රජ්ජුමාලා

විකිපීඩියා වෙතින්
රජ්ජුමාලා
අධ්‍යක්‍ෂණයඅනුර චන්ද්‍රසිරි
කතාවස්තුවඅනුර චන්ද්‍රසිරි
නිශ්පාදනයචිත්‍රාණි හිඳුරංගල
සංගීතයනාලක අන්ජන කුමාර
නිකුත්වූ දිනය
21/10/2004
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රජ්ජුමාලා යනු 2004 වසරේ දී තිරගත වූ සිංහල චිත්‍රපටියකි. මෙහි ඇති විශේෂත්වය වනූයේ බන්දු සමරසිංහ විසින් හාස්‍යෝත්පාදක රංගනයෙන් මිදී අද්භූත චරිතයකට රඟපෑමයි.

කතාව[සංස්කරණය]

සේකර(බන්දු) අවුරුදු 40ක් වයසැති වලව් උරුමක්කරුවෙකි. ඔහුගේ මව අංශභාගී රෝගියෙකි, ඇය ජීවිකාව ගෙනයන්නේ රෝද පුටුව ආදාරයෙනි. ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු වලදී අන් ව්‍යාපාරිකයන් සමඟ සහයෝගීතාවයක් හෝ සම්භන්ධතාවයක් නොවීය. සේකර දවල් හීන ද දකින්නෙකි. ඔහු දකින හැම සිහිනයකම තමන් මරා දමන දර්ශන වීය. ඔහු බටහිර සංගීතයට කැමැත්තක් දක්වයි. ඔහු බැලේ නැටුම් නැරඹීමට ද යයි.

සේකර විවාහ වූ පුන්‍යා(දිල්හානි) සමඟ රාත්‍රියේදී එකට සිටිම සේකරගේ මව තහනම් කලා ය. සේකර එක් දිනක් උමතුවෙන් මෙන් නිදන කාමරයේ සිටි තම මවගේ හිස පීරමින් සිටිනු දුටු පුණ්‍යා එය වලක්වා සේකර හට තරවටු කලා ය.

තවත් දිනෙක රාත්‍රියක පුණ්‍යා, සේකර නිද යහනෙහි නොමැති නිසා ඔහු සොයමින් ගියා ය. පසුව ඇය දුටු ඔහු නිවසෙහි සුරූපී වැඩකාරිය සමඟ එක්වී තිබෙන ආකාරය දැක අලවංගුව ගෙන ඇය දෙදෑතින් බදා පහර දී සේකරව මරා දමා සේකර දැකි සිහින ඔප්පු කරනු ලැබූවා ය.

රංගනය[සංස්කරණය]

සම්මාන[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රජ්ජුමාලා&oldid=422578" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි