රයිගම දසවන අලකේෂ්වර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

රයිගම දසවන අලකේෂ්වර

ගිරි වංශාභිජාත වණිඛ් වංශයේ පළමු අලකේෂ්වර විරුදය ලත් අලගක්කෝනාරවරයා මහා පරාක්‍රමබාහු රජ දවස සිටිබව සෙනරත් පරණවිතාන මහතා කිත්සිරිමෙවන් කැළණි විහාර සෙල්ලිපියේ අලකේෂ්වර පුස්තක ඇසුරෙන් දක්වයි. මේ අතර ඉබන් බතුතා නම් සංචාරකයා මෙරටට පැමිනෙන විට මෙරට පාලකයා වූයේ දස වන අලකේෂ්වරයානන්ය. එවකට හෙතෙම මහලු වියේ සිටි පාලකයෙකි. නමුත් ඔහු රයිගම පැමිනෙන සමය වන විට එකොලොස්වන අලකේෂ්වර නම් රජුගේ පුත්‍රයා විසින් රජුව බලයෙන් පහකොට බලයට පත්ව සිටියේය.

ක්‍රි.ව 1344 දී කිත්සිරිමෙවන් කැළණි විහාරය දියුණු කළ ඔහුගේ සමය වන විට රයිගම මහත් බලයක් ගොඩනගාගෙන පැවති බව පෙනේ. මෙයට හේතු වූයේ කුරුණෑගල හා ගම්පල රජකළ රජුන්ගේ දුර්වල පාලනය හා ඔවුන්ට නිරන්තරව එල්ල වූ ආර්ය චක්‍රවර්තී ආක්‍රමණයන් හා වන්නි ප්‍රධානීන්ගේ ප්‍රහාර හමුවේ දුර්වලව පැවතීමයි.  අලකේෂ්වරවරුන්ගේ  ජන්මභූමිය රයිගම බව නිකාය සංග්‍රහයේ ‘ජන්ම ප්‍රෙව්ණි වූ රාජග්‍රාම පුර“ යැයි සඳහන් වීමෙන් පසක්වේ. (41 පිට) මෙහි රාජග්‍රාම පුර, රදළ ග්‍රාම යනු යනු එවකට රයිග් පුරය හැදින්වූ නාමයකි. මෙසේ කීර්තිමත් හා බලවත් වංශයක් බවට පත්වීමට මෙම ගිරි වංශිකයන් මහත් වෙහෙස මහන්සි වී කටයුතු කළ බව පෙනේ. ඔවුන්ගේ විජිතය වූ රයිගමද එයට සාපේක්ෂව  බලවත් විය.

ක්‍රි.ව 1344 දී පිහිටවා ඇති කිත්සිරිමෙවන් ලිපියේ එම විහාරය සෑදීමේ කටයුතු වලට ‘සංඝරාජ විල්ගම්මුල‘ නාහිමියන්ට ප්‍රධාන අනුග්‍රහය දැක් වූ අමාත්‍ත්‍යයෝත්තම නිශ්ශංක අලකේෂ්වරයන්ව මහත් ශ්‍රී යෙන් වර්නා කර ඇත. ‘සියළු ජරාවැස කර්මාන්ත කුෂලය විශිෂ්ට වඤ්චි (වාණිජ) කුලෙන් පැවත එන නිශ්ශංක අලකක්කෝණාර නම් අමාත්‍ය ශේෂ්ඨයානනන් පරපුරෙන් පැවත එන දසවැනි අලගක්කෝණාර නම් අමාත්‍යෙයා්ත්තමයානන් උපස්ථම්භ කරවා“ ලෙසින් දැක්වේ. මෙසේ ඉහළ ගනයේ විහාර පුජාවකදී රජු මුල්වූවානම් රජුගේ නාමය සඳහන් කිරීම අනිවාර්යවේත නමුත් මේ පුජාවන් කිසිවකට කුරුණෑගල හෝ ගම්පල එවකට රජකළ රජුන්ගේ නම් සදහන් නොවීමෙන් දසවන අලකේෂ්වර පාලකයා ස්වාධීන පාලකයෙක් ලෙස කටයුතු කළ බව පෙනී යයි.

