රයිගම සිතුවම් සම්ප්රදාය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

රයිගම් සිතුවම් සම්ප්‍රදාය

රයිගම චිත්‍ර සම්ප්‍රදාය කොටස් දෙකකට බෙදේ. ඉන් එක් කොටසක් වූ කලී ක්‍රි.ව 1800ට පෙර යුගයේ සම්ප්‍රදාය යි. එම සිතුවම් අපට දැක ගත හැකි වන්නේ කෙසෙල්හේනාව රජමහා විහාරයේ හා පොකුණුවිට කිත්සිරිමෙවන් රජ මහා විහාරයේය. ඒවායේ සෙංඛඩගල යුගයේ මූලික ලක්ෂණ පෙන්නුම් කෙරේ. රතු පසුබිමේ අදින ලද පැතැලි චිත්‍ර හා සිංහල සම්ප්‍රදායේ පලාපෙති ආදී මොස්තර පිළිඹිබුවේ.

රයිගම් චිත්‍ර සම්ප්‍රදායේ දෙවැණි යුගය වන්නේ ක්‍රි.ව 1800න් පසු යුගයයි. පරංගින් විසින් රයිගම වෙහෙර විහාර විනාස කළ පසු ඒවා නැවත ගොඩ නැන්වීමට ඉංග්‍රීසි පාලන යුගයේ ක්‍රි.ව 1800 වන තුරුම අවසර නොලැබින. එම ශතවර්ශයේදී  ඉංග්‍රීසි රජය විසින් බෞද්ධයින්ටද වෙහෙර විහාර තැනීමට අවසර ලබාදුනි.

දීර්ග කාලයකට පසු රයිගම් කෝරළයේ වැසියන්ද වෙහෙර විහාර කර්මාන්තය ආරම්භ කළේය. එවකට සිටි සිතුවම් ශිල්පීන් බටහිර චිත්‍ර කලාව මත පිහිටි චිත්‍ර ශිල්පීන් විය. ඔවුන් පන්සල්වල සිතුවම් ඇදීමට පළමු පැරණි නුවර යුගයේ සිතුවම් කලාව අධ්‍යනය කළේය. මෙම වියන් සම්ප්‍රධායේ බටහිර සිතුවම් කලාවේ අභාෂය තුළින් විහාර සිතුවම් නැගීම නිසා යස අපූරු චිත්‍ර සම්ප්‍රදායක් රයිගම් කොරළයෙන් බිහිවිය. මෙය අප දිවිතීක රයිගම් සම්ප්‍රදාය ලෙසින් හඳුන්වයි. පසුව එය පහතරට සෙසු කලාපයන් කෙරෙහිද පැතිර ගියේය.

රයිගම් දිවිතීක සිතුවම් සම්ප්‍රදායේ සිතුවම් දක්නට ලැබෙන විහාරස්ථාන වන්නේ හොරණ ඔළබොඩුව පුරාණ පංසල, ඉංගිරිය දීපාලෝක මහා විහාරය, හඳපාන්ගොඩ ගණේ විහාරය, කඳනපිටිය දෙගම්තිලකාකාරාමය, ගුංගමුව පුරාණ විහාරය, උරුගල තපොධනාරාමය, පොකුණුවිට රජ මහා විහාරය, කෙසෙල් හේනාව වියන් සිතුවම්, පානදුර රන්කොත් විහාරීය සිතුවම් හා රයිගම් කෝරළයෙන් පරිබාහිරව තොටගමු රජමහා විහාරයේ සිතුවම් මෙම දිවිතීක රයිගම් සිතුවම් සම්ප්‍රදායට අයත්වේ.

මෙම සම්ප්‍රදායේ විශේෂත්වයන් නම් බටහිර උරුවට නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය  ප්‍රති නිර්මානය කිරීමට ගත් උත්සාහයකි. නුවර සම්ප්‍රදායේ  මෙන් පසුතලය සඳහා රතු පැහැය දිවිතීක රයිගම් සිතුවම් වල එතරම් යොදා ගෙන නොමැත. ඒ වෙනුවට නිල් හා ගුරු පැහැ පසු තලයේ සිතුවම් ඇඳීමට වැඩි ඇල්මක් දක්වා ඇත. විශේෂයෙන් නිල් පැහැ පසුබිම මෙම රයිගම් සම්ප්‍රදායේ අනිවාර්ය ආවේනික ලක්ෂණයක් ලෙසින් විශේෂයෙන් කැපීපෙනේ. ඉහත සඳහන්කල සෑම විහාරස්ථානයකම ඒ ලක්ෂණය දක්නට ලැබේ. සිතුවම් වර්ණ ගැන්වීමේදී නිල්, කහ, රතු, කලු වර්ණ වලට ප්‍රමුඛත්වයක් ලබාදී ඇත.

සමකාලීන ඇදුම් පැළදුම් හා සමාජීය තත්වය සිතුවම් සුළින් පිළිඹිබුවීමය. එකල සමාජයේ පැවති රේන්ද වැඩ සහිත බොරිච්චි කබාකුරුත්තා,  හිස් වැසුම්, ගෘහ නිර්මාණය මේවායින් දැක්වේ. බුද්ධ කාලීන පසුබිම දැක්වීමේදී නමුත් සිතුවම් අදින සමයේ තක්කාලීන සංස්කෘතික අංග  තුළින් නිරූපණය කිරීමට උත්සාහ දරා ඇත. බටහිර සිතුවම් වලින් ලද අභාෂය සෙංඛඩගලයුගයේ පතැලි චිත්‍ර ආර මත නිරිපණය කිරීමට ශිල්පීන් ගත් උත්සාහය නිසා දිවිතීක යුගයේ රයිගම් චිත්‍ර සම්ප්‍රදාය ජනිත වී ඇති බව පැහැදිළිව පෙනීයයි. එහි එයටම ආවේනික වූ අපූරවතම අලංකාරයක් ඇත.

රෝස මල් රටා, ලීලී මල් මෙම සිතුවම් සදහා වල මොස්තර නිර්මානය සඳහා යොදා ගෙන ඇත. සිතුවම් අදින යුගයේ රයිගම පුරුෂයින් හා කාන්තාවන් ඇදි ඇදුම් ආයිත්තම් හා ගෘහ නිර්මානය දක්වා ඇති නිසා එකල සමාජයේ රයිගම ජන ජීවිතය ගැන යම් අවබෝධයක් ලබා ගත හැකිය.

මේ අපූරු සිතුම්කලාව වෙනස් කම් සහිතව හෝ පසුතලයට නිල් පහැය යොදා ගැනීම, ගුරු, නිල්, රතු, කලු වරණ සංකල්නය කරමින් වර්තමානයේ බිහිවන විහාරස්ථානවල  සිතුවම් අඳිමින් මෙම සම්ප්‍රදාය වැඩි වර්ධනය කර ගනිමින් ඉදිරියට ගෙන යෑම වත්මන් චිත්‍ර ශිල්පීන්ගේ වගකීමකි.

එමෙන්ම ශතවර්ෂයක් පමණ පැරණි සිතුවම් නිසා මේම සිතුවම් කාලයාගේ ඇවෑමෙන් විනාස වෙමින් පවතී. එම නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු මග පෙන්වීම සහිතව මෙම විහාර සතුවම් ප්‍රති නිර්මාණය කර ආරක්ෂා කරන්නේ නම් අතිශයින් වටී.