑවේය. රවි ශංකර් 1967 දී Monterey pop festivalහි යෙහුදි මෙනුහින් සමග කළ east meets west වාදනය වෙනුවෙන් ග්‍රැමී සම්මානය ලැබුණි.. හැරිසන් තමා උගත් ඉන්දීය සංගීතය ඇසුරින් නිර්මාණය කල ඇතුලත් ඇල්බමය සඳහා එම වසරේම ග්‍රැමී සම්මානය ලැබුණි. එම වසරේම රවි ශංකර් තම කින්නර සංගීත විද්යාලයෙ බටහිර සංගීතශාඛාවක් ලොස් ඇන්ජලීස් හි ස්ථාපිත කළ අතර 1968දී තම ස්වයං චරිතාපදානය my music My life රචනා කළේය. 1970දී රවි ශංකර් California university of Artsහි ඉන්දීය සංගීත අධ්‍යයනාංශාධිපති බවට පත් විය.
1970 සහ 1980 දශකය තුල ඔහු ලෝකයේ සංචාරය කරමින් තම මධුර සංගීතයෙන් ලෝකයේ ජනයා අමන්දානන්දයට පත් කිරීමට සමත් වුයේය. 1970දී ඔහු London Symphony Orchestra සමග වාදනයක් ඉදිරිපත් කළේය.එසේම ඔහු හට එම වසරේ තවත් ග්‍රැමී සම්මානයක් ලබුණි. 1982දී රවි ශංකර් ගාන්ධී නම් චිත්‍රපටයට කළ සංගීත නිර්මාණය වෙනුවෙන් Academy Awardsහි හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා යෝජනා විය. 1986 සිට 1992 වර්ෂය දක්වා මොහු රජීව් ගාන්ධී ගේ ආරධනය පරිදි ඉන්දීය පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස පත් විය. 1999 දී මෙතුමා භාරත් රත්න නම් උතුම් ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේය.
ඔහුගෙ දියණිය අනෝශ්කා ශංකර්ද සිතාර් වාදන ශිල්පිනියක් බවට පත්වී ඇත.
ඔහුගේ වාදන ශෛලියේ සුවිශේෂීතා මොහුගේ විශේෂත්වය වුයේ ඔහු කර්ණාථක තාල තාල පද්ධතියේ ආභාෂය ලබමින් වෙනස් වු සංගීත ක්‍රමයකට නැඹුරු වීමයි. ඔහු තම ඒකල වාදන ආරම්භ කලේ ධ්‍රැපද් ආභාශය සහිත ලද ආලාප්, ජෝඩ් සහ ජලා වදන වලින්ය. ඉන්පසු ඛ්‍යාල් ශෛලියට අනුව තබ්ලා වාදන ඛණ්ඩයක් සමග ගත් වාදනය ආරම්භ කෙරේ.. ශංකර්යන් බොහෝ විට තම වාදනය අවසන් කරන්නේ තුම්රි විශේෂයට අදාල කොටසකිනි. ආලාප් වාදනයේදී මන්ද්‍ර හා අති මන්ද්‍ර ස්වර බහුලව භාවිත කිරීම මොහුගෙ වාදන වල දැකිය හැකි විශේෂත්වයකි. එසේම ප්‍රධාන තත වාදනයේදී එම බෝල් තාරයටම(ප්‍රධාන තතට ) පමණක් සීමා වී දෙවන තත කම්පනය නොකර වාදනය කිරීම ඔහුට සුවිශේශී ක්‍රමයකි.එසේම සම්ප්‍රදායෙන් බැහැර සුවිශේශී වූ තාල රූප භාවිතයද ඉතා සුවිශේශී ලක්ෂණයකි.මොහුගේ වාදන ක්‍රමය ගත්කාරී ලෙස හැඳින්වේ.විලම්භ ලයෙන් ආරම්භ වී අති දෘත ලය දක්වා වර්ධනය වීමද විශේෂ ලක්ශනයකි.එසෙම ක්‍රින්තන් නම් අලංකාර ක්‍රමය බහුල ලෙස භාවිත කිරීමද විශේෂ ලක්ෂනයකි. රවි ශංකර්ගේ ක්‍රමයට අනුව සිතාරය සුසර කරනු ලබන්නේ ස ස ප ස ප ස ම ස්වර වලටය.ආඝාත (strokes)සඳහාප්‍රධාන තැනක් ලැබේ.මොහු ධමාර්,ධ්‍රැපද් ශෛලිය මූලික කොටගත් තමාටම අනන්‍ය වූ සුවිශේෂී වාදන ක්‍රමයක් අනුගමනය කළේය. මයිහාර් ඝරානාවේ භාවිතා කෙරෙන තුම්බා දෙකක් සහ තත් 7ක් සහිත ඛරජ් පංචම් සිතාර් රවි ශංකර්ගේ වාදන ක්‍රමය සඳහා භාවිතා කෙරේ.
පණ්ඩිත් රවි ශංකර් නිර්මාණය කරන ලද රාග • නට් භෛරව් • අහීර් ලලිත් • රසියා • යමන් මන්ජ් • ගුන්ජි ඛාන්හඩා • ජනසම්මෝදිනී • තිලක් ශ්‍යාම් • බෛරාගී • මෝහන් කෞන්ස් • මිශ්‍ර ගරා • පන්චම් සේ ගරා • පූර්වි කල්‍යාන් • කාමේශ්වරී • ගංගේශ්වරී • රන්ගේශ්වරී • පර්මේශ්වරී • පලස් කාෆී • ජෝගේශ්වරී • චාරු කෞන්ස් • කෞශික් තෝඩී • භවානී භෛරව් • බෛරාගී තෝඩී • බන්ජාරා • පීලු බන්ජාරා • සුරංජනී
ඔහු තම සංගීත දිවිය තම ජීවිතය අවසන් වන තුරුම නිමා කලේ නැත. එතුමා 2012 දෙසැම්බර් 11 වන දින ලොවෙන් සමු ගත්තද ඔහු මෙලොව සංගීතයට කල උතුම් වූ සේවය සංගීත ලෝලීන්ගේ සිත් තුල සදා අමරණීය වනවාට කිසිදු සැකයක් නැත.
ඔහු ලබාගත් සම්මාන Sangeet natak academy award 1962 පද්ම භූෂන් සම්මානය 1967 පද්ම විභූෂන් සම්මානය 1985 කාලිදාස සම්මානය 1987 භාරත් රත්න සම්මානය 1999 Ramon Magsaysay Award (1992) Berlin International Film Festivalහි කාබුලිවාලා චිත්‍රපටය වෙනුවෙන් සම්මාන1957 Fukuoka Asian Culture Prize 1991 Polar Music Prize (1998) තාගෝර් සම්මානය 2013
ඔහුගේ ශිෂ්‍යයන්
o උමාශංකර් මිශ්‍ර
o ගෝපාල් ක්‍රිශ්ණ
o ජයා බෝස්
o ශංකර් ඝෝශ්
o කාර්තික් කුමාර්.
- 2016 ඔක්තෝබර් සිට ගැනෙන පිටපත සංස්කරණය ඇවැසි විකිපීඩියා ලිපි
- Articles with invalid date parameter in template
- Wikipedia external links cleanup from ඔක්තෝබර් 2016
- Wikipedia spam cleanup from ඔක්තෝබර් 2016
- ඔක්තෝබර් 2016 සිට ගැනෙන විකිපීඩියා හැඳින්වීම ශුද්ධපවිත්ර කිරීම
- ශුද්ධපවිත්ර කිරීම අවශ්‍ය සියළු පිටු
- මුඛ්‍ය ඡේදය නොමැති පිටු
- 2016 ඔක්තෝබර් සිට ගැනෙන අනාථ ලිපි
- 2016 ඔක්තෝබර් සිට ගැනෙන වැඩිමනත් මූලාශ්‍ර දැක්වීම අවැසි ලිපි