මේවන විට කුරුණෑගල හා  ගම්පළ අතර පාලන බලය දෝලනය වෙමින් පැවති සමයක් විය. හතරවන භුවනෙකබාහු රජ ගම්පල රජවන විට කුරුණෑගල පස්වන විජයබාහු නම් රජෙක්ද සිටි බව කියවේ.  ඇතැම් රජ වරුන්ට සිය විජිතය පවා ආරක්ෂා කර ගැනීමට ශක්තියක් පැවතියේ නැත. මෙවන් තත්වයක් තුළ යම් දේශපාලන හා ආර්ථික ස්ථාවරත්යක් ඇතිව සිටියේ රයිගම පමණි. මේ නිසා රයිගම අගකේෂ්වරයන්ගේ බලයට රජවරුන්ට බලපෑමක් කළ නොහැකිවිය.

 සමකාලීන කෑරගල සෙල්ලිපියේ මෙසේ සඳහන්වේ. සිරිසඟබෝ ශ්‍රී විජයබාහු  මහා රාජයානන්ට එකොලොස් වැන්නේ දි අර්ථනායක දළසෙන්ගමු මිගන්තරුන් තමන් ලඟ වුන් අලගක්කෝණාර පාදයාගේ සහෝදර බුහුණයන් පද්මාවතීන්ට වැදපුදා ගන්නට කරවූ කෑරගල විහාර ... ලෙසින් සඳහන්වේ. මෙයින් අලකේෂ්වර පවුලේ බලය විවාහ සබදතා තුළින් වර්ධනය කරගත් ආකාරය පැහැඳිවේ. මෙහි අලගක්කෝණාර පාදයානන් ලෙසින් දක්වා ඇත්තේ දසවන අලකේෂ්වරයානන්ගේ ඥති  සොහොයුරෙක් වන පසුව රයිගම මහත් බලයක් ගොඩ නගා ගන්නාවූ ප්‍රභූ රාජ මහා නිශ්ශංක අලකේෂ්වරයානන්ය.(දොළොස්වනඅලකේෂ්වර)

ඉබන් බතුත්තා  නම් සංචාරකයා මෙරටට පැනෙන විට දසවන අලකේෂ්වරයානන්ගේ ප්‍රත්‍රයා පියාගේ ඇස් අන්ද කර බලය පැහැර ගෙන එකොස්වන අලකේෂ්වර නමින් බලයට පත්ව සිටි බවය. මේ අනුව මේ අරඹුද පිරි අවිචාරවත් සමයේ අලකේෂ්වර පවුලේ පවා අර්බුද පැවති බව පෙනේ. එකොලොස්වන අලකේෂ්වර සිය පියාටත් වඩා ස්වාධීන පාලකයෙකු ලෙස කටයුතු කරන්නට උත්සාහ කළ බව පෙනේ. කෙසේ නමුත් දසවන අලකේෂ්වර සමයේදී රයිගම දියුණු විය. නගරයේ ගොඩනැගිලි බොහොමක් තැනින. ඉබන් බතුත්තා යාපනයේ ද, ගම්පළද, සංචාරය කර අනතුරුව රයිගමට පැමිනේ. හෙතෙම රයිගම පාලකයා ලංකාවේ සුල්තාන්වරයා (පලකයා ) ලෙසින් හඳුන්වා ඇත. එයින්ම රයිගම එවකට පැවති බලපරාක්‍රමය පැහැදිළිවේ.    

තවදුරටත් ඉබන් බතූතා රයිගම නගරයේ ශ්‍රී විභූතිය විස්තර කරයි. අලකේෂ්වර පාලකයාට සිටි ඇලි ඇතෙක් එනම් සුදු ඇතෙක් ගැන මහත් අභිරුචියකින් වර්ණනා කරයි. එම සත්වයා එවකට ජාතික වස්තුවක් ලෙස සැලකූ බව හෙතෙම පෙන්වා දෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=රයිගම_දසවන_අලකේෂ්වර&oldid=441891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි