රජරට ජයග්‍රහණය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ගජබාහු සමග සටන[සංස්කරණය]

ක්‍රි.ව. 1150 දී පමණ පරාක්‍රමබාහු රජු ඔහුගේ ඉදිරි ගමන ආරම්භ කළේ මලය දේශයේ බලය අල්ලා ගැනීමෙනි. මෙයින් ඔහුගේ නැගෙනහිර ප්‍රදේශයේ ආරක්ෂාව යුධමය වශයෙන් තහවුරු විය. ඉන් පසු ඔහු රජරට මායිමේ ප්‍රධානීන් කීප දෙනෙකුට එරෙහිව බල සේනා මෙහෙය වුයේය. මෙම යුද්ධ ව්‍යාපාරයේ අවසාන පියවර වුයේ ගජබාහුගේ හමුදා පරාජය කිරීමයි. ඉන්පසු දෙපාර්ශවය අතර කෙටි කලකට පමණක් යුද විරාමයක් ඇති විය.

tiny globe
සත්මහල් ප්‍රාසාදය, පන්සලක්

ඉන්පසු ඉතා ඉක්මණින් එදිරිවාදි කම් ඇරඹුණි. ගජබාහු ආරක්ෂාව පතා විදේශ රටවලින් පිහිට පැතුවේය. ඔහු සහ පරාක්‍රම බාහු අතර නැවත ආරවුලක් ඇරඹෙන විට විදේශවලින් පැමිණි මිසදුටු ආගම් අදහන ප්‍රභූන්ද රජරට හමුදාවේ සිටියහ. එහෙත් පරාක්‍රම බාහු රජරටට ආක්‍රමණයක් දියත් කළ නමුත් ඔහු ඊට සෘජුවම සම්බන්ධ නොවීය. එහෙත් එම ආක්‍රමණයට සම්පුර්ණ වශයෙන් වගකිව යුත්තා වුයේ ඔහුය. මෙය කෙදවිලයගේ ලේඛන පදනම් කර ගෙන ක්‍රියාත්මක කළ යුද්ධෝපායකි.

දක්ඛින දේශයේ හමුදා කලා ඔය මෝය අසල පිහිටි චල්ලවලාන නම් බලකොටුවට පහර දී එම බලකොටුව අල්ලා ගෙන ලංකාවේ බටහිර වෙරළ කලාපයේ බලය තහවුරු කරගත්හ. ඉන්පසුව හමුදාව උතුර බලා යාත්‍රා කළහ. අනතුරුව වර්තමාන මන්ෆර් අසල චුත්තකාර නොහොත් චුතුකාර (මුතු - පර) නැමැති ස්ථානයේ ගොඩ බැස්සාහ. මේ අතර ගජබාහුගේ වැව සමීපයේ දී ජ්‍යෙෂ්ඨ සෙනෙවියා වූ ගොකන්න පරාජයන් කීපයක අත්දැකීම් ලැබුවේය. ඔහුට ගජබාහුගෙන් යුද්ධ ආධාර නොහොත් අතිරේක බලසේනා ඉල්ලා ආයාචනා කිරීමට සිදුවිය. මෙම ආධාර ලැබුණ ද මලය දේශයෙන් ලත් සහයෝගයද ඇතිව පරාක්‍රමබාහුගේ සෙන්පති මහින්ද විසින් නැවත වරක් ගෝකන්නව පරාජය කළේය. පරාජය කොතරම් ප්‍රබලද යත් ගෝකන්න ඔහුගේ තනතුර අතහැර පළා ගියේය. ඔහුගේ ඉතිරි හමුදාව කැලයේ බලකොටුවක් ඉදිකළ අතර නැවතත් යුද්ධයට සහභාගී නොවුහ.

ක්‍රි.ව. 1153 වන විට පරාක්‍රමබාහුගේ සේනාවෝ පොළොන්නරුව ජයගැනීමට තරම් සුදුසු තත්ත්වයක සිටියහ. රක්ක සහ කණිෂ්ඨ සෙන්පතියෙකු වු ෂුඛ විසින් ගජබාහු නැවත වරක් නගරය අසල තැනකදී පරාජය කරන ලදී. ඒ සමගම රජරට අගනුවරද අල්ලා ගත්හ. ඔහු විසින් රජුද සෝලගංග සහ වික්‍රමබාහු නම් වු ඔහුගේ පුතුන් දෙදෙනාද සිර ගත කරන ලදහ. පරාක්‍රමබාහු පරාජිතයින් සම්බන්ධයෙන් උදාර ලෙස කටයුතු කළේය. ඔහු පරාජිත රජුට හා නගරවැසියන්ට සැළකිය යුතු ආකාරය ගැන ඔහුගේ සෙන්පතියාට නියෝග පවා පැනවුයේය.


"දිස්ත්‍රික් ප්‍රධානීන් සහ සෙසු නිලධාරීන් ජයග්‍රහණයෙන් උදම් වී යටත් රජු (ගජබාහු) මරා දමන්නේ නම් එය යුක්ති සහගත නොවේ. එමෙන්ම ජයගත්තවුන් නගරය මංකොල්ල කන්නේනම් හික්මීමකින් තොරව ජනයා පෙළන්නේ නම් එයද යුක්ති සහගත නොවේ. එබැවින් ඔබ වහාම එහි යායුතුය. නොහික්මුණු පිරිස් මෙල්ල කොට රජු ඔබේ ආරක්ෂාව යටතට ගත යුතුය. නගරයේ ආරක්ෂාව සැලසිය යුතුය."පරාක්‍රමබාහු රජු නියෝග කළේය .

කෙසේ වෙතත් පරාක්‍රමබාහුගේ හමුදා පිරිස් මෙම අණ පිළිපැද්දේ නැතැයි සඳහන් වේ. ඔවුහු පොළොන්නරුවේ නිවාසවලට පැන බඩු භාණ්ඩ කොල්ල කෑහ. රෙදි පෙරදි ආභරණ සොරකම් කළහ.

හමුදා පිරිස් විසින් පොළොන්නරුවේ සිදුකළ කොල්ලකෑම් පරාක්‍රමබාහුට අයහපත් ප්‍රතිඵල උදා කළේය. දක්ඛිණ දේශ හමුදාවේ ක්‍රියාකලාපයෙන් කෝපයට පත් ප්‍රභූන්ද ගජබාහුට පක්ෂ සංවිධානද, ගජබාහුගේ සෙන්පති ගොකන්නද එකතුව, ඒ වනවිට රට මැද සොරබොර සිටි රුහුණේ මනාභරණගෙන් උදව් ඉල්ලා ආයාචනා කළහ. මානාභරණ සහ ගජබාහු අතර සහයෝගිතාවයක් තිබුණු නමුදු යුද්ධය පැවති කාලයේ සිට අවස්ථාව පැමිණෙන තෙක් මානාභරණ අපක්ෂපාතීව සිටියේය. පරාක්‍රම බාහුගේ ජයග්‍රහණයත් සමගම වාගේ ඔහු අර්බුදයට මැදිහත් වු අතර රජරට ආක්‍රමණයට කටයුතු කළේය.

සටහන්[සංස්කරණය]

Conquest_of_Rajarata
"https://si.wikipedia.org/w/index.php?title=රජරට_ජයග්‍රහණය&oldid=389645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි